UK වල පදංචියට ආවා සහොදරයිනි.
එළකිරි එකේ characters ගාන 10000 වලට ලිමිට් නිසා මට මේක දාන්න වෙන්නේ කොටස් 2කට, අනිත් පොස්ට් එකත් මේත් එක්කම දාන්නන්.
UK ඉන්න ගොඩක් අය මේකේ ඇති කොහොම උනත් මන් මේක ලියන්න හිතුවේ UK එන්න කලින් සහ ආවට පස්සේ මගේ අත්දැකීම් ගැන කියන්න. හිතනවා යම් අදහසක් දෙන්න පුළුවන් වෙයි කියලා
නිදහස් අධ්‍යාපනයට පින් දෙන ගමන්ම කතාව පටන් ගන්නන්, නැත්තන් කොළඹින් ඈත පිටිසර හිටපු අපි වගේ උන්ට පිට රටකට තියා කොළඹටවත් එන්න වෙයි කියලා හිතන්න අමාරුයි. මගේ ගොඩක් කැම්පස් එකේ යාලුවෝ ඒ කාලෙම Australia, Newzeland , US Canada වගේ රටවල් වලට ගියා නමුත් මම ලංකාවෙන් යන්නම ඕන කියල කොහොමත් හිතල තිබ්බේ නැ. මෙහෙ ගෙයක් හදල වාහනයක් එහෙම අරන් ටිකක් විතර සෙටල් උනාම ඇයි ඉතින් යන්නේ කියල හිතල ඒ වැඩේ අත ඇරියා.
හැබැයි පැට්‍රොල් පොලින් වල දවස් ගණන් ඉදලා ගෑස් පෝලිම් වල ඉදල, අන්තිමට බබාට පිටි පැකට් එකක්වත් නැති උන කාලේ ලංකාවේ ඉන්නවද නැද්ද කියල තව හිතන්න උනා. ලංකාවේ හිටියත් පිට රටකට ආවත් මගේ ජොබ් එකේ විදිහට හැමදාම ඩොලර් තමා උපයන්නේ ඉතින් කොහේ හිටියත් වෙනසක් නෑ. ඊළගට පිට පළාත් වල ඉදන් කොළඹ ආපු නිසා ළමයට ඉස්කෝලයක් දුන්නෙත් නෑ හරියට. කොහොමහරි තත්වේ දරුණු උනේ ඊට පස්සේ. මන් දේශපාලනේට කොහොමත් අවදානය වැඩිය දුන්න කෙනෙක් නෙවෙයි කොහොම උනත් රනිල් ජනාදිපති උනාමනං එපා උනා ලංකාවේ ඉන්නේ එක, මොකද පොරගේ හැටි නොදන්නවා නෙවෙයිනේ. විශේෂයෙන් 2001-2004 කාලේ හැසිරුණ විදිහ එහෙම මතක් උනා. ඔය ඔක්කොමත් එක්ක තීරණය කරා එහෙනං ලංකාවෙන් යන්න කාලේ හරි කියලා.
ඉතින් මන් හිතුව ඔසී PR දානවා කියල, ඒක සැහෙන්න කල් යන ඒ වගේම අමාරු වැඩක්, කරපු අය දන්නවා ඇතිනේ skill Assessment එක කරලා ඒක approve වෙනකන් ඉන්න ඕන, IELTS 7 each ගන්න ඕන. ඔසී දාන්න අඩුම ලකුණු 60- 65 ගන්න ඕන. කොහොම උනත් අමාරුවෙන් හරි කරනවා කියල Project 3ක් ලියන්න ගත්තා ඒක එපාම වෙන වැඩක්.
ඔය අතරේ මගේ යාලුවෙක් රට හිටිය. මන් පොරට නිකමට කිව්වා අනේ බන් මාලදිවයිනට හරි කමක් නෑ යන්න විදිහක් හදල දිපන් කියලා මොකද ඔසී වැඩේට අනිවා කල් යනවා කියල මන් දන්නවා. තව කාලයක් ඔහොම යද්දී එක දවසක් පොර මගෙන් කෝල් කරලා ඇහුව UK යන්න කැමතිද ස්පොන්සර් කරන්නන් කියලා. මට නිකන් කරකවල ඇත ඇරියා වගේ මොකද UK මන් හීනෙන්වත් එන්න හිතන් හිටපු රටක් නෙවෙයි අනික මන් UK වලට කැමතිත් නෑ සිතල නිසා. ඉතින් මන් මුලින් බෑ කිව්වා. කොහොමහරි ඔසී වැඩෙත් පරක්කු වෙන නිසත් ගෙදරින් ආපු ප්‍රෙෂර් එක නිසාත් අන්තිමට මන් වැඩේට හා කිව්වා හිත හදාගෙන.
UK ජොබ් ස්පොන්සර්ෂිප් එක හම්බවෙනවනන් ඉතින් මෙහේ එන එක හරි ලේසි වැඩක්. මොකද IELTS වගේ කරන්න ඕනෙත් නෑනේ degree එක english නං කරලා තියෙන්නේ උන් ඒවා බලන්නේ නෑ. හරිම පොඩි කාලෙකින් මට visa හම්බුනා ෆැමිලි එකටම අවුරුදු 3කට. මට UK ජිවත් වෙන්න පුළුවන් තරම් හොඳ පඩියක් දෙන්නත් කොම්පැනි එක පොරොන්දු උනා ඉතින් මේ හැමදේම හරිම ලේසියෙන් උනා, කොටින්ම කිව්වොත් ඔසී දාන එකට වඩා දහස් වාරයක් ලේසියි. මොකද ඔසී PR හම්බුනත් එහෙ ගිහින් ජොබ් එකක් හොයාගන්න ඕනනේ ඕව ටිකක් අමාරු කල් යන වැඩ. ඉතින් පෙරලුන අත හොදයි කියලා අන්තිමට හිතුනා.
ඊටපස්සේ කාර් එක විකුණලා ඒ සල්ලි පවුම් වලට හරවගත්තා මෙහෙ වියදම් වලට. මෙහෙ ලොකුම වියදම යන්නේ NHS ඒ කියන්නේ health, එකට අපි ගෙවන්න ඕනා. බබාටයි වයිෆ්ටයි Visa + Health වලට ලක්ෂ 27ක් වගේ ගියා මොකද පවුමක් රුපියල 450ක් වගේ ඒ කාලේ. මගේ ගාන කොම්පැනි එකෙන් ගෙව්වා.
ඊළගට ආපු ලොකුම ප්‍රශ්නේ තමා නවතින තැනක්. ඉතින් මන් මුල ඉදල ට්‍රයි කර මෙහෙන් කුලියට ගෙයක් ගන්න ඒජන්ට් කෙනෙක් හරහා නමුත් අපි UK වලින් පිටනන් ඉන්නේ එක හරිම අමාරු වැඩක්. ඒක හරිගියේ නැති පාර මාසෙකට රූම් එකක් ගන්න බැලුව ඒක හරි ගියෙත් නෑ, මෙහෙ උන් හැමදේම නීතියට තමා කරන්නේ ඒ නිසා ගොඩක් proof බලනවා නැත්තන් දෙන්නේ නෑ
අන්තිමට ඉතුරු උනේ AirBnB ඔප්ශන් එක, අවුල තියෙන්නේ ඒවා ගොඩක් ගණන්. මගේ UK හිටපු යාලුවෝ කිව්වා කොහොමත් වෙන ක්‍රමයක් නෑ දැන් අනික මුල් කලේ ටිකක් වියදන් යනවා ඉතින් ඕක හරි බලපන් කියලා. UK එද්දී ඉතින් අපිට ඕනෑම තැනක පදිංචි වෙන්න නීතියෙන් බාදාවක් නෑ ඉතින් බලල බලල රටේ මැද තැනකින් රූම් එකක් බුක් කරගත්තා සති 2කට පවුම් 550ක්. මන් කලින් ඇවිත් වයිෆ් ව මාසෙකින් ගෙන්න ගන්න තමා ප්ලෑන් කරේ.
ගමන පිටත් වීම
අන්තිමට යන දවස ආවා 2022 නොවැම්බර්, එක මගේ ජිවිතේ මට දැනිච්ච අතිශයම මුසලම දවසක්, ආදරය කරපු හැමෝම, හැමදේම අත ඇරලා අම්බානෙක ගානක් වියදන් කරලා, කට්ට කාලා හදපු ගේ අත ඇරලා, අමාරුවෙන් නැගිටලා ගටගහගත්ත ඒ ජිවිතේ, ඒ නිදහස් පරිසරය අත ඇරලා කාත් කවුරුත් නැති සිතල රටකට මුල ඉදලම ආයේ ජිවිතේ පටන් ගන්න යනවා කියල හිතුනම හරිම වේදනාවක් දැනුනා. එත් වෙන කරන්න දෙයක් නෑ දැන් තීරණේ අරන් ඉවර නිසා.
ඇදුම් සහ වයිෆ් කෑම පුරවල දුන්න සුට් කෙස් එකයි අතේ පවුම් 6000ක් අරන් ෆ්ලයිට් එකට නැග්ගේ හරිම හිස් සිතිවිල්ලකින් ඒක හරි අමාරුයි විස්තර කරන්න. අනික ගිහින් දැන් සුද්දෙක්ගේ ගෙදර උන් එක්ක ඉන්නව කියල හිතුනම එපාම උනා. කොහොම හරි හීත්‍රෝ වලින් බැහැල මුලින්ම කරේ සිම් එකක් ගන්න හදපු එක. පවුම් 30ක් දාල මැෂින් එකෙන් සිම් එක ඕඩර් කරාම සල්ලි හිර උනා එකේ දැන් මොකද කරන්නේ කියල මන් ලග තිබ්බ ෂොප් එකකින් ඇහුවා. උන් කොච්චර හොදයිද කියනවනං හතර අතේ කෝල් අරන් විනාඩි 5කින් වගේ මිනිහෙක්ව එක්කන් ආවා. පොර විස්තරේ අහල මැෂින් එක ඇරලා මගෙන් කීයක්ද හිර උනේ කියල අහලා ඒ ගාන ආයේ අරන් දුන්නා. මන් කිව්වනං පවුම් 50ක් කියල ඒ ගාන උනත් ඒ මනුස්සය මට දෙනවා කිසිම verification එකක් කරේ නෑ. මට UK මිනිස්සු ගැන මුලින්ම පැහැදීමක් අවේ එතැනදී.
මන් ප්ලැන් කරන හිටියේ train එකේ යන්න, යාලුවෙක් එනවා කිව්වා එහේ බහින තැන ස්ටේෂන් එකට. මෙහෙ ටිකට් සිස්ටම් එක දන්නේ නැති නිසා මන් එතන හිටපු කෙනෙක්ගෙන් ඇහුව කොහොමද යන්නේ කියලා පොර මාව එක්කක් ගිහින් එතනින් යන්න ඕන තැන බලල මට ගානත් පෙන්නල pay කරන විදිහත් කියල දුන්න (ටිකට් එක ලංකාවේ මුදලින් 27000ක්). ඒ ගමනේ train 3කට මාරු වෙන්න තිබ්බ, පොර මට එකෙන් එක විස්තර කරල අන්තිම කිව්වා "I know its your first time but don’t be panic just follow your instinct, you can do it man" කියල train එකට යන පාර පෙන්නලා පිටට තට්ටුවකුත් දැම්ම. ඇවිත් පැයක් ඇතුලත මට මේ මිනිස්සු ගැන ගොඩක් පැහැදීමක් ආව. මිනිස්සු හරිම හෙල්ප්ෆුල් නේද කියල හිතුන.
AirBnb ජීවිතය
අන්තිමට කොහොම හරි බහින කොට මගේ යාළුවා මට කෑමත් හදගෙනම එතනට ඇවිත් හිටියා. පොර මාව නවතින තැනට ඇවිත් ඇරලලා ගෙදරට කතා කරාම හිනාවේගෙන ගෙදර අයිති කෙනා ඇවිත් අපිව welcome කරා. අවුරුදු 55-60 වගේ කපල් එකක් (Robert and Juliet). ගෙදර ඇතුලට ආවම අපිට කොෆී හදල දුන්න හරිම හොද විදිහට පිළිගත්තා. මට වෙනම ෆ්‍රිජ් එකක් දුන්නා කෑම දාන්න, ගෙදර ඇවිදිනකොට ඇඟිලි තුඩු වලින් හොරෙන් ඇවිදින්න එපා මේක ඔයාගේ ගෙදර වගේ නිදහසේ ඉන්න කියලා හිනා වේවි කිව්වා. හැබැයි කොන්දේසි 2ක් දැම්මා. එකක් තමා perfume පාවිච්චි කරන්න බැ ගෙදර සුවඳ එන, අනික තමා මස් මාළු ගෙදරදී උයන්න කන්න බෑ කියන එක. ඒ කියන්නේ මන් දැන් ෆුල් වෙජි වෙන්න ඕන කියන එක. එක අහල මගේ යාළුවා මගේ මුණ බැලුවා මොකද පොර මට කුකුල් මස් උයන් ඇවිත් තිබ්බා. අන්තිමට මන් උට කිව්වා දැන් ඕක ආයේ අරන් පල මෙතන සුවඳ අවොත් ඉදලත් හමාරයි කියල, ඌ මට බැන බැන එක ආයේ අරන් ගියා. ඇත්තටම පස්සේ තමා දැනගත්තේ එයාලට perfume ඇලජික් ලෙඩ වෙනවලු අනික කපල් එකම vegetarian. ඕක ඉතින් මට අවුල උනේ නෑ. මේ මිනිස්සු හරිම නොර්මල්, මන් දැක්ක ඒ ගැණු මනුස්සය ගෙදර ටයිල් වගයක් අල්ලනවා, මනුස්සයත් මොනම හරි හද හද තමා ඉන්නේ නිතරම මොනාහරි ඇහුවම “අ”යන්නේ ඉදල කියල දෙනවා. මෙහෙ ගැණු ලංකාවේ වගේ නෙවෙයි යක්කු වගේ වැඩ ඕනෑම දෙයක් දන්නවා. ඒ මිනිස්සු හරිම හොදයි මට හැමදේම කියල දුන්න ගෙයක් ගන්න හැටි, බඩු ගන්න හැටි, මාව ටවුන් එකට එක්කන් ගිහින් හැම කඩයක්ම පෙන්නුවා වාහනේ අරන් ගිහින් රට වටේ පෙන්නුවා. මිනිස්සුන්ව අඳුරල දුන්නා. මන් බුද්ධාගමේ කියල මාව පන්සලකට එක්කන් ගියා. එයාලට එහෙම ආගමක් නෑලු නමුත් බුද්ධාගමට ගොඩක් කැමති කිව්වා ඒක ෆලෝ කරන්න උත්සහ කරනව කිව්වා. හමුදුරුවොන්ගෙන් පවා ගොඩක් ප්‍රශ්න ඇහුවා.
අපි ලංකාවේ degree ගැන ලොකුවට කතා කරාට මෙහෙ ගොඩක් උන්ට ඒක තියෙනවා. මෙයාලගේ ළමයි තුන් දෙනමට ඩිග්‍රී තියෙනවා, ළමයි වෙනම ඉන්න නිසා ඒ කාමර 3ම නිකන් තියෙන්නේ ඒ නිසා රෙන්ට් කරන්න හිතුව කිව්වා. මන් පස්සේ කතා කරද්දී තමා දැනගත්තේ ඒ මනුස්සයට PhD 2ක් තියෙනවා කියල එයාලටම පේටන්ට් තියෙනවා. මන් ඇහුව ඇයි එහෙනං මෙහෙම ඉන්නේ කියලා. පොර මට ලොකු කතාවක් කිව්වා, 1996 පොර තමාලු ලෝකෙට ඉස්සෙල්ලම කෙල වලින් DNA චෙක් කරන්න පුළුවන් කියල හොයාගත්තේ ඒ අවුරුදු ගානක පරීක්ෂණ වලින්, එච්චර කල් කරේ ලේ වලින් බලපු එකලු. අන්තිමට එකේ පේටන්ට්/ නිෂ්පාදන අයිතිය ගන්න ගියාම වෙන ලොකු කොම්පැනි එකක් අපිව රවට්ටලා ඒක අරගත්තා කිව්වා, මට ගොඩක් විස්තර තේරුනේ නෑ නමුත් කියපු විදිහට තේරුනේ එකේ අයිතිය දැන් එයාලට නෑ කියල තමා. නඩු කියන්න ගියාම ලෝයර් පවුම් බර ගාණක් ඉල්ලුවලු. පොර කිව්වා "කසුන්" ඔයා මොනාද මේ ලෝකේ, ඔය කොම්පැනි ගැන දන්නේ ඒ මිනිස්සුන්ට ඕනෙනං ඔයාව බින්දුවටම බස්සන්න පුළුවන් ඒ තියෙන සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් උන්ට කිව්වා. "they are ready to spend even millions for that" කිව්වා.. අන්තිමට අපි වැඩේ අත ඇරිය අපිට නීතියෙන් පිහිටක් ගන්න බැරි තැනටම ඇදල දැම්ම කිව්වා. ඊළගට මන් අනිත් පේටන්ට් එක ගැන ඇහුවා පොර ඒක ගැන මට කිව්වේ නෑ. පොර කිව්වා දවසක ඔයා දනගනී අපි මේ ආයේ එහෙම ප්‍රශ්නයක් නොවෙන විදිහට එක කරගන්න බලනවා කිව්වා.
ගෙයක් කුලියට ගැනීම
ඔය අතරේ මන් ඒජන්ට් කෙනෙක් හරහා ගෙයක් බලලා request එකක් දැම්මා. ඒක හරිම අමාරු වැඩක් මුන් හැමදේම බලනවා credit history, income, previous details, employer verification, eligibility, landlord කැමති වෙන්න ඕන අනික තව ගොඩක් අය apply කරනවා same house එකටම. අපි අනිවාර්යයෙන් ගෙවල් වලට ගිහින් බලන්න ඕන ඒ බලල තමා request කරන්න පුළුවන් ඔක්කොම process එකට සති 3ක් වත් යනවා. ඇත්තටම ඒ තිබ්බ පීඩනයට මට කොහෙහරි කමක් නෑ තැනක් තමා ඕන උනේ. මොකද දැන් ඉන්න තැනට මන් මාසෙට පවුම් 1100ක් ගෙව්වා. කොහොම හරි මුලින්ම බලපු තැන මන් ඉල්ලුව එක මට හම්බුනා මාසෙට පවුම් 925. landlord පකිස්තාන් ඩොකෙක්. පොර හෙනම හොදයි. මෙහෙ හැමදේම වෙන්නේ online. කොහේටවත් අපි යන්නේ ඕනේ නෑ. tenancy agreement එක sign කරන තැනෙ ඉදන් ගෙවීම දක්වාත් ඔක්කොම උනේ එහෙම. සාමානයෙන් මෙහෙ ගෙවල් වල electric appliances ඔක්කොම වගේ දෙනවා. ගෙවල් හීට් වෙන්නේ ගෑස් හෝ කරන්ට් එකෙන්. අපේ ගෙදර ගෑස් ඒ හින්ද බිල් ටිකක් අඩුයි. මෙහෙට අයිස් වැටුනට හරි පොඩ්ඩයි වැටෙන්නේ. සිතල අඩුම උනේ -2c වගේ. ගෙවල් ගොඩක් පොඩි, ලොකුවට හදන්නේ නෑ සිතල හින්දා.
අන්තිමට මන් ඒ ගෙදරට ආවා. අර මිනිස්සු මට ගොඩක් උදව් කරා බඩු ටික ගෙනත් දාන්න එයාලගේ වාහනෙන්, මට රෑ කෑමක් එහෙමත් දුන්නා. යන දවසේ ඒ ගැණු මනුස්සය මාව බදාගෙන විශ් කරා එයා කිව්වා ඔයා හොඳ මනුස්සයෙක්, අපිට අපේ පවුලේ කෙනෙක් වගේ දැනුනේ, ඕනෑම වෙලාවක අපිට කතා කරන්න මෙහෙ එන්න කිව්වා. ගොඩ්ක් හොඳ සුන්දර මිනිස්සු ඒ. (ඇත්තටම මන් ගෙදරට ඇවිත් සතියකින් වගේ කල ගුණ සැලකීමක් විදිහට එයාලට එන්න කියල සිංහල dinner එකක් දුන්න එක. එයාල හරිම කැමති අපේ කෑම රසවල් වලට)
continue..

Attachments
-
WhatsApp Image 2023-03s4 at 20.47.51.jpg172.4 KB · Views: 446
-
WhatsApp Imaage 2023-03-04 at 20.47.51.jpg237 KB · Views: 448
-
WhatsApp Imwage 2023-03-04 at 20.47.51.jpg111.7 KB · Views: 443
-
WhatsApp Image 2023-03-04 atd 20.47.52.jpg160.3 KB · Views: 421
-
WhatsApp Image 2023-03-04s at 20.47.50.jpg173.1 KB · Views: 456
-
WhatsApp Image 2023-03-04 ats 20.47.50.jpg202.3 KB · Views: 470
-
WhatsApp Image 2023-03aat 20.47.51.jpg152.2 KB · Views: 449