සුවඳ විලවුන් නිශ්පාදන වල භාවිතය සහ සාන්ද්‍රණය මත පළමුව කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්. ඒ Parfum, EDP, EDT, EDC ලෙස.
Parfum
15%-40% අතර සාන්ද්‍රණය
පැය 12ක් පමණ සුවඳ පවතී
eau de parfum (EDP)
10%-20% අතර සාන්ද්‍රණය
පැය 6-8 ක් පමණ සුවඳ පවතී
eau de toilette (EDT)
5%-15% අතර සාන්ද්‍රණය
පැය 4-6 පමණ සුවඳ පවතී
eau de cologne (EDC)
2% පමණ සාන්ද්‍රණය
පැය 2 පමණ සුවඳ පවතී
සුවඳ විලවුන් තෝරාගැනීමේදී තමාගේ රුචියට ගැලපෙන එකක් තෝරාගැනීම බොහෝ අසීරු වැඩක්, එහිදී බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ඒ මොහොතේ ටිකක් අතට ඉහගෙන බලන එක. ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක් නොවෙන්නෙ ඕනෑම සුවඳ විලවුන් වර්ගයක මුල් අවස්ථාවේ මිනිත්තු 15 ක් පමණ සහ පළමු පැය පහු වෙද්දි සුවඳ වෙනස් වෙන්න පුලුවන් නිසා. සාන්ද්‍රණය අඩු නම් පැය 3,4ක් ගත වෙද්දි සුවඳ නොපවතින්නත් පුලුවන්.
ඒ විතරක් නෙවෙයි මිලදී ගන්න අතර එක දිගට Perfume තුනකට වඩා සුවඳ බලන්න එපා. ඒක ඔබට සුවඳ නිවැරදිව දැනීමට බාධාවක් වෙන්න පුලුවන්.
ඒ වගේම ඔබ මිල අධික සුවඳ විලවුන් භාවිතා කරනවා නම් ඒවා තෝරාගැනීමේදී එහි Notes එහෙමත් නැත්නම් අන්තර්ගතය පිළිබඳව මිලදී ගන්න කලින් අන්තර්ජාලයෙන් පරික්ෂා කිරීම වඩාත් සුදුසුයි.
එහිදී බොහෝ විට Top Note 20% , Heart Note 40% සහ Base Note 40% ලෙස සංකලනය කරන බව කිවුවත් ඒවා හැම එකටම පොදු වෙන්නෙ නෑ. එකින් එකට ප්‍රතිශත වෙනස් වෙන්න පුලුවන්.
එයින් Top Note බොහෝ විට Citrus වැනි තීව්ර සුවඳක් තිබිය හැකි අතර, පළමු මිනිත්තු 15න් සුවඳ අවසන් වේ.
Heart Note යනු බොහෝවිට සුවඳ තීරණය වන එක් තීරණාත්මක ද්‍රව්‍යයක් වන අතර පළමු පැය පමණ පැවතී අවසන් වේ. Floral, Spices වැනි දෙයක් යොදාගෙන තිබිය හැක.
Base Note යනු Heart Note එකෙන් පසුව කාලයක් පවතින අනෙක් වැදගත්ම අමුද්‍රව්‍යයයි. එය පැය 06ක පමණ කාලයක් පවතී. ඒ සඳහා Sandalwood, Amber වැනි දෑ භාවිත කරයි.
මිලදි ගන්නා Perfume එකේ Notes කලින් සොයා බැලිමෙන් ඔබට කාලයත් සමඟ සුවඳට වෙන බලපෑම සහ වෙනස්වීම ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි.
ඒ වගේම Perfume එකේ Notes වලට අනුව සුවඳ හඳුනාගැනීමේදී එහි වර්ගීකරණය සඳහා Citrus, Floral, Fruity, Woody, Spicy වගේ කාණ්ඩ කිහිපයකට වෙන් කරගන්න පුලුවන්.
මේ කාණ්ඩ වලින් ඔබට රුචියක් දැනෙන කාණ්ඩය තෝරාගැනීමෙන් ඔබට ඒ ඒ කාණ්ඩය තුළ පහසුවෙන් තමන්ට ගැලපෙන Perfume එකක් තෝරගන්න පුලුවන්. ඒ වගේම තෑග්ගක් දෙන්න උනත් දැනට භාවිත කරන Perfume එකේ කාණ්ඩයේම එකක් තෝරගන්න පුලුවන්!
වැදගත් : Perfume භාවිතා කිරීමේදී මැණික් කටුව ළඟ තමයි හොඳම තැන කියන්නෙ, ඊට කලින් moisturizer එකක් ගාලා තිබ්බොත් වැඩි කාලයක් සුවඳ පවතීවි.