බන්දුල අත්අඩංගුවට...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ "බලු මූණා" කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ .

    කාලිංග නලීන් මධුසංඛ නොහොත් බලු මූණා ආඩිඅම්බලම , සරණතිස්සගම පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි .

    මොහු තවත් කල්ලියක් සකස් කර ගෙන ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින්, මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් ප්‍රකාශකවරයෙකු පැවසීය .

    මීට අමතරව හෙරොයින් පානය කිරීම පිළිබඳව 54 වගන්තිය යටතේ 06 වරක් මොහු අධිකරණය හමුවේ චෝදනාවට ලක් වී තිබේ.

    අත් අඩංගුවට ගැනීමෙන් පසුව මොහු විසින් පැහැර ගත් යතුරු පැදි දෙකක් කොළඹ ප්‍රදේශයට උකස් තබා තිබියදී කටුනායක පොලීසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

    ආඩිඅම්බලම ප්‍රදේශවාසීන් මොහු අත් අඩංගුවට ගැනීම පිළිබඳව කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ සිය බලවත් ප්‍රසාදය පළ කර තිබේ .

    මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.කේ.ඒ.ඒ. නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රත්නායක , උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන්වරුන් වන 37371 සුනිල් , 50978 සරත් , 13860 සුරිය බණ්ඩාර , පොලිස් කොස්තාපල්වරුන් වන 33249 අනුෂ්ක , 43099 කුමාරසිංහ , 101660 සමරසිංහ සහ 96810 පල්ලෙගෙදර යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරති .

    මොහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (30) ඉදිරිපත් කිරීමට නියමිතය .

    https://www.lankadeepa.lk/news/’’බලු-මූණා’’-අත්අඩංගුවට/101-626009
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dog Morning GIF
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොහු තවත් කල්ලියක් සකස් කර ගෙන ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින්, මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් ප්‍රකාශකවරයෙකු පැවසීය .
    පොඩි හොරකමක් කරලා අහුවුනත් ඒ පළාතේ පොලිසියට හොයාගන්න බැරිවෙච්ච හොරකම් අපරාධ ඔක්කොම පටවලා උසාවියට දාන්න ඉඩ තියෙනවා..
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය එරික් කියන ඔෆිසර් සිරා පොරක් නේද ? පොරව නේද අර මන්තිරියෙක් මාරු කරවලා තිබ්බෙ බුවත් එක්ක බෑ කියල..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය එරික් කියන ඔෆිසර් සිරා පොරක් නේද ? පොරව නේද අර මන්තිරියෙක් මාරු කරවලා තිබ්බෙ බුවත් එක්ක බෑ කියල..
    කසිප්පු අල්ලනවා කියලා මාරු කලේ
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    ඔය සරනතිස්සගමට කියන්නේ ඉන්ගම්මාරුව කියලා. ඒ කාලේ tv එකේ කතාවක් ගියේ.. ඕකේ ඉන්න වැඩි දෙනෙක් ඔය වගේ තමා.
     
    • Like
    Reactions: Brandy2020

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537

    07-Bandula.jpg