ධර්මදර විනයදර හාමුදුරුවරු හොයා ගන්න ඕනි නම් ආරණ්යකට යන්න වෙනවා බන්. ඒත් හැම එකම හොදයි කියලා කියන්න බැ. ඒවගේ ඉන්නේ ගිහියෝ එක්ක සල්ලි එක්ක ගැටෙන්නෙ නැති, අඩුම තරමේ ටිවී එකවත් රේඩියෝ අහන්නෙ නැති පිරිසක්. උබලත උනත් ගිහින් හිතෙන හිතෙන සැරේට කතා කරන්න බැහැ. සමහර ආරණ්‍ය තියනවා දානේ ගිහින් දුන්නට භාර ගන්න කෙනෙක් නැ. ඒ ආරණ්‍යවල හාමුදුරුවරු උදේට පිඩුසිගා වැඩීයොත් උබලට පුළුවන් මොනවා හරි පූජකරන්න(සල්ලි හැර). ඊට පස්සේ ආයෙත් උන් වහන්සේලා කුටියට ගිහින් භාවනා කරනවා. ඒක වෙනම ලයිෆ් එකක් බන්. හැබැයි ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවරු සිල් ටීකවල් හරියට රකිනවද කියලා ගැටලුවක් තියනවා බන්. රකින අයත් ඇති. හොද ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් දානේ ටීකක් දෙන්න. සමහර ස්වාමින් වහන්සේලා උදේට පිඩු සිගා වඩීනවා. එහෙම අවස්ථාවක් දැක්කොත් පැනඩෝල් පෙත්තක්වත් පූජා කරපන්. සමන්ත භද්දල වගේ නෙමෙයි , ඒ ස්වාමීන් වහන්සේලා සමහර විට යම් ඵලයකට පත්වෙච්ච අය වෙන්නත් පුළුවන්.දෙන දෙයක් ලෝභ නැතුව දීපන්. ගමේ පන්සලේ සමනේර හිමිවරුන්ටත් ඉගෙන ගන්න දෙයක් දීපන්.. ෆෝන් , අනම් මනම් දීලා උන් වහන්සේලාගේජීවිතේ විනාශ කරන්න එපා