Perfume ගැන...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සුවඳ විලවුන් නිශ්පාදන වල භාවිතය සහ සාන්ද්‍රණය මත පළමුව කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්. ඒ Parfum, EDP, EDT, EDC ලෙස.

    perfume_strength.png


    Parfum
    15%-40% අතර සාන්ද්‍රණය
    පැය 12ක් පමණ සුවඳ පවතී

    eau de parfum (EDP)
    10%-20% අතර සාන්ද්‍රණය
    පැය 6-8 ක් පමණ සුවඳ පවතී

    eau de toilette (EDT)
    5%-15% අතර සාන්ද්‍රණය
    පැය 4-6 පමණ සුවඳ පවතී

    eau de cologne (EDC)
    2% පමණ සාන්ද්‍රණය
    පැය 2 පමණ සුවඳ පවතී

    සුවඳ විලවුන් තෝරාගැනීමේදී තමාගේ රුචියට ගැලපෙන එකක් තෝරාගැනීම බොහෝ අසීරු වැඩක්, එහිදී බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ඒ මොහොතේ ටිකක් අතට ඉහගෙන බලන එක. ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක් නොවෙන්නෙ ඕනෑම සුවඳ විලවුන් වර්ගයක මුල් අවස්ථාවේ මිනිත්තු 15 ක් පමණ සහ පළමු පැය පහු වෙද්දි සුවඳ වෙනස් වෙන්න පුලුවන් නිසා. සාන්ද්‍රණය අඩු නම් පැය 3,4ක් ගත වෙද්දි සුවඳ නොපවතින්නත් පුලුවන්.

    ඒ විතරක් නෙවෙයි මිලදී ගන්න අතර එක දිගට Perfume තුනකට වඩා සුවඳ බලන්න එපා. ඒක ඔබට සුවඳ නිවැරදිව දැනීමට බාධාවක් වෙන්න පුලුවන්.

    ඒ වගේම ඔබ මිල අධික සුවඳ විලවුන් භාවිතා කරනවා නම් ඒවා තෝරාගැනීමේදී එහි Notes එහෙමත් නැත්නම් අන්තර්ගතය පිළිබඳව මිලදී ගන්න කලින් අන්තර්ජාලයෙන් පරික්ෂා කිරීම වඩාත් සුදුසුයි.

    එහිදී බොහෝ විට Top Note 20% , Heart Note 40% සහ Base Note 40% ලෙස සංකලනය කරන බව කිවුවත් ඒවා හැම එකටම පොදු වෙන්නෙ නෑ. එකින් එකට ප්‍රතිශත වෙනස් වෙන්න පුලුවන්.

    එයින් Top Note බොහෝ විට Citrus වැනි තීව්‍ර සුවඳක් තිබිය හැකි අතර, පළමු මිනිත්තු 15න් සුවඳ අවසන් වේ.

    Heart Note යනු බොහෝවිට සුවඳ තීරණය වන එක් තීරණාත්මක ද්‍රව්‍යයක් වන අතර පළමු පැය පමණ පැවතී අවසන් වේ. Floral, Spices වැනි දෙයක් යොදාගෙන තිබිය හැක.

    Base Note යනු Heart Note එකෙන් පසුව කාලයක් පවතින අනෙක් වැදගත්ම අමුද්‍රව්‍යයයි. එය පැය 06ක පමණ කාලයක් පවතී. ඒ සඳහා Sandalwood, Amber වැනි දෑ භාවිත කරයි.

    මිලදි ගන්නා Perfume එකේ Notes කලින් සොයා බැලිමෙන් ඔබට කාලයත් සමඟ සුවඳට වෙන බලපෑම සහ වෙනස්වීම ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි.

    ඒ වගේම Perfume එකේ Notes වලට අනුව සුවඳ හඳුනාගැනීමේදී එහි වර්ගීකරණය සඳහා Citrus, Floral, Fruity, Woody, Spicy වගේ කාණ්ඩ කිහිපයකට වෙන් කරගන්න පුලුවන්.

    මේ කාණ්ඩ වලින් ඔබට රුචියක් දැනෙන කාණ්ඩය තෝරාගැනීමෙන් ඔබට ඒ ඒ කාණ්ඩය තුළ පහසුවෙන් තමන්ට ගැලපෙන Perfume එකක් තෝරගන්න පුලුවන්. ඒ වගේම තෑග්ගක් දෙන්න උනත් දැනට භාවිත කරන Perfume එකේ කාණ්ඩයේම එකක් තෝරගන්න පුලුවන්! 😁

    වැදගත් : Perfume භාවිතා කිරීමේදී මැණික් කටුව ළඟ තමයි හොඳම තැන කියන්නෙ, ඊට කලින් moisturizer එකක් ගාලා තිබ්බොත් වැඩි කාලයක් සුවඳ පවතීවි.

    🤘
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Fogg තමයි use කරන්නේ. Eau De Parfum.

    පැය 6 - 8 ක් වගේ තියනවා. ලං කරලා සුවඳ බැලුවොත් නම් 24 වගේ තියනවා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,733
    19,662
    113
    Oka accurate na ban. Nikamata high quality EDT ekak aran balahan sathiyak unath thiyenawa suwada heduwath yanne na
    Meka attha mata mathakai api AL class yana kaale adun kadekata gihin eke test karanna tibba EDP ekak gahala mage ea t shirt eke suwada sahena kal tibba heduwata giyet naha. Ea kaale nam eka 3000 k wage une dan nam 30 k wath athi ewa
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,493
    16,294
    113
    tfs.
    ඔයාලා මොනාද use කරන්නේ. කෙමිකල් සුවද නැති පලතුරු සුවද වගේ ඒවා මොනාද තියෙන්නේ. :confused::baffled:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Hariyatama kiyala tiyanawa.. notes tika nam atte.. mama dan gahanna woody smell ekak base ekata enne, maara gathi.. ekata tobacco set unaama kiyala wadak na. Man mehe hadana milton lloyds kiyala ekakin order keranne £8 50ml edp ekak masayak use kerahaki.. man gahanna kan pethi dekatai,bellatai ,collar ekatai , shirt eke kihili welatai.. ganunge prathichara hodai (suddiyange) heduwth yanne na.. ange warm eka eliyata dana than welata perfum spray keranna.. andumata gahuwama enne wena suwadak..

    Perfumer's Choice No 10 by Mojo - Fragrance for Men - 50ml Eau de Parfum, by Milton-Lloyd https://amzn.eu/d/bEpZXig

    sex walata attraction wena perfume thiyanwa.....
    Hodama perfum eka tamai dadiya..
    Hamata watila bacteria ekka react keranna kalin ena smell eka 😍😍 ekata gahanna perfume ekak loke na..
    ------ Post added on Sep 2, 2022 at 2:19 AM