බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    කලින් කතාවම තමයි. ඔබතුමා එක්සිපිරියන්ස් කර්ගත් ඒ පාට... පාට නති ඩොමේන් එකකින් එක්ස්ප්‍රස් කරන්නෙ කොහොමද?

    ps. nobles truths therum (manasin) ganna baa...awabodya thamai... (pajanathi)
    මම දැකල තියනවා ඔබතුමා ඕනි තරම් ඒක express කරනව. අර ඔබතුමා මට "මම කියල ගන්න දෙයක් නැහැ" කියල පෙන්නපු තැනත් ඒවගේ තැනක්, මතක නැද්ද? :) එතන වචනයෙන් ඔබ්බට ගිය ගැඹුරක් තියනවනෙ, නමුත් ඒක ඔබතුමා පැහැදිලිව තර්ක කළානෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909

    ඒ ගත්ත සැම දෙයම මනසට අහුවෙන දෙවල් වලින්නෙ කොච්චර ගැබුරු උනත්..අපි සත්ය මොකක්ද කියල හිතෙන් හ්දාගත්ත මොඩෙල් එකක්..

    මෙහෙම කියන්නම් කො.. හිතන්න..මේ ලොකේ අපිට හිනෙන්වත් හිතෙන්නෙ නැති සතෙක් ඉන්නව කියල (සතෙක් කියනනත් බැ..ඒ කියන්නෙ හිතන්න පුලුවන් නෙ සතෙක් කියල ) කොටින්ම කිව්ව්ත් මනසට අහුවෙන්නෙ නැ

    දැන් ඔය කියපු සතා (ඉන්නව කියලත් දන්නෙ නැ).. පිලිබද අපිට තර්කයක් ගොඩ නගන්න පුලුවන්ද?
     
    කොහොමත් තර්ක කරන්නේ හිතේ හදාගත්ත model එකකින්නෙ ඉතින් නිවන අරන් තර්කයක් ගොඩ නගන්න බෑ කියන එක මම පිළිගන්නව නමුත් චතුරාර්‍ය සත්‍ය කියන්නේ fact එකක් මම කියන්නේ එකේ විවධ inteprition වලට තර්ක ගොඩනගන්න පුළුවන් කියල. නමුත් චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඵලය (නිවන) අරන් එහෙම තර්කයක් ගොඩ නගන්න බෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මහත්තයෝ, ප්‍රජ්නා ඉන්දියට පමනක් අසුවන දෙයක්, මන ඉන්ඩ්‍රියකින් (තර්ක ) වලින් අල්ලන්නෙ කොහොමද?

    ඇස ඉන්ඩ්‍රිය නති කෙනෙකුට නාසය ඉන්ඩ්‍රියට පමනක් ගෝචර සුවද මගින් කිරි වල පාට පිලිබද තර්කයක් තුලින් ඇස නැති කෙනාට පෙනවන්න පුලුවන් වුන දවසට.... නිවනත් තර්කයෙන් පෙන්නන්න පුලුවන් වෙයි.

    එක්සලන්ට් ආන්සර්🙏

    උපතින් ලැබෙන ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන්ගෙන් මේ ධර්මය සාක්ෂාත් කරන්න බැරි නිසා තමා බුදුරදුන් පිලිවෙලින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලා උපදෙස් දුන්නෙ.

    සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන උපතින් ලැබුණු ඉන්ද්‍රියන් අතහැරලා පංච ඉන්ද්‍රියන් හදාගන්න කියලා බුදුන් උපදෙස් දෙනවා. ඒ පංච ඉන්ද්‍රයම තමා පංච බල වෙන්නෙ. ඒවාම තමා සප්ත බෝධි අංග ලෙසට දියුණු වෙලා ආර්ය අෂ්ඨාංගික මාර්ග සම්පූර්ණ කරන්නෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීම යනු චතුර් ආර්ය සත්‍යාවබෝධය යි. චතුරාර්‍ය සත්‍යාවබෝධය නිසා ලබන ඵලය නිර්වාණයයි.

    ඒ වගෙම ත්‍රෙඩ් එකේ අහන්නෙ බුදුන්, බුදුන් කීව දේත් එලෙසම විශ්වාස කරන්න එපා කිව්වද කියලා. ඒක කාලාම සූත්‍රය කාලාම දාලා හදාගත්ත විකෘතියක්.

    quote-8.png

    ඉහත තියෙන්නෙ ඕකට හොඳ උදාහරණයක්. කලාම සූත්‍රයේ පැහැදිලිව කියනවා;

    "තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්"

    නමුත් ඔය "ප්‍රසිද්ධ" කාලාම සූත්‍ර ඉන්ටර්ප්‍රිටේශන් එකේ කියනවා රීසන් අනුව පිලිගන්න කියලා. ඒ වගේම බුදුන් කියන එකත් පිලිගන්න එපා කිව්වායි කියනවා. එහෙම කියන්නෙ ඊලඟට තියෙන සූත්‍ර කොටස පැහැදිලිව තේරුම් නොගත් නිසා.

    "මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ සමාදන් වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත පිණිස දුක් පිණිස පවතිත් යයි තුමූම දන්නාහුද එසේ ඇති කල්හි, කාලාමයෙනි තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය."

    යමක් යහපතැයි දිටු දැමියෙම (තුමු තුමුම දන්නා) තේරිලා ඒ යහපත් දෑ යහපත් නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් ප්‍රසංසා කරනවානම් පිලිගන්න කියලායි කියන්නෙ. මෙන්න මේ දිටුදැමිය හරි වැදගත්. ඊලඟට බලන්න ඕනෙ දිටුදැමියෙ අත්දකින්න කියන්නෙ මොනවද කියලා.

    "කාලාමයෙනි ලොභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ සතුන්ද මරයි. සොරකම්ද කරයි. පරදාරාවන් කරාද යෙයි. බොරුද කියයි. යමකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?"

    (ඔය ඡේදයට ද්වේශ සහ මෝහ කියන දෙකත් ආදේශ කරගන්න)

    දැන් පැහැදිලි විය යුතුයි බුදුහාමුදුරුවො කේසපුත්තයේ කාලාමවරුන්ට පැහැදිලි කරපු ලෝභ ද්වේශ මෝහ මෙන්න මේවායි කියන එක. මෙතන ලෝභ ද්වේශ මෝහ වලින් පහදලා තියෙන්නෙ පංච ශීලයට අයත් අංග ටිකක්. ඒවා සුදුවත් හඳිනා ගිහියන්ටත් අත්විඳින්න පුළුවන් දේවල්. එහෙම නැතිව මේ ශාසනයේ ගැඹුරු අර්ථයෙන් පහදන ලෝභ ද්වේශ මෝහ නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මෙහම තමන්ටම දිටු දැමියෙම (මේ ජීවිතයේදීම) අත්දකින්න පුළුවන් දේ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අගය කරන්නත් ඕනෙ. එතන රීසන් ඇන්ඩ් ලොජ්ක් වලට නෙමෙයි;

    1) දිටුදැමියෙම අත්දැකීමයි
    2) නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අගයට ලක්වීමයි

    කියන කාරණා දෙක තමා බුදුන් ඉදිරියට ගන්නෙ.

    එදා කාලාමවරුත් මේක පටලවගනී කියලා හිතලද මන්දා බුදුන් යම් එබඳු බසක් කියනලද නම්, මෙය තෙල කරුණ පිණිස කියන ලදී (ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං) කියලා පහදනවා. ඒ කියන්නෙ දිටුදැමිය සහ නුවණැති යහපත්යැයි සම්මත ශ්‍රමණ බ්‍රාහ්මණ ආශ්‍රයේ වැදගත්කම ඉදිරියට අරන් තහවුරු කරනවා.

    ඊට පසුව කියනවා කාලාමවරුනි, ආර්ය ශ්‍රාවකයන් ලෝභ ද්වේශ මෝහයන් ගැලවිලා සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව වාසය කරනවා කියලා. බ්‍රහ්ම විහරණය කියන්නෙ බ්‍රහ්මයා හා සමවීමක්. එදා ඉන්දියාවෙ වෛදික සංස්කෘතියෙ කාලාමවරුන්ට මේක මහා වටිනා දෙයක්. ඒකයි කලාමවරු පැහැදෙන්නෙ. බුදුන් මේ ජීවිතයෙදිම අත්විඳිය හැකි ධර්මයක් උගන්වලා එතනින් නොනැවතී "ඒ ධර්මයේ" පරතෙරටම යන හැටිත් ඉගැන්නුවා.

    ආන්න ඒ ඉගැන්වීම නිසා කාලාමවරු ලඟ කලින් නොතිබුනු ශ්‍රද්ධාවක් තථාගතයන් කෙරෙහි ඇති වුනා. ඒ නිසාමයි භගවන‍්තං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච කියමින් ත්‍රිවිධ රත්නය සරණ ගියෙ.

    ඒවගේම ත්‍රෙඩ් එක කියවන අය ගෝල් පෝස්ට් එක එහා මෙහා කිරීම ගැනත් සැලකිලිමත් වෙන්න.

    යම්කිසි ධර්ම පරියායක් තර්කයට ගෝචර වෙනවා කියන්නෙ එකක්. තර්කයෙන් යම් පමණකට පහදන්න පුලුවන් වෙනවා කියන්නෙ තව එකක් (සමහර සූත්‍ර වල තියෙන්නෙ "ප්‍රඥාවන්තයෝ උපමාවකිනුත් වටහා ගනී" කියන පාඨය, ආන්න ඒ ආකාරයේ පැහැදිලි කිරීම් කිරීම). චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙනනේ ප්‍රඥාවට. ධර්මාවබෝධය උදෙසා ප්‍රඥාව වඩන්න කියලා මිසක් තර්කය වඩන්න කියලා බුදුන් කියන්නෙ නැතිබව අපි දන්නවානෙ. කවුරු හරි කියනවානම් "චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචරයි"කියලා ඒක ධර්මයට පටහැනියි.

    Edited - further clarification
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    පොරත් දන්නවා අපිට නොතේරෙන ලෙස කෙප්පයක් කියපු නිසා වැඩිය අහන්න එපා මටත් පැහැදිලි කරන්න බෑ කියලා
     
    • Haha
    Reactions: gnilukshi

    ඉතින් greenthunder මහත්තය, ප්‍රඥාවට ගෝචර වෙච්ච චතුරාර්‍ය සත්‍ය ගැන ඇයි තර්ක කරන්න බැරි? තර්ක කරනව කියන්නෙම යම් අදහසක් නොයෙකුත් සාධක මගින් සනාථ කිරීම නොවෙයිද? උදාහරණයකට, ඇයි දුකට හේතුව තණ්හාව කියන කරුණ ඇයි තර්කයට ගෝචර නොවෙන්නෙ?
    ඔබතුමා මොන පදනමක් මතද "චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචරයි" යන්න ධර්මයට පටහැනියි කියන්නෙ?

    ඔබතුමන්ලා දේවල් ගැන ඕනිවට වඩා හිතල කාරණාව ඉක්මවා යනව කියලා මට හිතෙන්නෙ :)

    ek_rosh මහත්තයගෙ answer එක excellent but not for this question;)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    ඉතින් greenthunder මහත්තය, ප්‍රඥාවට ගෝචර වෙච්ච චතුරාර්‍ය සත්‍ය ගැන ඇයි තර්ක කරන්න බැරි? තර්ක කරනව කියන්නෙම යම් අදහසක් නොයෙකුත් සාධක මගින් සනාථ කිරීම නොවෙයිද? උදාහරණයකට, ඇයි දුකට හේතුව තණ්හාව කියන කරුණ තර්කයට ගෝචර නොවෙන්නෙ?
    ඔබතුමා මොන පදනමක් මතද "චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචරයි" යන්න ධර්මයට පටහැනියි කියන්නෙ?

    ඔබතුමන්ලා දේවල් ගැන ඕනිවට වඩා හිතල කාරණාව ඉක්මවා යනව කියලා මට හිතෙන්නෙ :)

    ek_rosh මහත්තයගෙ answer එක excellent but not for this question;)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඒ මල්හත, ඔයා ගෝචර වීම සහ පැහැදිලි කිරීමට හැකිවීම දෙකක් බව තේරුම් නොගන්නා නිසා.

    ශබ්ද ගෝචර කනට.
    ගන්ධය ගෝචර නාසයට.
    ශබ්ද නාසයට ගෝචර නැහැ.
    ගන්ධය කනට ගෝචර නැහැ.

    නමුත් කනට සහ නහයට ගෝචර දේට මනසින් අර්ථකතන දෙන්න පුලුවන්. මනසින් දෙන අර්ථකථනය වචන භාවිතා කරලා ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් එතන තියෙන්නෙ කනට/නහයට ගෝචර වූ දෙයට දෙන අර්ථකතනයක්.

    චතුරාර්‍ය සත්‍ය ගෝචර ප්‍රඥාවට. ඒකියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්නෙ/හඳුනන්න පුළුවන් ප්‍රඥාවට. ප්‍රඥාවට ගෝචර වෙන චතුරාර්‍ය සත්‍ය වචන භාවිතා කරලා පැහැදිලි කරන්න පුලුවන්. නමුත් ඒක චතුරාර්‍ය සත්‍යාවබෝධය නෙමෙයි. හුදු අර්ථකතනයක්.

    එමනිසා චතුරාර්‍ය සත්‍ය ගෝචර වීම එකක්. ඒ අවබෝධය වචනයට පෙරලීම තවත් එකක්. ඔයා ඒ දෙක පටලවනවා. තර්කයට ගෝචරවීඹ සහ තර්කයෙන් අර්ථකතනයක් දීමට හැකිවීම එකක් විදිහට ගන්නවා.
     
    • Like
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    කොහොමත් තර්ක කරන්නේ හිතේ හදාගත්ත model එකකින්නෙ ඉතින් නිවන අරන් තර්කයක් ගොඩ නගන්න බෑ කියන එක මම පිළිගන්නව නමුත් චතුරාර්‍ය සත්‍ය කියන්නේ fact එකක් මම කියන්නේ එකේ විවධ inteprition වලට තර්ක ගොඩනගන්න පුළුවන් කියල. නමුත් චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඵලය (නිවන) අරන් එහෙම තර්කයක් ගොඩ නගන්න බෑ.

    ඇස් නති කෙනෙක් කියනව කිරි පැනි රහ පාටයි කියල...ඒ වගේම තව කෙනෙක් තර්ක කරනව කිරි වල පාට තිත්ත කියල.. අන්න ඔය වගෙ වැඩක් තමයි අපි කරන්නෙ....අල්ලන්න බැරි දෙයක් අල්ලගන්න පුලුවන් දෙයකට දාගෙනෙ තර්ක කරන්න බලනව... වැඩක් නැ. කවදාවත් අල්ලන්න බැ.
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    ඒ මල්හත, ඔයා ගෝචර වීම සහ පැහැදිලි කිරීමට හැකිවීම දෙකක් බව තේරුම් නොගන්නා නිසා.

    ශබ්ද ගෝචර කනට.
    ගන්ධය ගෝචර නාසයට.
    ශබ්ද නාසයට ගෝචර නැහැ.
    ගන්ධය කනට ගෝචර නැහැ.

    නමුත් කනට සහ නහයට ගෝචර දේට මනසින් අර්ථකතන දෙන්න පුලුවන්. මනසින් දෙන අර්ථකථනය වචන භාවිතා කරලා ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් එතන තියෙන්නෙ කනට/නහයට ගෝචර වූ දෙයට දෙන අර්ථකතනයක්.

    චතුරාර්‍ය සත්‍ය ගෝචර ප්‍රඥාවට. ඒකියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්නෙ/හඳුනන්න පුළුවන් ප්‍රඥාවට. ප්‍රඥාවට ගෝචර වෙන චතුරාර්‍ය සත්‍ය වචන භාවිතා කරලා පැහැදිලි කරන්න පුලුවන්. නමුත් ඒක චතුරාර්‍ය සත්‍යාවබෝධය නෙමෙයි. හුදු අර්ථකතනයක්.

    එමනිසා චතුරාර්‍ය සත්‍ය ගෝචර වීම එකක්. ඒ අවබෝධය වචනයට පෙරලීම තවත් එකක්. ඔයා ඒ දෙක පටලවනවා. තර්කයට ගෝචරවීඹ සහ තර්කයෙන් අර්ථකතනයක් දීමට හැකිවීම එකක් විදිහට ගන්නවා.
    මම පටලුවේ නැහැ මහත්තය, තර්කයෙන් අර්ථකතනයක් දීම කියල දෙයක් නැහැනෙ මහත්තය, තර්කයෙන් සනාථ කිරීමනෙ තියෙන්නේ. ඉතින් තර්කයෙන් සනාථ කල හැකි දෙයක් තර්කයට ගෝචරයි කියන අදහස මම කිව්වේ. මේකේ මොකකක්ද තියෙන පැටලීම? ඔබතුමා චතුරාර්‍ය සත්‍ය න්‍යායත්, චතුරාර්‍ය සත්‍ය අවබෝධයත් යන දෙක පටලවාගෙන වගෙ :)

    ඇස් නති කෙනෙක් කියනව කිරි පැනි රහ පාටයි කියල...ඒ වගේම තව කෙනෙක් තර්ක කරනව කිරි වල පාට තිත්ත කියල.. අන්න ඔය වගෙ වැඩක් තමයි අපි කරන්නෙ....අල්ලන්න බැරි දෙයක් අල්ලගන්න පුලුවන් දෙයකට දාගෙනෙ තර්ක කරන්න බලනව... වැඩක් නැ. කවදාවත් අල්ලන්න බැ.
    ඔබතුමා තවම ප්‍රශ්නය ඉකමවල ඉන්නෙ :) ඔබතුමා කියන දේ 100% හරි නමුත් ඔබතුමා ඔය කියන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයේ ලක්ෂණ.
    ------ Post added on Dec 25, 2022 at 9:26 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,395
    10,994
    113
    Kandy
    පන්සිල පහ රැකගන්නවත් බැරි නිසා මම නම් ඉන් එහා රෙද්දවල් හොයන්න යන්නෙ නෑ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    පන්සිල පහ රැකගන්නවත් බැරි නිසා මම නම් ඉන් එහා රෙද්දවල් හොයන්න යන්නෙ නෑ.
    පන්සිල් රැකපු නැති අය තමයි මහත්තය වැඩිපුරම ධර්මාවබෝධය කලේ, උත්සාහය අතඅරින්න එපා :)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    මම පටලුවේ නැහැ මහත්තය, තර්කයෙන් අර්ථකතනයක් දීම කියල දෙයක් නැහැනෙ මහත්තය, තර්කයෙන් සනාථ කිරීමනෙ තියෙන්නේ. ඉතින් තර්කයෙන් සනාථ කල හැකි දෙයක් තර්කයට ගෝචරයි කියන අදහස මම කිව්වේ. මේකේ මොකකක්ද තියෙන පැටලීම? ඔබතුමා චතුරාර්‍ය සත්‍ය න්‍යායත්, චතුරාර්‍ය සත්‍ය අවබෝධයත් යන දෙක පටලවාගෙන වගෙ :)

    ඔබතුමා තවම ප්‍රශ්නය ඉකමවල ඉන්නෙ :) ඔබතුමා කියන දේ 100% හරි නමුත් ඔබතුමා ඔය කියන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයේ ලක්ෂණ.
    ------ Post added on Dec 25, 2022 at 9:26 AM

    අභ්දර්මයෙ යමකයේ බුදුන් කතාකරනව සිතටත් නැති කයටත් නති දුක ගැන.. දුක්ක සත්ය විග්‍රගයෙදි..දැන් ඔබතුමා දැනගන්නත් එක්ක කියන්න
    ඔය මොකකටවත් අහුවෙන්නෙ නැති දුක පිලිබද මොන වගේ තර්ක සනාත ද ගේන්නෙ චතුරර්ය සත්යෙදි ඔබතුමා?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    අභ්දර්මයෙ යමකයේ බුදුන් කතාකරනව සිතටත් නැති කයටත් නති දුක ගැන.. දුක්ක සත්ය විග්‍රගයෙදි..දැන් ඔබතුමා දැනගන්නත් එක්ක කියන්න
    ඔය මොකකටවත් අහුවෙන්නෙ නැති දුක පිලිබද මොන වගේ තර්ක සනාත ද ගේන්නෙ චතුරර්ය සත්යෙදි ඔබතුමා?
    ආයිත් ඔබතුමා මේ අහන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවට ගෝචර දුක පිලිබඳ අවබෝධය ගැන මේක ගැන නමෙයි ප්‍රශ්නය. මම මෙහෙම අහන්නම්කො ඔබතුමා චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් තොරව පිළිගන්නවද? මමනම් හිතන්නේ නැහැ ඔබතුම කවදාකවත් චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් සනාථ නොකර පිළිගනියි කියල :)
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    ආයිත් ඔබතුමා මේ අහන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවට ගෝචර දුක පිලිබඳ අවබෝධය ගැන මේක ගැන නමෙයි ප්‍රශ්නය. මම මෙහෙම අහන්නම්කො ඔබතුමා චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් තොරව පිළිගන්නවද?

    බුදුන් ච්තුරර්ය සත්ය් විග්‍රහයට ගේන්නෙ, තමන් එක්ස්පිරියන්ස් කරපු දෙයක් නෙ වචන වලින්.. දැන් ඔය තර්ක ගොඩ නැගෙන්නෙ, වචන වලට දාන ලෞකික අර්තය මතනෙ...ඉතින් ඒක තර්කගෙන් වලන්ගු නැ කියල මට ප්‍රශ්නයක් නැ. මම දන්නව එහෙම වෙන්න ඕනි නැ කියලත්...ඔය ඔක්කොම තර්ක ගොඩ නැගෙන්නෙ ගොචර දෙයකින්නෙ.

    හරියට අර කිරි වල පාට පැනි රසයි කිව්වත්, පාට තිත්ත රසයි කිව්වත් වගෙ...තර්කයෙන්..පාට පැනි රසයි කියල ඔප්පු කරත් වැඩක් නැ. තිත්තයි කිව්වත් වැඩක් නැ.
    ps.ඔය මොන තර්කයෙන් වත්, කිරි වල පාට අල්ලන්න බැ. සුදු කියල ඔප්පුකරන්නත් බැ, සුදු නෙමෙ කියල ඔප්පු කරන්නත් බැ.

    ආයිත් ඔබතුමා මේ අහන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවට ගෝචර දුක පිලිබඳ අවබෝධය ගැන මේක ගැන නමෙයි ප්‍රශ්නය. මම මෙහෙම අහන්නම්කො ඔබතුමා චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් තොරව පිළිගන්නවද? මමනම් හිතන්නේ නැහැ ඔබතුම කවදාකවත් චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් සනාථ නොකර පිළිගනියි කියල :)

    තව එක පාරක් කියන්නම්. මී විදිහට...එකත් සෙට් වෙන්නෙ නැත්තම් අල්ලල දාන්න..මීට වැඩිය සරල කරන්න බැ.

    අන්ද අය (අපි )
    ඇස් පේන කෙනා (බුදුන්)

    ඇස් පේන කෙනා නිල් පාට බෝතලයක් අරගෙන එකය කහ පාට දානව... දැන් ඔය දෙක එකතු උනාම කොල පාට

    ඊට පස්සෙ ඇස් පේන කෙනා කියනව, ඇස් නති අයට..නිල් පාට කියල දෙයක් තියනව...කහපාට කියල දෙයක් තියෙනව..ඔය දෙක එකතු කරාම කොල පාට කියල දෙයක් හැදෙනව..

    දැන් ඔබතුමා කියන විදිහට ඕක න්යායක් විදිහට අරගෙන..ඔය අස් පෙනෙන නැති දෙන්නට තර්කානුකුලව (අවබොදයෙන් නෙවෙ..අස් පේන්නෙ නැ නෙ ) ඔප්පුකරන්න ප්ලුවන්ද ඔය න්යාය?
    ------ Post added on Dec 25, 2022 at 10:33 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,395
    10,994
    113
    Kandy
    පන්සිල් රැකපු නැති අය තමයි මහත්තය වැඩිපුරම ධර්මාවබෝධය කලේ, උත්සාහය අතඅරින්න එපා :)

    මොනවටද බං උත්සාහ කරන්න ඕනෙ?