QR Payment Vs Card Payment

QR Payment කරල තියෙනවද?

  • QR Payment කරල තියෙනවා

    Votes: 4 33.3%
  • කරල නැහැ. Try කරල බලන්න කැමති

    Votes: 6 50.0%
  • Card Payment method එක පහසුයි

    Votes: 2 16.7%

  • Total voters
    12

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113


    සෑම QR ගෙවීමකදිම ව්‍යාපාරික ස්ථානයෙන් ඔවුන්ගේ බැංකුව අය කරගන්නා 0.5% ක ගාස්තුව ඉහත පාර්ශව 5 අතරේ, ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති අනුපාතයකට බෙදී යනවා. හෙළකුරු ඇප් එක ඔබෙ වෙත පිරිනමන අප ආයතනයට ආදායමක් ලෙස ලැබෙන්නේ ඉන් කොටසක් පමණයි. පැණයට පිළිතුර එයයි.

    කෙසේ නමුත් වැදගත්ම කාරණය, QR ගෙවීමකදි ව්‍යාපාරික ස්ථානයෙන් අය වෙන්⁣නේ 0.5% ක් වගේ ඉතා සුළු ගාස්තුවක් වුවත්, Card ගෙවීම් වලදි 3% කට ආසන්න ගාස්තුවක් එලෙස ඔවුන්ගෙන් අය වෙනවා.

    ඒ සෑම Card ගෙවීමකදිම Visa/Mastercard වැනි විදෙස් ගෙවීම් ජාල ද එම ගෙවීම් සම්පූර්ණ කරන්න දායක වන නිසා, ඔවුන්ටත් එම ගාස්තුවෙන් කොටසක් බෙදී යන නිසයි. එසේ බෙදීයන ගාස්තු නිසා අප රටට වි⁣ශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වෙනවා. එය වසරකට රු.බිලියන 10කට වැඩි ප්‍රමාණයක් බව LankaPay ආයතනය නිකුත් කළ වාර්තා වල දැක්වෙනවා.

    මේ 0.5% එක ඇත්තනම් QR payment කරන එක හැමෝටම සහ රටටත් වාසියක් නේද බන්. ඩොලර් එලියට යන එකත් අඩුවෙනවනේ...:)


    පාවිච්චි කරල තියෙන අය ඉන්නවනම් කොහොමද transaction එක කැශියර් එකේදි වෙන්නෙ, වැඩේ ලේසිද, මොනවද ආපු ගැටලු කියලත් කියාගෙනම යමු.............
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    මේ 0.5% එක ඇත්තනම් QR payment කරන එක හැමෝටම සහ රටටත් වාසියක් නේද බන්. ඩොලර් එලියට යන එකත් අඩුවෙනවනේ...:)

    බැංකු හැම එකම වගේ QR payment ඔප්ශන් එක අදාළ බෑන්ක් ඇප් එකෙන් දීල තියෙන්නෙ කට්ටිය පාවිච්චි කළේ නැතුවට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    බැංකු හැම එකම වගේ QR payment ඔප්ශන් එක අදාළ බෑන්ක් ඇප් එකෙන් දීල තියෙන්නෙ කට්ටිය පාවිච්චි කළේ නැතුවට
    QR payment ගැන තාම මිනිස්සුන්ට අවබෝධයක් නෑ. ජන මාධ්‍ය මගින් කරන දැනවත් කිරීම් නැති තරම්
     
    • Like
    Reactions: tha123 and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    බැංකු හැම එකම වගේ QR payment ඔප්ශන් එක අදාළ බෑන්ක් ඇප් එකෙන් දීල තියෙන්නෙ කට්ටිය පාවිච්චි කළේ නැතුවට
    දීල තිබ්බට ඒ ගැන ප්‍රචාරනයක් නැහැනේ... මාත් හැමදාම ගෙවල බලන්නම් කියල හිටියට පුරුද්දට කාඩ් එකෙන් ගෙව්ල එනවා... බඩුත් අරන් වාහනෙටත් නැග්ගට පස්සෙ තමා මතක් වෙන්නේ qr එක ට්‍රයි කරන්න බැරි උනානෙ කියලා...


    QR payment ගැන තාම මිනිස්සුන්ට අවබෝධයක් නෑ. ජන මාධ්‍ය මගින් කරන දැනවත් කිරීම් නැති තරම්
    ඒකනේ.. මෙච්චර රටට ලාභනම් ඕක දැනුවත් කරන්න එපැයි...

    මුලදි events/promotions එහෙම තියලා මිනිස්සු පුරුදු කරානම් පස්සේ හැමෝම ගෙවන්න ගන්නවා...:)
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,397
    113
    Oka convenience ne thawama. Shop wala adui,phones adui,hema thenama karanna amarui
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Oka convenience ne thawama. Shop wala adui,phones adui,hema thenama karanna amarui
    Eknm aththa.. Mtth hithuna pradhana cons 2k thma...

    1. lankwe stable mobile connection ekk nthi nisaa app load wenn wela ynv..
    2. lankwe godk aya use krnne budget phones nisa ewgen app ek load wenn tika welwak ynava..

    oya deka nisa godk welwta direct card payment ek fast.