එක බයික් එකයි ගත්තෙ. Discover 125-chrome alloy wheels. ඔය බයික් එක ආපු මුල් කාලෙ. පෙට්‍රල් ලීටරේට 55-60km වැඩ කරා. නියම බයික් එක. සණස බැංකුවේ රු. 30000 දාල මාස තුනක් තියන්න කිව්ව. ඊට පස්සෙ තමයි බයික් එක හම්බ උනේ. ඒ දවස්වල බයික් එකේ ගාන රු. 118,000.00. අවුරුදු 5ක් විතර පාවිච්චි කරා කිසිම ලොකු රෙපයාර් එකක් නැතුව. ඔයිල් ටික වෙලාවට මාරු කරල maintenance ටික වෙලාවට කරා. මතක විදියට රු.85000කට වගේ තමයි විකුණුවෙ. ගන්න ආපු එකත් ඒ වෙලාවෙම අරන් ගියා බයික් එකේ කන්ඩිෂන් එක හොදටම තිබුන නිසා.