දැන් මේකයි බං. උඹ ඕක මට කියන්නෙ අැයි කියල ටිකක් පැහැදිලි කරහන්කො.
මට අැත්තටම ඔය ලෙඩේ තියෙනවා නම් එ‍්ක ඔහොම දාලා උලුප්පන්න අවශ්‍ය නෑනෙ. එ‍්කට ප්‍රතිකාර තියෙනවා. අනික ඔය වගේ අනිත් පැත්තට ලෙඩ diagnose කරන එකෙත් logic අවුල්. සරලම උදාහරණය හැම බල්ලටම නැට්ටක් තිබුණ පලියට නැට්ටක් තියෙන සතෙක් දැක්ක ගමන් මූ බල්ලෙක් කියන්න බෑනෙ.
උඹට තියෙන අවශ්‍යතාව ලෙඩක් නැතිව වුණත් මොකක් හරි ලෙඩක් තියෙනවා කියල බොරුවට කියලා සතුටු වෙන එක. ලෙඩක් වගේ negative දෙයක් තියෙනවා කිව්වාම රිදෙයි කියල උඹලා බලාපොරොත්තු වෙනවා. එ‍්ක මහ ගොන් වැඩක් නේද? ලෙඩේ නැත්නම් එ‍්ක කියල වැඩකුත් නෑ, ලෙඩේ තියෙනවා නම් එ‍්ක කියල වැඩකුත් නෑ අැත්තටම ගත්තාම. බොරුවට ලෙඩේ නැතිවත් තියෙනවා කියලා behavior modification කරන්න හිතන එකයි වෙන්නෙ.
සිරාවටම බං කියන්නෙ උඹලට අනිත් උන් කරන උඹලට අල්ලන්නෙ නැති හැම දේම මොකක් හරි ලෙඩක් කියල හිතෙනවා නම් ලෙඩේ තියෙන්නෙ අනිත් එවුන්ට නොවෙන්න පුළුවන්.