🏙️🎥🎬 අග්‍රගණ්‍ය සිනමා නිර්මාණකරුවෙකුගේ ආගමනය: "Francis Ford Coppola" ගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් හැඩ වූ "Megalopolis' සිනමා නිර්මාණය 🎬🎥🏙️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,040
    153,164
    113
    2L2pZLI.jpg



    "The Godfather" චිත්‍රපට මාලාව, "Apocalypse Now" හා "The Conversation" වැනි විශිෂ්ඨ සිනමා නිර්මාණයන් කලා ක්ෂේත්‍රයට දායාද කළ අග්‍රගණ්‍ය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන "Francis Ford Coppola" ගේ නවතම සිනමා නිර්මාණය වන "Megalopolis' චිත්‍රපටයෙහි රූපගත කිරීම් පසුගියදා ආරම්භ කෙරුණි. අනාගතයේදී සිදුවන දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන නිව් යෝර්ක් නගරය, සියල්ලන්ගෙන්ම පරිපූර්ණ වූ නගරයක් (utopia) ලෙස අලුතෙන්ම ගොඩනැගීමට වෙර දරන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වටා ගෙතෙන කතා තේමාවකින් යුක්ත වූ මෙම සිනමා නිර්මාණය සදහා Adam Driver, Forest Whitaker, Nathalie Emmanuel, Jon Voight, Laurence Fishburne, Aubrey Plaza, Shia Labeouf, Jason Schwartzman, Grace VanderWaal, Kathryn Hunter, Talia Shire, හා Dustin Hoffman වැනිනවක හා ප්‍රවීණ නළු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබී තිබේ.

    "Francis Ford Coppola" විසින් ඉතා දීර්ඝ කාලයක සිට නිර්මාණය කිරීමට මහත් ලැදියාවකින් පසුවූ සිනමා නිර්මාණයක් (passion project) වන මෙම "Megalopolis'චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීම ඔහු විසින් ආරම්භ කොට ඇත්තේ 1980 වර්ෂයේදීය. වසර ගණනාවක සිට දැරූ ප්‍රයත්නයන් අවසානයෙහි "Megalopolis' චිත්‍රපටයෙහි මුල් නිෂ්පාදන කටයුතු 2022 වසරේ ජූලි මාසයේදී ආරම්භ වූ අතර රූපගත කිරීම් 2022 වසරේ නොවැම්බර් මස නොවැම්බර් 01 වන දින ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙහි පිහිටි "Trilith Studios" නම් චිත්‍රාගාරයේදී ආරම්භ කෙරුණි. චිත්‍රපටයෙහි රූපගත කිරීම් එළඹෙන 2023 වසරේ මැයි මාසයේදී අවසාන කිරීමට නියමිතව ඇති අතර චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 100-120 අතර මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ. චිත්‍රපටය තිරගත කරන දිනයක් පිළිබදව මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොතිබුණ ද එය 2024 වසරේ අගභාගයේදී පමණ සිදුවිය හැකි බවට අපේක්ෂා කළ හැකිය.


    කැමරා අධ්‍යක්ෂණය: Mihai Mălaimare Jr.

    සංස්කරණය: Glen Scantlebury

    නිෂ්පාදන සමාගම: American Zoetrope



    රූපගත කිරීම් අතරතුර

    francis-ford-coppola-is-seen-on-set-for-megalopolis-on-november-07-2022-in-atlanta-georgia.jpg


    shia-labeouf-nathalie-emmanuel-megalopolis-set-03.jpg


    FkZyhCtXoAA2HjJ


    FkZyg1hX0AECTvy


    FkX13NWVsAAfNID


    FkZyhPyXwAEhgJx


    FkX13NTVEAADyZc


    FkX13NUUcAAZKOe


    shia-labeouf-nathalie-emmanuel-megalopolis-set-10.jpg


    vek32lq48zy91.jpg


    vptq3lq48zy91.jpg


    wtnchkq48zy91.jpg


    vek32lq48zy91.jpg


    njcnfkq48zy91.jpg




    uldpjkq48zy91.jpg


    64308005-11403105-image-m-51_1667907534331.jpg


    chloe-fineman-nathalie-emmanuel-and-francis-ford-coppola-are-seen-on-set-for-megalopolis-on.jpg


    Nathalie-Emmanuel-joins-her-co-stars-on-the-set-of-Francis.jpg


    shia-labeouf-and-francis-ford-coppola-are-seen-on-set-for-megalopolis-on-november-07-2022-in.jpg


    shia-labeouf-nathalie-emmanuel-megalopolis-set-04.jpg


    shia-labeouf-nathalie-emmanuel-megalopolis-set-05.jpg


    shia-labeouf-nathalie-emmanuel-megalopolis-set-08.jpg


    shia-labeouf-nathalie-emmanuel-megalopolis-set-06.jpg




    ✍️ ලිපිය සැකසුම: Stimulus mind

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,883
    8
    35,533
    113
    What happened to "Megapolis" by RW Productions :ROFLMAO:

    American Zoetrope කියන production company එක coppola යි, George Lucas යි තමයි co-founded කරලා තියෙන්නෙ. :yes:
    A real Zoetrope was an ancient sort of a movie projector that consisted of a drum containing a set of still images, rotated to order to create the illusion of motion.
    ------ Post added on Dec 22, 2022 at 2:50 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,040
    153,164
    113
    මොක්කුද බන් මේ, අහලත් නෑ :eek:
    "Francis Ford Coppola" ගැන දන්නෙ නෑ, ඒත් අර Adèle Exarchopoulos දැරිවි රගපාන එකක් නම් හද්දා වන්නියක පෙන්නන වීදී නාට්‍යයක් ගැන වුණත් දැනගෙන ඉදීවි. 😒
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,040
    153,164
    113

    Coppola ෆිල්ම්ස් හැම එකකම වගේ ඔහොම ලොකු ප්‍රඩක්ෂන් අවුල් තිබුණනෙ. Apocalypse now ෂූට් කරද්දිත් තනිකරම අවුල් ජාලාවක් වෙලා තිබුණෙ. හරිකේන් කුණාටුවක් ඇවිත් හදපු ඔක්කොම සෙට්ස් විනාස වුණා, මාර්ටින් ෂීන්ට හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා නූලෙන් බේරුණෙ. එහෙන් මාලන් බ්‍රැන්ඩො පිස්සු කෙළින්න ගත්තා. ඩෙනිස් හොපරුත් එහෙමයි. තව කේස් සෑහෙන ගොඩක් ආවා. God father සීරීස් එක, Darcula ෆිල්ම් එකත් ඔහොමයි.
     
    • Like
    Reactions: batwise