හේතුව මොකක්ද බන්
Depression wage thamay. Suicide karaganna wena ithin reason ekak nehe ne.
ඩිප්‍රශන් කියන්නේ විහිලුවක් නෙමෙයි....
අංජන කියන්නේ psychology කාපු කෙනෙක්.. Psychology ගැන පරතෙරට ඉගන ගමින් සිටිය විශේෂවේදී උපාදිය හදාරමින් සිටිය කෙනෙක්.. අංජන ජීවිතය නැති කරගත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ! ආයෙත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියලා පතන්නම්
මේ කතාවෙන් මොනවද අපිට ගන්න පුලුවන්?
Psychology, Counseling ගැන ඉගන ගන්න ආසයි කියන messages 100ක් විතර දවසකට මට එනවා. මං ඒ හැමදෙනාගෙන්ම අහන්නේ ඔයාට negativity එකත් එක්ක deal කරන්න පුලුවන්ද කියලා විතරයි? Counseling කරනවා කියන්නේ ඔයාට සිද්ධ වෙනවා අනිත් අයගේ negativity එක උරාගන්න. ඒක නැවත දවස අවසානයේ ස්වාභාවදහමට දාගන්න බැරි වුනොත් ඒ negativity එක හෙමින් සීරුවේ අනිවාර්යයෙන්ම ඔයාව මරලා දානව. මේක ලෝකයේ ආදරණීයම සහ භයානකම රස්සාව...
ඒ වගේම අන්‍තිමට හැමදෙනාටම ආදරයෙන් කියන්නේ ඔයා කොච්චර ලොකු මනුස්සයෙක් වුනත්, ලෝකයේ හොදම mentor, counselor වුනත් ඔයාගේ පාලනය ඔයාට ඕනම වෙලාවක නැති වෙන්න පුලුවන්. ඔයාට මැරෙන්න හිතෙන්න පුලුවන්. ඒ වෙලාවට ඔයා ඉගන ගත්ත දේවල් ඔයාට අමතක වෙනවා. ආතතිය පාලනය කරගන්න බැරි වෙනවා! Stress එක කියන්නේ ඒ වගේ බලවත් දෙයක්. ඉතිං කාටවත් කියන්න බැරි දෙයකට හිර වෙලානම්, මැරෙන්න හිතෙනවානම් වහාම කතා කරන්න counselor කෙනෙක්ට, mentor කෙනෙක්ට... Hospital එකට ගිහින් ඔයාට මැරෙන්න ඕන කියලා කියන්න! අපි දන්නවා ඔයාව ජීවත් කරවන්න! දන්නවා ඕනම ප්‍රශ්නයකට ලස්සනට උත්තර හොයලා දෙන්න!
Hasintha Hewawasam