අද මම train එකේ ආවේ. මගේ ඉස්සරහ සීට් එකේ මාස 6ක 8ක විතර පොඩි බබෙක් හිටියා අම්මා කෙනෙක්ගෙ(අම්මා කෙනෙක් කිව්වට පට්ට කෑල්ලක්) උකුලේ වාඩි වෙලා. මේ පොඩි එකා(කොල්ලෙක්) මාත් එක්ක හිනා වෙනවා ඉවරයක් නෑ. මගේ මූණ දිහාම බලන් ඉන්නවා වෙන කොහෙවත්ම බලන්නෙම නෑ. මගේ මූණ බලන් ඉඳලා මම උගේ මූණ බැලුව ගමන් හිනා වෙනවා. මාත් අතින් එක එක ඒවා කරලා පෙන්නනවා. මම පොඩි උන්ට පට්ටම ආදරෙයි. උන්ට ඒක තේරෙනවද මන්ද. ඔයිට කලින් දවසක් මට පොඩි එකෙක් තාත්තා කියනවා මගේ මූණ බලන්. තාත්තා තාත් තාත්තා කිය කිය යනවා. කෝච්චියේ ඉන්න උන්ට හිනා. ඒ බබාගේ අම්මා කියනවා තාත්තා නෙමෙයි පුතේ මාමා කෙනෙක් කියල. පොඩි උන් පට්ට හුරතල් නේද බන්. පොඩි එකෙක් හදන්න ආසයි එත් කෙල්ලෙක් නැහැනේ.
දැන් දකින දකින පොඩි එකාගේ තාත්තා මම කියල හිතෙනවා. 

