මවාගත්(imaginary) මනංකල්පිත ගෑනියෙක් සහ මිනිහෙක් අතර ඇතිවෙන සංවාදයක් ගොඩ නගන්න හිතුනා.
මුලින්ම මේ ගෑණි සහ මිනිහාගෙ personality එක සහ පවුල් පරිසරය ගැන imaginary condition සහ facts හදා ගමු.
Imaginary Regular Facts(මනංකල්පිත නිත්‍ය කාරණා)-
මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක්. දැන් බැඳලා මාසයක් වෙනවා. ගෑණි house wife කෙනෙක්. මිනිහා දොස්තර කෙනෙක්. මිනිහට තව බාල සහෝදරයෙක් ඉන්නවා. එයා ඉන්නෙ වෙනම ගෙදරක තනියම. මේ ගෑනිගේ සහ මිනිහගේ දෙමව්පියෝ කවුරුවත් නෑ ඒ අය මැරිලා. තනි තට්ටුවේ පොඩි ගෙදරක සරල ජීවිතයක් ගත කරමින් ජීවත් වෙන්නේ. මොන විදියේ ප්‍රශ්න දෙන්නා අතර ඇති වුණත් මේ දෙන්නා කවදාවත් දික්කසාද වෙන්නේ නෑ.
Conversation Rules and Conditions(සංවාද නීතී සහ කොන්දේසි)-
- සංවාදය සඳහා වෙනත් චරිත ඇතුලත් කිරීම කළ නොහැක.
- අදාල නිත්‍ය කාරණා කියවා ඒ අනුව සංවාදය ගෙන යා යුතුයි.
- එක පුද්ගලයෙකුට එක වරකට එක චරිතයක දෙබසක් පමණක් කිවිය යුතුයි.
- කලින් දෙබස කියූ පුද්ගලයාගේ comment එක quote කර තමාගේ ඊළඟ දෙබස ඊට අනුරූපව පැවසිය යුතුයි.
- තමා නියෝජනය කරන්නේ කුමන චරිතයද යන්න දෙබස ඉදිරියේ සඳහන් කළ යුතුයි. (මිනිහා - "ඔයාට අද හරි මහන්සි පාටයි.")
- Thread එක තුළ හුදෙක් දෙබස් පමණක් පැවසිය යුතු අතර වෙනත් අදහස් හෝ Bump දැමීම සිදු නොකරන්න.

මිනිහා- "අම්මෝ ඩාලින් අද නම් හොඳටම නින්ද ගියා. හොඳ බබා වගේ මට තේකක් හදන්න. වැඩට යන්න පරක්කු වෙනවා."
Last edited:
