Questions උඹලටත් මේ ප්‍රශ්නේ තියනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මට කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් මේක...පිටරට ෆිල්ම් ගත්තම ඒ හැම එකකම අමුතු කොලිටියක් තියනව නේද? අපි නිකං 1980 ගහපු ඇමරිකන් ෆිල්ම් එකක් උනත් 2022 ලංකාවේ ෆිල්ම් එකක් එක්ක කම්පෙයා කරද්දි ඇමරිකන් එකේ වෙනස හොදට පේනව නේද...අනික ලංකාවට හැරී පොටර් එක ආදේශ කරල අර කොල්ලෙක් AI වලින් photo generate කරල තිබ්බනේ...ඒක උනත් දකිද්දි නිකං ලංකාවට සෙට් වෙන්නැති ගතියක් තියනව නේ...ඌව නෝන්ඩි කරනව නෙවේ මට හිතෙන දේ කිව්වේ...

    action, fantasy, horror වගේ ෆිල්ම් ලංකාවේ ගැහුවොත් ඒ එකකවත් අර තරම් ත්‍රිල් එකක් නෑ නේද?

    උඹලගෙ අදහස මොකක්ද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    lankawe acting karanna tharan genu, pirimi neha ban.
    okun issellama jangiya pennala poddak market wenawa. ita passe salli karayekge kare ellila, uge salli walin wenda posh look ekak hadagena. camera eka issara celebraties kiyala kiya gannawa. ithin ape inna mora nugath adu kule sinhalu okunwa FB eke warnana karanawa. ita passe ithin acting karna eka peththaka thiyala maha loku nalu niliyo kiyagena wate yanawa.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපේ ඩිරෙක්ටර් ස්ක්‍රීන් රයිටර් ඇක්ටර් ඔක්කොම පොන්ස්ල නිසා ඒ. මේ සුත්තෙ රටේ අනික් හැම වෘත්තියකම ඉන්න උන් වගේ උන්ටත් තමන්ගෙ වැඩේ හරියට කරන්න බෑ. කිසිම නව්‍යතාවයක් නෑ. අලුත් දෙයක් හිතල කරන්න බෑ. ගොන්‍ජන්ගෙ ගොන්ජා ෆිල්ම් එක තමා vigilante ෆිල්ම්ස් ඔක්කොගෙම අච්චුව. එක්කො දෙමළ මොකක් හරි කොපි කරනව.
    රටේ අනික් අංශ වල තියෙන ප්‍රශ්නෙම තමා එතනත් තියෙන්නෙ.

    අනික තමා රටේ බහුතරය නූගත් අඩුකුලේ උන් වීම. කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ වගේ උන්ට කොච්චර හොඳ නිර්මාණයක් දුන්නත් ඒකෙ උන් බලාපොරොත්තු වෙන දේවල් නැත්නම් උන්ට වැඩක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    අපේ උන් හරියට දේවල් screen එකේ place කරන්න දන්නේ නෑ.. storytelling අවුල්. .. storyboard පාවිච්චියක් , camera angles ,composition නෑ වගේ හරි ටෙක්නික් පාවිච්චි කරල. ඒ වලින් තමයි සෑහෙන වෙනසක් එන්නේ.




     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    දැන් ඉන්න එවුන්ගෙ සිනමාව ගැන කිසිම අධ්‍යයනයක් කරන්න නෑ. වාණිජ පැත්ත විතරක් අරමුණු කරගෙන කසිකබල් හින්දි, දෙමළ චිත්‍රපටියක කොපියක් ගහනවා. දැන් ඉන්න චිත්‍රපටි හදන එවුන් හිතන් ඉන්නෙ බොලිවුඩ්වලින්, කොලිවුඩ්වලින් එහා සිනමාවක් නෑ කියලා වගේ. හොලිවුඩ්වල ෆිල්ම් එකක් ගත්තත් උන් ආදර්ශෙට ගන්නෙ blockbuster ෆිල්ම්ස් විතරයි. ඊට වඩා ගුණාත්මක වගේ කලාත්මක ඇහැකින් නිර්මාණය වෙන low budget indie films ඕනතරම් හැදෙනවා. ඉරානෙ, ප්‍රංශෙ, ඉතාලියෙ වගේ රටවල හොලිවුඩ්වලටත් වඩා ඉහළ කලාත්මක ගුණයක් තියෙන සිනමා නිර්මාණ ඕනතරම් බිහිවෙනවා. ඒවා දැන් ලංකාවෙ ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂකලා, තිර රචකයො කියන ඈයො ජීවිතේට බලලවත් තියෙනව ද කියලා සැකයි. අනිත් එක අපේ එවුන්ට ඩිජිටල් තාක්ෂණේ ගැළපෙන විදිහට යොදාගන්න තේරුමක් නෑ. CGI, practical effects සමබරව යොදාගන්න තේරුමක් නෑ. අලුතෙන් රංගන ක්ෂේත්‍රෙට හතු පිපෙන්න වගේ එන බහුතරේකට රගපාන්න බෑ. තාක්ෂණේ පැත්තෙන් හරි භෞතික සම්පත් පැත්තෙන් හරි නෙවේ ලොකුම අඩුව තියෙන්නෙ ලංකාවෙ සිනමා ක්ෂේත්‍රෙයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රෙ පැත්තෙනුයි ගත්තත්, කලාත්මක ඇහැක් වගේම හොද නිර්මාණාත්මක චින්තනයක් තියෙන මානව සම්පත් පැත්තෙන් තමයි අඩුව තියෙන්නෙ. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කලාවෙන් ලබන රසය මිනිස්සුන්ගෙ බුද්ධිමට්ටමත් එක්ක වෙනස් වෙනවා. අපේ රටේ ඉන්නෙ බුද්දිමට්ටමෙන් අඩු මිනිස්සු. ඒ අයට රසවිඳින්න පුළුවන් නිර්මාණ තමයි වැඩි වැඩියෙන් කරන්නෙ. ජංගියකට මිනිස්සු දෙන්නෙක් මරාගන්න එක බලන එක අපේ රටේ මිනිස්සුන්ට මාර ඉන්ටරෙස්ටින්ග්
     
    • Like
    Reactions: siri_ayya