මචං මම උදේ කිවුවනේ හොද කරන්න ගිහිං වුනු විපැත්තිය ගැන. අද හවස මසිනා මගේ කාමරේට ඇවිත් කිවුවා "ආන්න අරකි ඇවිත් ගේට්ටුව ලග" කියලා. මම ගිහිං බලද්දී අර ටිකට් කුඩුවේ හිටපු කෙල්ල. මට දැක්කම පුදුම තරහක් ආවේ. මම ආපහු හැරිලා ගෙට යන්න හදද්දී "මහත්තයා පොඩ්ඩක් ඉන්න" කියලා මාව නවත්ත ගත්තා. මම සැරෙන් "ඇයි මොනවද ඕනේ ඇහුවා". එයාට උදේ වෙච්ච සිද්දියට සමාව ගන්න ඕනේ කිවුවා. මම ගේට්ටුවවත් ඇරියේ නැහැ ආයෙත් මේ කෙල්ල කෑගහලා කරදයක් වෙයි කියලා. උදේ 5000 අරගෙන කෑගහලා තියෙන්නේ ටිකට් ටික ඉතුරු කරගන්නලු. එතකොට ඒ ටිකට් ටික විකුනකලත් කියක් හරි හොයා ගන්න පුළුවන්නේ. මම කිවුවා එහෙනම් මට කියන්න තිබුනා එහෙම මාව තිරිසනෙක් වගේ ලැජ්ජා කරේ මොන හිතකින්ද කියලා. ඒ කෙල්ලගේ තාත්තගේ කකුලේ තුවාලයක් ලු. ඒකට පාර්මසියෙන් බෙහෙතක් අරන් රු. 2300 ක. මට අතේ තිබුණු මල්ලෙන් අරං පෙන්නුවා. ඊට පස්සේ ඒ කෙල්ල අතේ ගුලි කරන් හිටපු සල්ලි ටික මට දීලා කිවුවා "මේ ඉතුරු සල්ලි මහත්තයා, ඒ කරපු වැඩේට මට සමාවෙන්න! පුළුවන් දවසක ණය රු.2300 ගෙදරටම ගෙනත් අතටම දෙන්නම්" කියලා. මම කිවුවා "ඕනේ නැහැ, ඉතුරු සල්ලි වලින් ඔයා පාර්මසියෙන් හිත උණු වෙන්න මොකක් හරි බෙහෙතක් ගන්න, මොකද ඔයාගේ හිත ගලක් වෙන්නැති"කියලා. ඒ කෙල්ල ටිකක් වෙලා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉදලා ඉකි ගගහා අඩන්න පටන් ගත්තා. මම සොරි කිවුවත් දිගටම ඇඩුවා. පාරේ යන මිනිස්සුත් බලනවා. ළමයෙකුත් කිහිලි ගහගෙන ගේට්ටුව ලග අඩන එක හරි නැති නිසා මම ටක් ගාලා ගේට්ටුව ඇරලා එයාව ඇතුලට ගත්තා.
ඊට පස්සේ වාඩි වෙන්න කියලා මම අඩන එක බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා. මොන තරහා තිබ්බත් ඉකි ගගහා අඩද්දී මගේ හිත උණු උනා. අනික අතේ හිටිය පොඩි එකත් මගේ දිහාට අත දික් කරනවා. දුවගේ නම සෙහස්යා ලු. අවුරුද්දයි ලු තාම. මහත්තයා කුලී වැඩ කරනවා කිවුවට කතාව ගොඩක් වෙනස්. මෙයා AL කරන කාලේ මේසන් බාස් කෙනෙක් එක්ක යාලු වෙලා. ඒ බාස් මෙයාව රවට්ටලා බලෙන්ම වැඩේ කරගෙන තමා මේ ළමයා හම්බෙලා තියෙන්නේ. පස්සේ හොයලා බලද්දී බාස් බැදලා ළමයි දෙන්නෙක් ඉන්න කෙනෙක්ලු. ළමයට බලන්න කිවුවම බාස්ගේ ගෑනි ගෙදරට ඇවිත් බැනලා ගියාලු යාලු වෙන්න කලින් මේකා බැදලද මොකෙක්ද කියලා බලන්න දන්නේ නැත්ද අපිට සල්ලි දෙන්න නැහැ ඔය ළමයට. අය ඒ පැත්තෙවත් එන්න එපා කියලා. කෙල්ලගේ අම්මත් මැරිලාලු තාත්තා ලොතරැයි කුඩුවෙන් ගන්න සොච්චමෙන්ලු ඔක්කොම කරන්නේ. තාත්තට කුලී වැඩ හම්බෙන දවසට මෙයා එනවලු ටිකට් කුඩුවට. ඒක අහලා මගේ හිත පෑරිලා ගියා.
මම උදේ වෙච්ච ඔක්කොම සිද්දි අමතක කරලා එයාලගෙන් දවල්ට කෑවද ඇහුවා. එයා ඔව් කිව්වත් මම දැන ගත්තා බොරු කියන්නේ කියලා. ඊට පස්සේ මං බත් ටිකක් බෙදලා ගෙනත් දුන්නා කන්න කියලා. දවල්ට කෑවයි කිවුව කෙනා බත් ඇටයක් වත් ඉතුරු නොවෙන්න හූරගෙන කෑවා.
කාලා ඉවර උනාම එයා ඇහුව ගුටි කාපුවා රිදෙනවද කියලා. වෙන කෙනෙක් නම් මං ඒ අහපු දේට හොඳවයින් දෙකක් කියනවා. මං කිව්වා බාම් එකක් තිබිලා ගෑවා කියලා. එයා කිව්වා නිකං ගාලා හරියන්නේ නැහැ උණු වතුරෙන් තවලා ගාන්න ඕනෙයි කියල. උණු වතුර ටිකක් දුන්නොත් එයා තවල බාම් ගාලා දෙන්නම් කිව්වා. මං ටක් ගාලා ඕනේ නැහැ කිව්වා. ඒත් එයා කිව්වා එහෙම හරි උදව්වක් කරොත් එයාගේ හිතට සහනයක් නැත්නම් උදේ වුණු සිද්දිය එයාගේ හිතට හරි වදයක් කියලා. මං ඊට පස්සේ උණුවතුර එකක් දීලා කකුල් බඩ අත් තවා ගෙන බාම් ටික ගාගත්තා.
බාම් ගාන අතරතුර එයාගේ ඇසුයි මගේ ඇසූයි සැරෙන් සැරේ එකට පැටලුනා. කියාගන්න බැරි හැගීමක් මගේ හිතේ ඇති වුනා. බාම් ගාලා යද්දී මට දන ගහලා වැන්ද උදේ සිද්ධියට සමාවෙන්න කියලා. යද්දී මං එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලුවට එයා ළග ෆෝන් එකක් නැහැ කිව්වා. මේ දවස් ටිකෙම ඉන්නේ ටිකට් කූඩුවේ කිව්වා.
කෙල්ල ගියා විතරයි මසිනා ඇවිත් මගේ කන් අඩිය පුපුරන්න එකක් ගැහුවා. "අනේ යකෝ තොට නම් ලැජ්ජාව කියලා එකක් ගෑවිලාවත් නැහැ පරයා කිව්වා" මං කිව්වා ඒ ගෑණු ළමයා අසරණයි ළමයෙකුත් ඉන්නවා තාත්තත් නැති කියලා. මසිනා කිව්වා "මම දන්නවා යකෝ, මට ඇහුනා. ඉතින් තොගේ ඔය මැටි මොලේට තේරෙන්නේ නැත්ද ඒවා කියලා ඒකි උඹේ ඇගේ එල්ලෙන්න හදන්නේ කියලා". ඊට පස්සේ මසිනා මාව ගෙදරින් එළෙවිවා. උඹ අපි ඔක්කොගෙම මූණේ දැලි ගාන්න යන්නේ මඟුලක් නටලා කියලා. මං දැන් පාරේ ඉන්නේ. අක්කා වැඩ ඇරිලා එන්නේ පහට. ඒත් එක්කම ගෙදර යනවා. නැත්නම් මසිනා ගහලා පන්නයි. මේ ඔක්කොම දුක් විදින්නේ මගේ හිත හොඳ වැඩි නිසා. මං මේක ටයිප් කරෙත් ඇස් වල කදුළු පුරවාගෙන. ඇත්තටම ඇයි මේ ලෝකේ හැමදාම හොඳ මිනිස්සුන්ටම දුක් විදින්න වෙන්නේ?