පොරක් වෙන්නෙ කොහොමද.
හැමෝම ආසයිනෙ පොරක් වෙන්න. සමහරු අනික් උන්ට වඩා ඉගනගෙන පොරක් වෙන්න ආසයි සමහරු රස්සාවෙන් පොරක් වෙන්න ආසයි. තවත් සමහරු අනික් එකාට පොඩ්ඩක් බුලි කරල පොරක් වෙන්න ආසයි. මම මේ උඩ කියපුව හැමදාම තියෙන්නෙ නෑ. මේව තියාගන්නත් මේන්ටේන් කරන්න මිනිස්සු පුදුම කට්ටක් කනව.
ඇත්තටම පොරක් වෙන්නෙ කොහොමද
තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවනවනම්. තමන් කරන රස්සාවෙන් හෝ මොකෙන් හරි තමන් තෘප්තියක් ලබනවනම් මනුස්සයෙක්ගෙ ජීවිතේ එක තැනක් සම්පූර්ණයි. ඊට පස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතුව නැගිටින්නයි හිතේ සතුටෙන් නිදාගන්නයි පුලුවන්නම් ඒ මනුස්සය ජිවිතේ තව කොටසක් සම්පූර්ණ කරගෙන ඉවරයි. ( මම මේ කතාකරන්නෙ ආගම ගැන නෙමේ ) තව ජීවිතේට අනවශ්‍ය පරිදි ගොඩගහගන්න ට්‍රයි නොකරන තමන්ට හෝ තමන්ගෙන් යැපෙන්නන්ට අවශ්‍ය දේ සපයන්න පුලුවන් මනුස්සයෙක්නම් තවත් කොටසක් සම්පූර්ණයි. අවංකවම සතුටෙන් නම් ඉන්නෙ තමන් ඒක තව කෙනෙක්ට මම සතුටෙන් ඉන්නෙ කියල ඔප්පු කරන්න අවශ්‍ය නෑ තමන් ඇත්තටම සල්ලි තියෙනවනම් තව කෙනෙක්ට සල්ලි තියෙනව කියල පෙන්නන්න ට්‍රයි කරන්නෙ නෑ. උබල දැකල ඇති ඇත්තටම උගත් මිනිස්සු තමන්ට වඩා තමන්ගෙන් ඉගනගන්න මිනිස්සු ඉස්සරහට යද්දි මාර විදියට සතුටු වෙන. මම දකින විදියට ඒ තමයි පොරවල්..
මම කියන දේ අගක් මුලක් ගැලපෙන්නෙ නෑ කියල මම දන්නව මේක මට නිකන් කල්පනා කරද්දි ආපු දෙයක් මේක දකින විදිය එක එක්කෙනාට සාපේක්ෂව අදහස් දක්වන්න.
ආයි කියනව අගක් මුලක් ගැලපෙන්නෙ නෑ උබලට අයිඩියා එක ආවනං ඇති මම එහෙම ලියන්න දන්න මනුස්සයෙක්නම් නෙමේ

