What is the most embarrassing moment in your life?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    What is the most embarrassing moment in your life? My story is below. I have posted the full story here few days ago

    මේක 2010දි මාතලේ පැත්තෙදි ලැබුනු අත්දැකීමක්. යුද්දෙ ඉවර උන අලුත. ලංකාවට travelling පිස්සුවක් හැදිල තිබුන කාලේ. පල්සර් 150යක් ( මැදමුලන මොඩල් 😂) අරන් මාත් වැඩේට එන්ටර් උනා. යාලුවො එක්කයි කෙල්ල එක්කයි ලංකාව පුරාම ගියා. පුරාම කිව්වට මේන්ලි central province තමයි. ( මට බීච් අවුල්.. වැලි ඇලෙනව.. ජරාව 😂) ඉතින් මෙක උනේ කෙල්ලත් එක්ක දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවක. මේන් රෝඩ් එකේ ඉඳල පහලට සෑහෙන බෑවුමක් තිබුන පාරක ගියෙ. කොහොම හරි පහල ගමට කිට්ටු වෙද්දි බලු නකුටෙක් ජීවිතේට බයික් එකක් දැකල නෑ වගේ බුරාගෙන පැන්න. පාරත් අවුල්. වලවල්. බයික් එක පේරලිලා ඇදිල ගියා. කොහොම හරි ආපහු නැගිටගත්ත ටිකකින්. ලොකු ආපදාවක් නෑ. ඝනකම ඩෙනිම්/ජැකට්/හේල්මට් නිසා ලොකු ආපදාවක් නෑ.. (නැත්තෙමත් නෑ.. එවෙලෙ දැනුන් නෑ.. දෙන්නගෙම පුප ඇතුලු ස්ථාන ගණනාවක් නිල් වෙලා තිබුන මාසයක් විතර යනකන් 😂😂) වැඩේ කෙලෝපු බල්ලත් දේසපාලුවෙක් වගේ මොකුත් නොවිච්ච ගානට දුවල අපි වැටුන සද්දෙට බය වෙලාද කොහෙද 😅. ගමේ ගෙවල්වලින් දැන් කට්ටිය එලියට එනව. අබිලින්ල විනාඩි දෙකක් යද්දි ගම ගිනි තියල ඉවරයි. ඒරොප්පෙන් ආපු ජෝඩුවක් ගම මැදේ පත බෑවුනා කියල 😂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    E0qSf0p.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,874
    152,636
    113
    ඒ වගේ සිද්ධි තමයි ජීවිතේ වැඩිපුරම වෙලා තියෙන්නෙ.:D එකක් කියලා විශේෂයෙන් කියන්න බෑ ඉතින්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    හොඳටම කර වෙලා ඉඳපු දවසක @erozan ගෙ අම්මත් එක්ක සීන් දාන්න සෙට් උනා ගල්කිස්සේ ගල් අස්සේ.. පොඩි එකෙක් ඇවිත් එබුනා කියහන්කෝ.. "අම්මේ බෝලේ මෙහෙත් නෑනේ " කියාගෙන. විලි ලැජ්ජාවේ බෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට හැම වෙලේම වෙන එම්බැරසින් සීන් එකක් තියෙනවා:rofl:
    සාමාන්‍යයෙන් බිම බලාගෙන යන්නේ, අනිත් පැත්තෙන් කවුරුවත් ආවොත් පේන්නේ නෑ

    ගිය සතියේ පඩිපෙලක් බැහැගෙන එද්දි අක්කා කෙනෙක් face-to-face
    මං මෙහාට වෙනවා, එයා එහාට වෙනවා, මං මෙහාට එයා එහාට, මං මෙහාට එයා එහාට
    අන්තිමේදි මං නැවතුණා, එයත් නැවතුණා
    ආයේ දෙන්නම එකවර ගියා උරහිස් දෙකත් හප්පගෙන:sorry:
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෙවල් පැත්තේ කෑල්ලක් ටෝක් කරල..ඒකී අම්මට කියල..ඒ බඩුව මාව මගදිම අල්ල ගත්ත..🤣🤣🤣 එදා පිච්චිය අතේ නැති කාලේ..උන්ට සාමාන්‍යයෙන් සල්ලී තිබ්බා..අද වගේ මතකයි යාලුවෙක්ගේ බයික් කට්ටක මන් යද්දී ඔකී මාව නවත්තගත්තේ.. ඒ පැත්තෙම කෑලී ගොඩක් ටෝක් කරා එකක් දෙකක් සෙට් උන නිසා ඒක ගානක් නෑ...ඒත් දැන් නම් එතනින් යද්දි ගැම්මෙන් යන්නේ..හිටියත් ගනන් නොගෙන 😏😉.

    මට හැම වෙලේම වෙන එම්බැරසින් සීන් එකක් තියෙනවා:rofl:
    සාමාන්‍යයෙන් බිම බලාගෙන යන්නේ, අනිත් පැත්තෙන් කවුරුවත් ආවොත් පේන්නේ නෑ

    ගිය සතියේ පඩිපෙලක් බැහැගෙන එද්දි අක්කා කෙනෙක් face-to-face
    මං මෙහාට වෙනවා, එයා එහාට වෙනවා, මං මෙහාට එයා එහාට, මං මෙහාට එයා එහාට
    අන්තිමේදි මං නැවතුණා, එයාත් නැවතුණා
    ආයේ දෙන්නම එකවර ගියා උරහිස් දෙකක් හප්පගෙන:sorry:
    උබේ සෙන්සර් අවුල් ගිහින් 🤣🤣🤣
    ------ Post added on Oct 22, 2022 at 12:50 PM
     
    • Haha
    Reactions: avjayarathne

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,288
    7,152
    113
    over 2 years relationship ended by her saying her parents didn’t like me.
    went to her place to talk to them, they had no idea and ended up giving us blessings.
    but my Ex told to my face if front of them we haven’t had anything like that between us.
    most fucked up and embarrassed day ever
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ සිද්ධිය වුනේ මීට අවුරුදු 2-3 කලින්, අපේ පන්තියෙ හිටපු කොල්ලෙක්ගෙ තාත්තා නැතිවුනා. ඉස්කෝලෙන් out වෙලා අවුරුදු 10-12 ගියාට තාම හැම සතිඅන්තෙම පන්තියෙ හිටපු පාප මිත්‍රයො සෙට් එක කොහෙට හරි සෙට්වෙලා අඩියක් ගහන ෆිට් ඒක තාම තියෙනවා. ඉතින් ඔහොම ඉද්දි තමයි නිවුස් ඒක ආවෙ. කාලයක් තිස්සෙ ඒකතැන් වෙලා හිටියෙ අංකල් හොස්පිට්ල් දාලා හිටියෙ, නැතිවෙලා. ගගහා හිටපු බෝතලේ ඉවර කරලා ගියා මල ගෙදර පැත්තෙ.

    ඒහෙ කරන්න කියලා ලොකු වැඩක් තිබුනෙ නැහැ. සයිඩ් ඒකක් බලලා ඉඳගෙන ඉදලා ඔය පොඩියට කරන්න ඉතුරුවෙලා තිබුන වැඩ ටිකකුත් කරලා කට්ටිය ගෙවල් ඒහා පැත්තෙ පාරකට සෙට්වුනා බොන්න. කලින් ගහපු ඒකේ පවර් ඒක හිඳිලා තිබුනෙ ඒ් වෙද්දි. හැබැයි අලුතෙන් දෙක දාද්දි යට ගිහින් තිබුන බඩු ඩබල් වීගෙන ඒනවා. හැබැයි ඉතින් වෙරි වෙන ටයිම් ඒකක් තියෙනවා දවස තිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ බිවුවම බඩු ලේ වලට පත්තියං වෙන. ඊට පස්සෙ ගුදමක් කෙලියත් ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන්..

    ඔහොම ඉතින් අළුත් බෝතල් 3ක් විතර ඉවර වුනා. වෙලාවත් 1ට විතර කිට්ටුයි. දෙයියනේ කියලා වැඩේ අහවර කරලා බත් ජුංඩක් කන්න යන්න ලෑස්ති වුනා විතරයි පාර කොනේ වංගුවෙන් හැරෙවුවා බයික් ඒකක්. මූ ඒනවා දැන් කෙලගෙන, ඔය අතරෙ අපේ ඒකෙක් ෆෝන් ඒකෙන් කාට හරි පාර කියනවා ඇහෙනවා. අර බයික් ඒක ඇවිල්ලා නැවැත්තුවා අපි ගාව. අර කතා කරපු පොරගෙ යාළුවෙක් බැලින්නම් ඒකා ඩුබායි ඉඳන් ඇවිල්ලා සතියකට විතර කලින්. මූ ගෙනල්ලා බොන තැන මැදින් තිබ්බා Royal Stag බෝතලයක්..

    ඔය කාලෙ IPL ඒකේ ඇඩ් වල ඒහෙම හෙනට යනවා Royal Stag බ්‍රෑන්ඩ් ඒක, යකෝ හීනෙන් වත් හිතන්නෑනෙ බඩු ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි මෙහෙම Brand ඒකක් පහල වෙයි කියලා,මේක දැක්කා විතරයි නිදාගෙන හිටපු මල පෙරේතයා අවදි වුනා. සාමාන්‍යයෙන් මම මීට කලින් ගහලා නැති බෝතලේක පලවෙනි ෂොට් ඒක ගන්නෙ වෙරිය බලන්න. අරගෙන පොඩ්ඩක් ඉඳලා බඩු වදින්නෙ තැපැල්ද, ඔන්දස්පොට් ද කියලා සොබාවෙ බලලා තමයි ඇඩ්‍රස් කරන්නෙ, ඔය කැටයං කොහෙ කොරන්නද ඒවෙලෙ පිටඋගුරෙ යනකන් කෙලලානෙ හිටියෙ, ගත්තා බොතලේ ගොජ ගොජ ගාලා වැටුනා පලවෙනි සොට් ඒක සැන්ඩි දාගන්නවත් ඉඩක් නෑ, අමුවෙන්ම කෙලලා ඇරියා පලවෙනි සොට් ඒක.. හම්මා,, ඇසිඩ් වක්කරා වගේ උගුරෙන් පල්ලෙහා පුච්චගෙන ගියා, හැබැයි හෙන ස්ට්‍රොන්ග් ෆීල් ඒක. වරදක් නෑ.


    ඔහොමම ඉඳලා ඒ් බෝතලෙත් ඉවර වෙන්න ඔන්න මෙන්න ඒනකොට තේරුනා සිස්ටම් out යන්න හදන්නෙ කියලා. අවුලක් නෑ, කොල්ලො ටික ඉන්නවනෙ, මග වැටුනොත් කරේ තියාගෙන හරි යනවා කියලා දන්නවා. අවුලක් නෑ. හැබැයි වෙලා තියෙන සීන් ඒක අහද්දි හිතුනෙ පාරෙ කානුවක වැටිලා හිටිනම් ඊට වඩා නම්බුයි කියලා..
    මට වෙලා තියෙන හරිය හරියටම දැනගත්තෙ දවස් 2-3 විතර පස්සෙ, කොල්ලො කියපු දේවලුයි, ඒ්වා සනාථ කරන්න මට නිකන් පෙර ආත්මෙ මතක් වෙනවා වගේ අතරින් පතර මතක් වෙන දේවල් වලිනුයි අනුව කතාව වෙලා තියෙන්නෙ මෙහෙම..


    බීලා ඉවර වෙද්දි පාන්දර 2.30 විතර වෙලා, ඒහෙමම ගිහින් අල්ලපු ගෙදර කන්න හදලා තිබුන තැනට. ඒ් වෙලාවට අහවල් කෑමක්ද.. හට්ටි ටික ඇර ඇර ගිහින් බලලා මෙලෝ ලබ්බක් තිබිලා නෑ, ඒ් වෙද්දි හුලඟට අහුවෙච්ච බට පඳුර වගේ වැනි වැනි ඉඳලා තියෙන්නෙ. ඒහෙමම වැනි වැනී ගිහින් කට්ටයත් ඒක්ක මල ගෙදරට නිදාගන්න. මම කෙලින්ම ගේ ඇතුලට ගියා, කොල්ලො ටික කියනවා අඩෝ වරෙන් බං ගෙදර යමු හෙට ඒමු කියලා, සමහරු ඒලියෙ ඉමු මෙහෙවරෙන් කියලා අදිනවා. මට තේරුනා මෙහෙම ගෙදර යන්නත් බෑ, ඒලියෙ හිටියොත් වෙන්නෙ මදුරුවො කකා චාටර් ඒක, ඒක නිසා මම ගේ ඇතුලට ගිහින් ඇලට් ඒකක් දාලා ඉන්නවා කියලා ගියා ගේ ඇතුලට.


    යද්දි මචං දොර ගාවම තමයි පෙට්ටිය තිබිලා තියෙන්නෙ, හැප්පිලා පෙට්ටියෙ... ඒ් ගමන පෙට්ටිය පැද්දුනා දෙපැත්තට හැප්පුන පාරට. “කවුද යකෝ පාර මැද්දෙ මිනී පෙට්ටියක් තියලා තියෙන්නෙ..” කියලා ඒ් දිහා බලලා දැන් ඇල වෙන්න පොට් ඒකක් බලනවා ඒක තැනක් වත් නෑ, බිම ඒක ඒකා නිදාගෙන, ඔහොමම ඉස්සරහ කාමරේට ඔළුව දැම්මා ඇඳවල් ෆුල්.


    ඇතුලෙ කාමර බැලුවා ඒකක වත් ඉඩක් නෑ, මැද ඒක කාමරයක් තිබුනා ඒ්කෙ වෙලාවට කවුරුත් නෑ, ඇඳ තියනවා ඒ්කෙත් කවුරුත් නෑ, ඒ් ගමන ගියා ඇඳට යකෝ මාර චාන්ස් ඒකනෙ, කාටවත් මේක අහුවෙලා නෑ කියලා නිදා ගත්තා, ඇල වුනාට මොකද බං ගහපු බඩු බොක්කෙ ඉඳන් උඩට ගහනවා කබරයා සෙට් වෙන්න වගේ, හොඳට බීලා ඇඟ ඇලකරන් නිදා ගත්තාම පට්ටම අමාරුයි, ඔහොම්ම ෂේප් ඒකේ පැය බාගයක් විතර සද්දයක් නැතුව හිටියා ඒ්ත් පට්ට අමාරුයි. ඒ් ගමන බං ඒ් ලඟින් යද්දි දඟලන සද්දෙ ඇන්ටිට ඇහිලා ඒ් කාමරේ ලගින් යද්දි. ඇන්ටි මචං ගෙදර යාලුවයි ඇවිල්ලා ඔලුවෙ දෙහි ගාලා, දෙහි ඒකක් පොවලා ෆෑන් ඒකක් ගෙනල්ලා දාලා, පස්සෙ බං මට හෙනම ලැජ්ජා හිතුනා ඇයි යකෝ මනුස්සයා මැරිලා ඒ් දුකට ඉද්දි මල ඉලවුවක් වෙන්න වුනානෙ මට.


    පහුවදා නැගිට්ටා ඉර ඒලිය යාන්තමට වැටෙද්දි, ඇස් ඇරලා බලද්දි තමයි දෙලොව රත් වුනේ, මං නිදාගෙන ඉඳලා තියෙන්නෙ අර අංකල් මාස ගානක් ඒකතැන් වෙලා ඉඳලා තියෙන ඇඳ උඩ, මොකෙක්වත් ඒ්කට ඇවිල්ලා නැත්තෙ ඒ්කයි, ඇඳට දාපු ඉටි කවරෙත් ඒහෙම්මමයි, ඇඳ ඒහාපැත්තෙ රෝද පුටුවයි, බෙහෙත් ටිකයි අංකල් ගෙ Urine Bag ඒකයි ඔක්කොම ඔළුව ගාවට වෙන්න. ඒ්ක දැක්කා විතරයි මචං ලොකෙම කැරකීගෙන ඒනවා වගේ දැනුනා, කට සීතල වෙලා දාර කබරයෙක් ලෝඩ් වීගෙන ආවා බොකු බඩවැල් අඹරගෙන, සෙනිකව ඒලියට ආවා විතරයි මතක තැනක් සෙට්ල් කරගන්න වෙලාවක් තිබුනෙ නෑ දොරෙන් ඒලියට ආවා විතරයි බුහෑක් ගාලා ලීටර් 5 ක් විතර කහ පාටට නන්සටොප් යන්න පටන් ගත්තා අර සිංගප්පුූරුවෙ තියෙන සිංහයා වගේ,


    මචං උදේ පාන්දර ඇහැරලා ගේ අතුගගා පුටු අස්කරගෙන හිටපු නංකිලා ටිකක් බැලුවා ඇස් ගෙඩි උඩ දාගෙන මොනා කරන්නද බං ඒ් වෙලාවට අතින් නවත්තගන්නැයි,, ඒ් වෙලාවෙ මම පත්වුන අපහසුතාවය මතක් කරගන්නවා අදත් මට මොකක් හරි චොර සීන් ඒකක් වෙද්දි motivation ඒකක් හැටියට.. this is not the first time කියලා... :sorry: :sorry:
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට හැම වෙලේම වෙන එම්බැරසින් සීන් එකක් තියෙනවා:rofl:
    සාමාන්‍යයෙන් බිම බලාගෙන යන්නේ, අනිත් පැත්තෙන් කවුරුවත් ආවොත් පේන්නේ නෑ

    ගිය සතියේ පඩිපෙලක් බැහැගෙන එද්දි අක්කා කෙනෙක් face-to-face
    මං මෙහාට වෙනවා, එයා එහාට වෙනවා, මං මෙහාට එයා එහාට, මං මෙහාට එයා එහාට
    අන්තිමේදි මං නැවතුණා, එයාත් නැවතුණා
    ආයේ දෙන්නම එකවර ගියා උරහිස් දෙකක් හප්පගෙන:sorry:
    How I met your mother
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,952
    9,307
    113
    Microsoft
    මට හැම වෙලේම වෙන එම්බැරසින් සීන් එකක් තියෙනවා:rofl:
    සාමාන්‍යයෙන් බිම බලාගෙන යන්නේ, අනිත් පැත්තෙන් කවුරුවත් ආවොත් පේන්නේ නෑ

    ගිය සතියේ පඩිපෙලක් බැහැගෙන එද්දි අක්කා කෙනෙක් face-to-face
    මං මෙහාට වෙනවා, එයා එහාට වෙනවා, මං මෙහාට එයා එහාට, මං මෙහාට එයා එහාට
    අන්තිමේදි මං නැවතුණා, එයාත් නැවතුණා
    ආයේ දෙන්නම එකවර ගියා උරහිස් දෙකක් හප්පගෙන:sorry:
    dog-eyebrow.gif
     
    • Haha
    Reactions: Stimulus mind

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    over 2 years relationship ended by her saying her parents didn’t like me.
    went to her place to talk to them, they had no idea and ended up giving us blessings.
    but my Ex told to my face if front of them we haven’t had anything like that between us.
    most fucked up and embarrassed day ever
    Oya vage ekakin beruna eka umbe vasanava
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,247
    17,109
    113
    - AL කරන කාලෙ බස් එකේ දී කෙල්ලෙක් ගේ කොන්ඩේ මගේ ෂර්ට් එකේ බට්න් එකේ පැටලිලා.. ඒකිට බහින්න විදියක් නෑ.. :baffled: බස් එක හෝල්ට් එකේ නවත්තගෙන කොන්දා කෑගහනවා බහින්න බහින්න කියලා..:dull: අරකි බෙල්ල නවාගෙන මගේ ළඟ.. මුළු බස් එකම බලාගෙන.


    - කැම්රීම වැඩේ උනේ AL කාලේ ට්‍රයි කරපු කෙල්ල එක්ක කතා කරන්න ගිහින් .. සැහෙන්න කාලයක් හිතලා.. අද නම් කතා කරනවා කියලා ගියා.. අපේ සෙට් එකම බලාගෙන හිටියා ඈතට වෙලා.. මන් තනියම class එක ලගට ගිහින් ඒකි එක්ක කතා කරා.. මෙකි ඇහුනේ නෑ වගේ අහක බලාගෙන ගියා..දෙවැනි සැරේටත් කතා කළා.. ඒත් ගණන් ගත්තේ නැ. මට නිකන් කන් දෙක රත් වෙනවා වගේ දැනුනා..ආපහු හැරිලා බැලුවා යාලුවෝ සෙට් එක දිහා.. උන් ටික මෙන්න මේ වගේ මගේ දිහා බලන් ඉන්නවා >>

    frustrated-man-white-background-52339623.jpg
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,780
    8,199
    113
    එලකිරි එකෙනුත් දන්නවා උබ එකම story එක දෙපැත්තටම use කරනව කියලා :lol:

    1666446050028.png