කොහෙත්ම නැහැ. ඉන්ටර්-නැෂනල් ලෙවල් එකේ ඇමරිකාවට කරන්න පුළුවන් බලපෑම රුසියාවට කරන්න බැහැ. ඇමරිකාවට ලෝකේ පුරා යුද කඳවුරු තියෙනවා. ඇමරිකාවට තමන් ඉන්න භූගෝලීය කලාපෙන් බාහිරව වුණත් යුද මෙහෙයුම් කරන්න පුළුවන්. රුසියාව අත දාන්නේ තමන්ගේ භූගෝලීය කලාපයේ කරන්න පුළුවන් යුද මෙහෙයුම්වලට විතරයි. (යුක්රේනයේ කළා වගේ) අනික ඇමරිකානු ජාතියට ලොකු ඉතිහාසයක් නැහැ. සංක්‍රමණික ප්‍රජාවගෙන් තමයි වැඩි හරියක් ඇමරිකානු ජාතිය බිහි වුණේ. රුසියානු ජාතිය ඊට වඩා පරණයි. රුසියානු අනන්‍යතාව ඊට වඩා ඈතට යනවා. ඇමරිකාවට සතුරු රටවල් තියෙන්නේ ටිකයි. කියුබාව, චීනය, රුසියාව, උතුරු කොරියාව, සිරියාව, පලස්තීනය, ඉරානය වගේ. රුසියාවට සතුරු රටවල් ප්‍රමාණය ඊට වැඩියි. මුළු නේටෝ එකම දැන් රුසියාවට සතුරුයි.