එක්සලන්ට් ආන්සර්
උපතින් ලැබෙන ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන්ගෙන් මේ ධර්මය සාක්ෂාත් කරන්න බැරි නිසා තමා බුදුරදුන් පිලිවෙලින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලා උපදෙස් දුන්නෙ.
සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන උපතින් ලැබුණු ඉන්ද්‍රියන් අතහැරලා පංච ඉන්ද්‍රියන් හදාගන්න කියලා බුදුන් උපදෙස් දෙනවා. ඒ පංච ඉන්ද්‍රයම තමා පංච බල වෙන්නෙ. ඒවාම තමා සප්ත බෝධි අංග ලෙසට දියුණු වෙලා ආර්ය අෂ්ඨාංගික මාර්ග සම්පූර්ණ කරන්නෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීම යනු චතුර් ආර්ය සත්‍යාවබෝධය යි. චතුරාර්‍ය සත්‍යාවබෝධය නිසා ලබන ඵලය නිර්වාණයයි.
ඒ වගෙම ත්‍රෙඩ් එකේ අහන්නෙ බුදුන්, බුදුන් කීව දේත් එලෙසම විශ්වාස කරන්න එපා කිව්වද කියලා. ඒක කාලාම සූත්‍රය කාලාම දාලා හදාගත්ත විකෘතියක්.
ඉහත තියෙන්නෙ ඕකට හොඳ උදාහරණයක්. කලාම සූත්‍රයේ පැහැදිලිව කියනවා;
"තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්"
නමුත් ඔය "ප්‍රසිද්ධ" කාලාම සූත්‍ර ඉන්ටර්ප්‍රිටේශන් එකේ කියනවා රීසන් අනුව පිලිගන්න කියලා. ඒ වගේම බුදුන් කියන එකත් පිලිගන්න එපා කිව්වායි කියනවා. එහෙම කියන්නෙ ඊලඟට තියෙන සූත්‍ර කොටස පැහැදිලිව තේරුම් නොගත් නිසා.
"මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ සමාදන් වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත පිණිස දුක් පිණිස පවතිත් යයි තුමූම දන්නාහුද එසේ ඇති කල්හි, කාලාමයෙනි තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය."
යමක් යහපතැයි දිටු දැමියෙම (තුමු තුමුම දන්නා) තේරිලා ඒ යහපත් දෑ යහපත් නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් ප්‍රසංසා කරනවානම් පිලිගන්න කියලායි කියන්නෙ. මෙන්න මේ දිටුදැමිය හරි වැදගත්. ඊලඟට බලන්න ඕනෙ දිටුදැමියෙ අත්දකින්න කියන්නෙ මොනවද කියලා.
"කාලාමයෙනි ලොභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ සතුන්ද මරයි. සොරකම්ද කරයි. පරදාරාවන් කරාද යෙයි. බොරුද කියයි. යමකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?"
(ඔය ඡේදයට ද්වේශ සහ මෝහ කියන දෙකත් ආදේශ කරගන්න)
දැන් පැහැදිලි විය යුතුයි බුදුහාමුදුරුවො කේසපුත්තයේ කාලාමවරුන්ට පැහැදිලි කරපු ලෝභ ද්වේශ මෝහ මෙන්න මේවායි කියන එක. මෙතන ලෝභ ද්වේශ මෝහ වලින් පහදලා තියෙන්නෙ පංච ශීලයට අයත් අංග ටිකක්. ඒවා සුදුවත් හඳිනා ගිහියන්ටත් අත්විඳින්න පුළුවන් දේවල්. එහෙම නැතිව මේ ශාසනයේ ගැඹුරු අර්ථයෙන් පහදන ලෝභ ද්වේශ මෝහ නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මෙහම තමන්ටම දිටු දැමියෙම (මේ ජීවිතයේදීම) අත්දකින්න පුළුවන් දේ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අගය කරන්නත් ඕනෙ. එතන රීසන් ඇන්ඩ් ලොජ්ක් වලට නෙමෙයි;
1) දිටුදැමියෙම අත්දැකීමයි
2) නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අගයට ලක්වීමයි
කියන කාරණා දෙක තමා බුදුන් ඉදිරියට ගන්නෙ.
එදා කාලාමවරුත් මේක පටලවගනී කියලා හිතලද මන්දා බුදුන් යම් එබඳු බසක් කියනලද නම්, මෙය තෙල කරුණ පිණිස කියන ලදී (ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං) කියලා පහදනවා. ඒ කියන්නෙ දිටුදැමිය සහ නුවණැති යහපත්යැයි සම්මත ශ්‍රමණ බ්‍රාහ්මණ ආශ්‍රයේ වැදගත්කම ඉදිරියට අරන් තහවුරු කරනවා.
ඊට පසුව කියනවා කාලාමවරුනි, ආර්ය ශ්‍රාවකයන් ලෝභ ද්වේශ මෝහයන් ගැලවිලා සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව වාසය කරනවා කියලා. බ්‍රහ්ම විහරණය කියන්නෙ බ්‍රහ්මයා හා සමවීමක්. එදා ඉන්දියාවෙ වෛදික සංස්කෘතියෙ කාලාමවරුන්ට මේක මහා වටිනා දෙයක්. ඒකයි කලාමවරු පැහැදෙන්නෙ. බුදුන් මේ ජීවිතයෙදිම අත්විඳිය හැකි ධර්මයක් උගන්වලා එතනින් නොනැවතී "ඒ ධර්මයේ" පරතෙරටම යන හැටිත් ඉගැන්නුවා.
ආන්න ඒ ඉගැන්වීම නිසා කාලාමවරු ලඟ කලින් නොතිබුනු ශ්‍රද්ධාවක් තථාගතයන් කෙරෙහි ඇති වුනා. ඒ නිසාමයි භගවන‍්තං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච කියමින් ත්‍රිවිධ රත්නය සරණ ගියෙ.
ඒවගේම ත්‍රෙඩ් එක කියවන අය ගෝල් පෝස්ට් එක එහා මෙහා කිරීම ගැනත් සැලකිලිමත් වෙන්න.
යම්කිසි ධර්ම පරියායක් තර්කයට ගෝචර වෙනවා කියන්නෙ එකක්. තර්කයෙන් යම් පමණකට පහදන්න පුලුවන් වෙනවා කියන්නෙ තව එකක් (සමහර සූත්‍ර වල තියෙන්නෙ "ප්‍රඥාවන්තයෝ උපමාවකිනුත් වටහා ගනී" කියන පාඨය, ආන්න ඒ ආකාරයේ පැහැදිලි කිරීම් කිරීම). චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙනනේ ප්‍රඥාවට. ධර්මාවබෝධය උදෙසා ප්‍රඥාව වඩන්න කියලා මිසක් තර්කය වඩන්න කියලා බුදුන් කියන්නෙ නැතිබව අපි දන්නවානෙ. කවුරු හරි කියනවානම් "චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචරයි"කියලා ඒක ධර්මයට පටහැනියි.
Edited - further clarification