ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස

    DNA සැසඳීමෙන් සොයාගත් ඝාතකයා

    2009 වසරේදී ඇහැළියගොඩ එල්ලාවල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණයට ලක්කර ඝාතනය කළ සැකකරුවෙකු ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මගින් වසර 13 කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රේමසිරි සේනාරත්න නමැති පුද්ගලයෙකි.

    2009 ජූනි මස 23 වැනිදා ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කන්දේවත්තලාගේ පියුමි මාධවිකා ජයසිංහ නමැති 15 හැවිරිදි සිසුවියක් පාසල් ගොස් පැමිණ සිටියෙදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කර තිබුණි. ඇය දූෂණය කිරීමෙන් පසු මන්නයකින් හිසට පහරදී එල්ලාවල පිටකන්ද ප්‍රදේශයේ කඳු මුදුණකින් පහළට දමා තිබිණි.

    මෙම සිද්ධියට අදාළව එල්ලාවල ප්‍රදේශයේම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මේ වනවිට වසර විස්සක සිරදඬුවමක් විඳිමින් සිටියි.

    මේ අතරතුර 2019 වසරේදී ඇහැළියගොඩ දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු අනූවක මහළු කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රේමසිරි සේනාරත්න නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

    ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියෙදී පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරු සමගින් උඹ කන්නේ මගේ පරිප්පුවක් තමයි. කෙල්ලව මැරුවේ මම යැයි සඳහන් කර තිබේ.

    එය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි දූෂණ මර්දන නඩුවකට බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකුට ඇසී ඇත. ඔහු බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසු නැවතත් ඇහැලියගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තවත් දූෂණ මර්දන වැටලීමකදීය.

    එහිදී ඇහැලියගොඩ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ජී. උදයශාන්තට බන්ධනාගාරයේදී ඇසුනු කතාව සැකකරු විසින් පාපොච්ඡාරණය කර තිබිණි.

    ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත 2019 වසරේ දෙසැම්බර් 30 වැනිදා දිද්දෙණියේ මහළු කත ඝාතනයට බන්ධනාගාර ගතකර සිටි සැකකරුගෙන් ප්‍රශ්න කර ඔහු ඩී.එන්.ඒ. පරික්ෂණයකට යොමු කර ඇත. එම පරික්ෂණයේ වාර්තාව 2020 වසරේ මැයි 18 වැනිදා ලැබෙනු අතර එල්ලාවල ප්‍රදේශයේ දූෂණය කර මරා දැමූ පාසල් දැරියගේත් එම සැකකරුගේත් සාම්පල එමගින් ගැළපී ඇත.

    කෙසේ නමුත් ඩී.එන්.ඒ. වාර්තාව පැමිණෙන අවස්ථාවේදී එම සැකකරු ඇප මත මුදාහැර තිබුණු අතර ඔහු දිද්දෙණිය ප්‍රදේශයේ සිට පලිගල ප්‍රදේශයටත් එහි සිට තවත් ප්‍රදේශයකටත් නිවාස මාරු කර සැඟවී සිට ඇත. මේ සැකකරු සොයා සිදුකරන ලද විමර්ශන මගින් සැකකරු ඇහැලියගොඩ නියනකොළ ප්‍රදේශයේ සැඟවී සිටියෙදී පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.

    තමන් මේ සිසුවිය කෙරෙහි තැබූ ආශාවට ඇයව පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ බවත් අනතුරුව මන්නයකින් පහරදී ඝාතනය කර කන්දෙන් පහළට විසිකර දැමූ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් පාපොච්ඡාරණය කර ඇත. එමෙන්ම අපයෝජනය කර ඝාතනය කළ ස්ථානයද පොලිසියට පෙන්නා තිබේ.

    සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

    එෆ්. අස්ලම්
    http://www.aruna.lk/ඇහැළියගොඩ-සිසුවියගේ-නියම/
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කවද හරි අහුවෙනව බං ඕවා කරන උන්.
    ඒක ඇත්ත.perfect crimes නෑ..එක්කො වෙන්නේ දඩුවම් දෙන්නෙ නෑ ඉහලින් තියෙන බලපෑම් නිසා..හැබැයි අපරාදේ කරේ කවුද කියලා හැමෝම දන්නවා..නිකන් හිරේ ගිය මිනිහා තමයි පව්
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    929
    1,018
    93
    මරු පොලිසිය, වෙන එකෙක්ව හිරේ දාලා..අරු කියපු එක වෙන එකෙක්ට ඇහුන් නැත්තං ඉතිං තාම එලියෙ.
    ඒක තමයි බන්. හිරේ ගියපු එකා ඇයි ඒක පොලිසියට කිව්වෙ නැතුව වෙන මිනිහෙක් කියනකම් හිටියෙ. මාර මිනිස්සු මාර පොලිස්කාරයො
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මෙම සිද්ධියට අදාළව එල්ලාවල ප්‍රදේශයේම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මේ වනවිට වසර විස්සක සිරදඬුවමක් විඳිමින් සිටියි.
    :baffled: 20 ට ඇතුලට දැම්මේ කොහොමද බන් :angry: සාක්ෂි හදලා දාලද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කවද හරි අහුවෙනව බං ඕවා කරන උන්.ගොඩක් උන් හිතන්නේ අපරාධ කරල බේරිලා ඉන්න පුළුවන් කියලා.
    අහු වෙලා අවුරුදු 13ක් පරිප්පු කාලා තියෙන්නෙ වෙන එකෙක් වෙච්ච එකනෙ ප්‍රස්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113

    DNA සැසඳීමෙන් සොයාගත් ඝාතකයා

    2009 වසරේදී ඇහැළියගොඩ එල්ලාවල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණයට ලක්කර ඝාතනය කළ සැකකරුවෙකු ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මගින් වසර 13 කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රේමසිරි සේනාරත්න නමැති පුද්ගලයෙකි.

    2009 ජූනි මස 23 වැනිදා ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කන්දේවත්තලාගේ පියුමි මාධවිකා ජයසිංහ නමැති 15 හැවිරිදි සිසුවියක් පාසල් ගොස් පැමිණ සිටියෙදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කර තිබුණි. ඇය දූෂණය කිරීමෙන් පසු මන්නයකින් හිසට පහරදී එල්ලාවල පිටකන්ද ප්‍රදේශයේ කඳු මුදුණකින් පහළට දමා තිබිණි.

    මෙම සිද්ධියට අදාළව එල්ලාවල ප්‍රදේශයේම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මේ වනවිට වසර විස්සක සිරදඬුවමක් විඳිමින් සිටියි.

    මේ අතරතුර 2019 වසරේදී ඇහැළියගොඩ දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු අනූවක මහළු කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රේමසිරි සේනාරත්න නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

    ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියෙදී පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරු සමගින් උඹ කන්නේ මගේ පරිප්පුවක් තමයි. කෙල්ලව මැරුවේ මම යැයි සඳහන් කර තිබේ.

    එය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි දූෂණ මර්දන නඩුවකට බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකුට ඇසී ඇත. ඔහු බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසු නැවතත් ඇහැලියගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තවත් දූෂණ මර්දන වැටලීමකදීය.

    එහිදී ඇහැලියගොඩ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ජී. උදයශාන්තට බන්ධනාගාරයේදී ඇසුනු කතාව සැකකරු විසින් පාපොච්ඡාරණය කර තිබිණි.

    ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත 2019 වසරේ දෙසැම්බර් 30 වැනිදා දිද්දෙණියේ මහළු කත ඝාතනයට බන්ධනාගාර ගතකර සිටි සැකකරුගෙන් ප්‍රශ්න කර ඔහු ඩී.එන්.ඒ. පරික්ෂණයකට යොමු කර ඇත. එම පරික්ෂණයේ වාර්තාව 2020 වසරේ මැයි 18 වැනිදා ලැබෙනු අතර එල්ලාවල ප්‍රදේශයේ දූෂණය කර මරා දැමූ පාසල් දැරියගේත් එම සැකකරුගේත් සාම්පල එමගින් ගැළපී ඇත.

    කෙසේ නමුත් ඩී.එන්.ඒ. වාර්තාව පැමිණෙන අවස්ථාවේදී එම සැකකරු ඇප මත මුදාහැර තිබුණු අතර ඔහු දිද්දෙණිය ප්‍රදේශයේ සිට පලිගල ප්‍රදේශයටත් එහි සිට තවත් ප්‍රදේශයකටත් නිවාස මාරු කර සැඟවී සිට ඇත. මේ සැකකරු සොයා සිදුකරන ලද විමර්ශන මගින් සැකකරු ඇහැලියගොඩ නියනකොළ ප්‍රදේශයේ සැඟවී සිටියෙදී පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.

    තමන් මේ සිසුවිය කෙරෙහි තැබූ ආශාවට ඇයව පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ බවත් අනතුරුව මන්නයකින් පහරදී ඝාතනය කර කන්දෙන් පහළට විසිකර දැමූ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් පාපොච්ඡාරණය කර ඇත. එමෙන්ම අපයෝජනය කර ඝාතනය කළ ස්ථානයද පොලිසියට පෙන්නා තිබේ.

    සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

    එෆ්. අස්ලම්
    http://www.aruna.lk/ඇහැළියගොඩ-සිසුවියගේ-නියම/
    lankawe unge DNA database ekak haduwanam hari ban. Ochara amaru nane. Godak crime solve karaganna puluwan.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඒක තමයි බන්. හිරේ ගියපු එකා ඇයි ඒක පොලිසියට කිව්වෙ නැතුව වෙන මිනිහෙක් කියනකම් හිටියෙ. මාර මිනිස්සු මාර පොලිස්කාරයො
    කියන්න ඇති බං. පොලිසියෙ හැටි දන්නවනෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    Shawshank redemption මතක් වුණා. ලංකාවෙ නල්ල මලේ පොලෝසියෙ තවත් හපන්කමක් වගේ. අහක ඉන්න මනුස්සයෙක් මුලදි අල්ලන් මිනී මැරුම තමන් කරා කියලා පිළිගන්නකම් වද දෙන්න ඇති. දැන් අර තමන් නොකරපු වරදකට අවුරුදු 20 ක් හිරේ ගිය මනුස්සයට ලැබෙන සාධාරණේ මොකක් ද? 😐😑
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    පව් යකෝ මේ කොල්ලා..උගේ මුළු ජීවිතේම ඉවරයි

    ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ සිසුවිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට​

    🔻27 June 2009​

    ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ පාසල් සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ ඇහැලියගොඩ නගරයේ යාය පාර ප‍්‍රදේශයේදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක පමණ වූ තරුණයෙකු වන බව සඳහන්. සැකකරු භෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පාසල් සිසුවිය පසුගිය 23 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණිමෙන් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් ඇහැලියගොඩ පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ඇති
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    lankawe unge DNA database ekak haduwanam hari ban. Ochara amaru nane. Godak crime solve karaganna puluwan.
    ඔයා අපරාධයක් කලා නන්,ඒකට DNA එකක් කලා නන් ඒක තියෙනවා ඩේටා බේස් එකක..නිකන් මුකුත් හේතුවක් නැතුව DNA ඩේටා එකතු කරන එක ethical නෑ.

    කියන්න ඇති බං. පොලිසියෙ හැටි දන්නවනෙ
    හාවත් අන්තිමට මම වලහෙක් මම වලහෙක් කියලා කිව්වනේ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය

    පව් යකෝ මේ කොල්ලා..උගේ මුළු ජීවිතේම ඉවරයි

    ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ සිසුවිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට​

    🔻27 June 2009​

    ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ පාසල් සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ ඇහැලියගොඩ නගරයේ යාය පාර ප‍්‍රදේශයේදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක පමණ වූ තරුණයෙකු වන බව සඳහන්. සැකකරු භෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පාසල් සිසුවිය පසුගිය 23 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණිමෙන් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් ඇහැලියගොඩ පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ඇති
    dan 35k ne...uuta eliyata awith itin job krnnath ba uge life eka end
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    929
    1,018
    93
    හාවත් අන්තිමට මම වලහෙක් මම වලහෙක් කියලා කිව්වනේ
    අපරාධකාරයොන්ගෙ DNA එකතු කරලා ඩේටා බේස් එකක් හැදුව නම් හරි නෙ. ඒකෙන් අලුත් කේස් එකක් හම්බ උනා ම බලන්න විදියක් එක්ක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113

    පව් යකෝ මේ කොල්ලා..උගේ මුළු ජීවිතේම ඉවරයි

    ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ සිසුවිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට​

    27 June 2009​

    ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ පාසල් සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ ඇහැලියගොඩ නගරයේ යාය පාර ප‍්‍රදේශයේදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක පමණ වූ තරුණයෙකු වන බව සඳහන්. සැකකරු භෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පාසල් සිසුවිය පසුගිය 23 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණිමෙන් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් ඇහැලියගොඩ පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ඇති
    සිරි ලන්කන් පොලෝසිය. :angry:🤬
     
    Similar threads