Is reality real?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    Ow uba kiyana eka atta... Karma ekathu karanna thamai ara mama kiwwa basic dewal follow karoth hodai neda kiyala ahuwe...

    Time kiyana naa kiyala apita nikan sithuwili ena nawattan inna puluwan state ekak thiyenawada ban?
    Ow nasanchyanewasnachya kiyanne ekata.hindu aya hira wela hitiye ekata nivana kiyala.time ne sithuwili ne mama ne mama natteth ne
     
    • Like
    Reactions: Johnnie_Walker

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Machan mata therenne naa ai sarala dharmayak loku karagena hithanne ai kiyala... Hoda bauddayek wenna ho hoda manussayek wenna නියාම ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අටලෝ දහම වගේ මූලික දේවල් ඉගෙන ගත්තම ඇති නේ?

    මලපොතේ අකුරක් දන්නෙ නැති වුනත් කමක් නැහැ. අපේ සමාජයේ සම්මත සාමාන්‍ය බෞද්ධ ජීවිතයක් ගෙවන්න නම් පංචශීලය හැකි සෑම විටම රැකලා, ගුණගරුක යහපත් ස්වාමීන් වහන්සේලාගෙ ධර්මය අසමින්, දානමාන දෙමින් යහපත්ව ජීවත් වීම ප්‍රමාණවත්. ඊට අමතරව පොහොය දවසට පංචශීලයෙන් එහාට ගියපු ඉහල සීලයක් ජීවිතයට එකතු කරගෙන භාවනාවත් හැකි මට්ටමකට කරන්න පුලුවන් නම් හොඳයි. මේක තමා පොදුවේ කියන්න පුලුවන් දේ.

    ධර්මයෙහි "කරන්න තියෙන දේ" හරිම සරලයි. ඒක සර්වඥයන් වහන්සේගේ දක්ශතාවය. උන්වහන්සේ බොහොම සරලව අපිට කලයුත්ත පැහැදිලි කරලා තියනවා. නමුත් ඒ තුලින් වෙන මානසික පරිවර්තනය ඉතාමත් සංකීර්ණයි සහ ගැඹුරුයි. ආන්න ඒ පරිවර්තනය වචනවලට පෙරලීමෙදි තමා ධර්මය සරල නැහැ කියලා අපිට හැඟෙන්නෙ. මූලපරියාය සූත්‍රය, කාලකාරාම සූත්‍රය, කච්චානගොත්ත සූත්‍රය ආදී නොයෙක ගැඹුරු සූත්‍ර අරන් බලන්නකො. ඔවායෙ බොහෝවිට තියෙන්නෙ ආන්න ඒ මානසික පරිවර්තනය වචනයට දමපු අවස්ථා.

    Edited - new content

    Machan mata therenne naa ai sarala dharmayak loku karagena hithanne ai kiyala... Hoda bauddayek wenna ho hoda manussayek wenna නියාම ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අටලෝ දහම වගේ මූලික දේවල් ඉගෙන ගත්තම ඇති නේ?

    දැන් මම @Johnnie_Walker ගෙන් අහන්න කැමතියි කම්මුලට ගැහුවම ඇතිවෙන වේදනාව මුල්කරගෙන යමෙක් තුල දුකක් ඇතිවෙනවා කියන එක අපි දෙන්නම පිලිගන්නවා. එහෙම නම් කවුරු හරි BDSM කාම ක්‍රීඩාවක යෙදිලා ඉන්න කොට ගහන කම්මුල් පහර නිසා ඇතිවෙන වේදනාවෙන් සතුටක් ලැබෙන්නෙ ඇයි කියලා ?
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    දැන් මම @Johnnie_Walker ගෙන් අහන්න කැමතියි කම්මුලට ගැහුවම ඇතිවෙන වේදනාව මුල්කරගෙන යමෙක් තුල දුකක් ඇතිවෙනවා කියන එක අපි දෙන්නම පිලිගන්නවා. එහෙම නම් කවුරු හරි BDSM කාම ක්‍රීඩාවක යෙදිලා ඉන්න කොට ගහන කම්මුල් පහර නිසා ඇතිවෙන වේදනාවෙන් සතුටක් ලැබෙන්නෙ ඇයි කියලා ?
    Machan mama dakina widihata bdsm kiyanne wikurthi kaama asawak... Thawa kenekta gahala wada deela karana sex wala therumak mama dakinne naa... Ridenna hukala sapak dena eka wenai...
    Bdsm karana ekkenata a slap eken sapak labenawa kiyanne a kena thawa kenekwa nikan life ekedi riddala sapak ganna kamathi kenek kiyana ekai mage adahasa. Mata kiyanna therenne ochcharai ban.

    ( Machan tharaha wenna epa. Mama godak daburata owa gana danne naa)
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Machan mama dakina widihata bdsm kiyanne wikurthi kaama asawak... Thawa kenekta gahala wada deela karana sex wala therumak mama dakinne naa... Ridenna hukala sapak dena eka wenai...
    Bdsm karana ekkenata a slap eken sapak labenawa kiyanne a kena thawa kenekwa nikan life ekedi riddala sapak ganna kamathi kenek kiyana ekai mage adahasa. Mata kiyanna therenne ochcharai ban. ( Machan tharaha wenna epa. Mama godak daburata owa gana danne naa)

    අපෝ නැහැ, මමත් බුද්ධ ධර්මය ගැන දන්නෙ බොහොම ටිකයි. ඒ ටික ආශ්‍රයෙන්, අවශ්‍යනම් ඔයා කියන එකත් එක්තරා විදිහකින් හරියි කියලා ප්‍රකාශ කරන්නත් පුලුවන්. නමුත් මම ඒ ප්‍රකාශය කරන්න සූදානම් නැහැ. මොකද මම එතනදි දරණ මතය ඔයිට පටහැණි, ටිකක් සංකීර්ණ නිසාත් ඒක පහදන එක පෝස්ට් එකකින් දෙකකින් කරන්න අපහසු නිසාත්.

    මට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි හැබයි. OPගෙ විඩියෝ එකේ සඳහන් කාරණයක් ඉස්මතු කරන්න. ලෝකය පිළිබඳව අපි දරන ආකල්ප විවිධයි. ඇත හෝ නැත කියන අන්ත දෙකෙන් පටන් අරගෙන අපිට අපේ ආකල්ප පුදුම විදිහට විහිදුවා ගැනීමේ හැකියාවක් තියනවා. මෙන්න මේ විහිදා යාම කොයි ආකාරයට සිද්ධවෙනවාද කියන එක මත තමා අපිට හිමි ලෝකය මොකක්ද කියලා තීරණය කරන්නෙ. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් මට මෙතනදි කියන්න තියෙන්නෙ ප්‍රායෝගික ධර්ම මාර්ගයේදී බුදුදහම ලෝකය (යථාර්තයක්) සත්‍ය ලෙසම පවතිනවා හෝ පවතින්නේ නැතැයි කියලා ඒකාන්තව පනවන්නේ නැහැ කියන එක.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    Machan mata therenne naa ai sarala dharmayak loku karagena hithanne ai kiyala... Hoda bauddayek wenna ho hoda manussayek wenna නියාම ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අටලෝ දහම වගේ මූලික දේවල් ඉගෙන ගත්තම ඇති නේ?

    දර්මයෙ, මූලික අරමුන තමයි, අපේ ඉන්ද්‍රිය කොපමන ක්‍රෙඩිබල් ද කියන එක ප්‍රශ්න කිරීම. තව විදිහකට කිව්වොත්, අපේ ඇහට වැටෙන සෙන්සේශන් එකක් නිසා අපිට ඉදිරියෙ මලක් තියෙනව කියන පර්සෙප්ශන් එක නැතිනම් නිගමනය කොපමන දුරට හරිද කියල ප්‍රශ්න කිරීම..අපේ මේ ලෝකය සහ ලෝකය සමග ගනුදෙනු කරන ඔබ, ගොඩ නැගෙන්න ඔන්න ඔය ඉන්ඩ්‍රරිය මුලික පර්සෙප්ශන් එකෙන්..ඔන්න ඔය පර්සෙප්ශන් එක අවුල් කියල තමයි, බුදුන්ගෙ ප්‍රජ්නා ඇසට පෙනුනෙ..

    සාමාන්ය සත්වයෙකුට ඔය පර්සෙප්ශන් අවුල හීනෙන් වත් අහුවෙන්නෙ නැ...අවුල් තියෙන ඉන්ඩ්‍රහිය තුලින් ඒ ඉන්ඩ්‍රහියෙ අවුල අහුවෙන්නෙ නැ. ඔය හේතුව නිස්සාම ඉන්ඩ්‍රහිය මත පදනම් වෙලා ඉන්න සයන්ටිස්ට්ලටත් ඕක කවදාවත් අල්ලන්න බැ. ආර්යශ්ටාන්ගික මාර්ගයෙ කියන්නෙ, මනුශයගෙ හිත දුයුනු කරල ඔය අවුල ප්‍රායොගිකව අල්ලන්න පුලුවන් විදිහක් සහ ඔය අවුල නිවැරදි කරන විදිහක්.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    අපෝ නැහැ, මමත් බුද්ධ ධර්මය ගැන දන්නෙ බොහොම ටිකයි. ඒ ටික ආශ්‍රයෙන්, අවශ්‍යනම් ඔයා කියන එකත් එක්තරා විදිහකින් හරියි කියලා ප්‍රකාශ කරන්නත් පුලුවන්. නමුත් මම ඒ ප්‍රකාශය කරන්න සූදානම් නැහැ. මොකද මම එතනදි දරණ මතය ඔයිට පටහැණි, ටිකක් සංකීර්ණ නිසාත් ඒක පහදන එක පෝස්ට් එකකින් දෙකකින් කරන්න අපහසු නිසාත්.

    මට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි හැබයි. OPගෙ විඩියෝ එකේ සඳහන් කාරණයක් ඉස්මතු කරන්න. ලෝකය පිළිබඳව අපි දරන ආකල්ප විවිධයි. ඇත හෝ නැත කියන අන්ත දෙකෙන් පටන් අරගෙන අපිට අපේ ආකල්ප පුදුම විදිහට විහිදුවා ගැනීමේ හැකියාවක් තියනවා. මෙන්න මේ විහිදා යාම කොයි ආකාරයට සිද්ධවෙනවාද කියන එක මත තමා අපිට හිමි ලෝකය මොකක්ද කියලා තීරණය කරන්නෙ. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් මට මෙතනදි කියන්න තියෙන්නෙ ප්‍රායෝගික ධර්ම මාර්ගයේදී බුදුදහම ලෝකය (යථාර්තයක්) සත්‍ය ලෙසම පවතිනවා හෝ පවතින්නේ නැතැයි කියලා ඒකාන්තව පනවන්නේ නැහැ කියන එක.
    discussion එකට
    මෙහෙම ගත්තොත්
    අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .

    හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තර‍ංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තර‍ංග වල වචන තේරුම් නෑ.
    "මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..

    එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..

    මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?

    කොටින්ම "මේක" කියන එකත් මවල.😉.

    මායාවක් තුල මායාව වත් හමුවෙන්න පුළුවන් ද?

    මවලා දෙන තොරතුරු උඩ මම හරි කියලා අරන් නටන එක දුකක් නෙමේ ද? ගොන් පාට් එකක් නෙමේ ද?

    කොටින්ම පැවැත්මම දුකක් නෙමේ ද?

    මොලෙන් මවලා දෙනවා කියලා ගත්තට මොලයක් තියෙනවා කියලා අරන් තියෙන්නේත් මැවීම තුලම තමා.

    Define "Real"
    හොද කමටහනක්
    ------ Post added on Feb 6, 2023 at 10:59 PM
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    ටිකක් වෙනස් අදහසක් දෙන්නම්

    discussion එකට
    මෙහෙම ගත්තොත්
    අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .

    මට තේරෙන විදිහට, මේ අවුල මතකයට වඩා ෆන්ඩෙමෙන්ටල්...කෙනෙකුගේ මතකය 100% අයින් කලත්, එයාට ඉදිරියෙන් තියෙන්නෙ මලක් කියල අදුනගන්න බැරි උනාට, යම් කිසිදෙයක් තියෙනව කියල ගන්නෙම ඔය අවුල මතකයෙන් එහාට යන නිසා...

    හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තර‍ංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තර‍ංග වල වචන තේරුම් නෑ.
    "මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..

    එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..

    මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?

    හරිද වැරදිද කියන එක හැම තිස්සෙම සාපේක්ශය්..මවීම තුල කියන රෙෆෙරෙන්ස් ෆ්‍රේම් එකතුල ඉඩගෙන ඊට සාපේක හරි, වැරදි කතාකරන්න පුලුවන්..

    හරියට, බල්ලට ලෝකය කලු සුදු කියන එක ඌට රියලිටි එකක්, ඌට හරි..

    දර්මයේ කියන්නෙත්, ඇබ්සලුට් රියලිටි කියන එක නොවන බව මගේ අදහසයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හරිද වැරදිද කියන එක හැම තිස්සෙම සාපේක්ශය්..මවීම තුල කියන රෙෆෙරෙන්ස් ෆ්‍රේම් එකතුල ඉඩගෙන ඊට සාපේක හරි, වැරදි කතාකරන්න පුලුවන්..හරියට, බල්ලට ලෝකය කලු සුදු කියන එක ඌට රියලිටි එකක්, ඌට හරි..දර්මයේ කියන්නෙත්, ඇබ්සලුට් රියලිටි කියන එක නොවන බව මගේ අදහසයි.

    මමත් එකඟයි. එහෙම නොසෙල්වෙන ඇබසලියුට් රියැලිටියක් පනවන්න අපහසුයි, බැහැ කියුවත් වැරැද්දක් නැහැ. හැබැයි පනවගන්න ඇබ්සලියුට් රියැලිටි වලින් වැඩ ගන්න පුලුවන්. Richard Dawkins කියනවා වගේ හඳට යනවා, බෙහෙත් හදනවා ආදී විදිහට. බල්ලට කලු සුදු හරියනවා වගේ අපිටත් බාහිර ලෝකය ඇත කියලා ජීවත්වෙන්න පුළුවන්. නමුත් ඕක සෑම අත්දැකීමකදිම සත්‍ය වෙන්නෙ නැහැ.

    අපි යථාර්තය ප්‍රශ්න කරද්දි ගොඩක් අය හිතනවා ආ මේ ගොල්ල යථාර්තයක් නැහැ කියනවා තමා කියලා. එහෙම නැතිනම් විද්‍යාව, සදාචාරය වැරදියි කියන්න හදනවා කියලා. සියල්ලම මායාවක් කරලා දාන්න හදනවා කියලා. අපි කොහොමද එහෙම කරන්නෙ ? අපිට මේක ඇත නැත කියන දෙකටම වැටෙන හැටි පෙනෙනවා මිසක් අපිටවත් බැහැ එකකට තල්ලු කරලා අත පිහද ගන්න.

    Reality කියන්න වචනයෙ නිර්වචනය ගත්තම "සත්‍ය වශයෙන් පවතින්නා වූ" කියන අර්ථය තමා ගැබ් වෙන්නෙ. භාවනා යෝගියෙක් වුනත් භාවනා කරන්න හුස්ම පොද දැනෙන බව පිලිගන්න, එහෙමත් නැතිනම් තියෙන බවට අරගන්න ඕනෙ. හුස්ම කියන යථාර්තය පිලිගන්න ඕනෙ හුස්ම බලන්න නම්. එහෙම කරගෙන යනකොට තමා මුලින් දැනුන හුස්ම පොද නෙමෙයි ඊලඟට දැනෙන්නෙ, දෙවනියට දැනුන විදිහට නෙමෙයි තෙවෙනියට දැනෙන්නෙ, හතරවෙනියට දැනිය යුතු හුස්ම නොදැනෙන්නෙ, කැඩි කැඩී දැනෙන්නෙ, යනාදී විදිහට යථාර්තය හෙලවෙන්න, දිරන්න, කඩා වැටෙන්න පටන් ගන්නෙ.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    ටිකක් වෙනස් අදහසක් දෙන්නම්

    මට තේරෙන විදිහට, මේ අවුල මතකයට වඩා ෆන්ඩෙමෙන්ටල්...කෙනෙකුගේ මතකය 100% අයින් කලත්, එයාට ඉදිරියෙන් තියෙන්නෙ මලක් කියල අදුනගන්න බැරි උනාට, යම් කිසිදෙයක් තියෙනව කියල ගන්නෙම ඔය අවුල මතකයෙන් එහාට යන නිසා...

    හරිද වැරදිද කියන එක හැම තිස්සෙම සාපේක්ශය්..මවීම තුල කියන රෙෆෙරෙන්ස් ෆ්‍රේම් එකතුල ඉඩගෙන ඊට සාපේක හරි, වැරදි කතාකරන්න පුලුවන්..

    හරියට, බල්ලට ලෝකය කලු සුදු කියන එක ඌට රියලිටි එකක්, ඌට හරි..

    දර්මයේ කියන්නෙත්, ඇබ්සලුට් රියලිටි කියන එක නොවන බව මගේ අදහසයි.
    මතක කියලා ගන්න වෙන්න ධම්ම රූප නේද ? ඒකත් එලියෙ දකින රූප වගෙම තමා.
    (දාලා තියෙන post එකෙ නැත අන්තය
    මමත් එකඟයි. එහෙම නොසෙල්වෙන ඇබසලියුට් රියැලිටියක් පනවන්න අපහසුයි, බැහැ කියුවත් වැරැද්දක් නැහැ. හැබැයි පනවගන්න ඇබ්සලියුට් රියැලිටි වලින් වැඩ ගන්න පුලුවන්. Richard Dawkins කියනවා වගේ හඳට යනවා, බෙහෙත් හදනවා ආදී විදිහට. බල්ලට කලු සුදු හරියනවා වගේ අපිටත් බාහිර ලෝකය ඇත කියලා ජීවත්වෙන්න පුළුවන්. නමුත් ඕක සෑම අත්දැකීමකදිම සත්‍ය වෙන්නෙ නැහැ.

    අපි යථාර්තය ප්‍රශ්න කරද්දි ගොඩක් අය හිතනවා ආ මේ ගොල්ල යථාර්තයක් නැහැ කියනවා තමා කියලා. එහෙම නැතිනම් විද්‍යාව, සදාචාරය වැරදියි කියන්න හදනවා කියලා. සියල්ලම මායාවක් කරලා දාන්න හදනවා කියලා. අපි කොහොමද එහෙම කරන්නෙ ? අපිට මේක ඇත නැත කියන දෙකටම වැටෙන හැටි පෙනෙනවා මිසක් අපිටවත් බැහැ එකකට තල්ලු කරලා අත පිහද ගන්න.

    Reality කියන්න වචනයෙ නිර්වචනය ගත්තම "සත්‍ය වශයෙන් පවතින්නා වූ" කියන අර්ථය තමා ගැබ් වෙන්නෙ. භාවනා යෝගියෙක් වුනත් භාවනා කරන්න හුස්ම පොද දැනෙන බව පිලිගන්න, එහෙමත් නැතිනම් තියෙන බවට අරගන්න ඕනෙ. හුස්ම කියන යථාර්තය පිලිගන්න ඕනෙ හුස්ම බලන්න නම්. එහෙම කරගෙන යනකොට තමා මුලින් දැනුන හුස්ම පොද නෙමෙයි ඊලඟට දැනෙන්නෙ, දෙවනියට දැනුන විදිහට නෙමෙයි තෙවෙනියට දැනෙන්නෙ, හතරවෙනියට දැනිය යුතු හුස්ම නොදැනෙන්නෙ, කැඩි කැඩී දැනෙන්නෙ, යනාදී විදිහට යථාර්තය හෙලවෙන්න, දිරන්න, කඩා වැටෙන්න පටන් ගන්නෙ.
    cover කරලා නෑ, ඉන්න තැන ප්‍රශ්න කරන්න හදපු එකක් )

    )
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මතක කියලා ගන්න වෙන්න ධම්ම රූප නේද ? ඒකත් එලියෙ දකින රූප වගෙම තමා.
    (දාලා තියෙන post එකෙ නැත අන්තය

    cover කරලා නෑ, ඉන්න තැන ප්‍රශ්න කරන්න හදපු එකක් )

    )

    අපැහැදිලියි ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    අපැහැදිලිය
    1.මතකය, අදහසක් කියලා කියන්නේ ධම්ම රූප නිසා ඇතිවන වි‍‍ංඥානනයට කියලා
    2. ලෝකය මායාවක් කියන කොට කෙනෙක් නැත අන්තය අල්ලන්න පුළුවන් . ඇත අන්තය ඇසුරු කරගෙන ගොඩක් අය ඉන්න නිසා ,ඉන්න තැන(මතය) ගැන විමසිලිමත් වෙන්න ඉඩ තියෙනවා . post එකට දාන rply එකෙන් හො සාකච්ඡාවක් තුලින් තමා මේ ලෝකයක් නෑ එකත් නෙමෙ කියන්නේ කියන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: greenthunder

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    1.මතකය, අදහසක් කියලා කියන්නේ ධම්ම රූප නිසා ඇතිවන වි‍‍ංඥානනයට කියලා

    සෙන්සස් වලින් ගන්න දේ මනට දෙන්නෙත් දම්ම රුප හරහා..මතකය වෙන්නෙත් දම්ම රුප හර්හ කියන එක් තමයි මගෙත් අදහස..

    2. ලෝකය මායාවක් කියන කොට කෙනෙක් නැත අන්තය අල්ලන්න පුළුවන් . ඇත අන්තය ඇසුරු කරගෙන ගොඩක් අය ඉන්න නිසා ,ඉන්න තැන(මතය) ගැන විමසිලිමත් වෙන්න ඉඩ තියෙනවා . post එකට දාන rply එකෙන් හො සාකච්ඡාවක් තුලින් තමා මේ ලෝකයක් නෑ එකත් නෙමෙ කියන්නේ කියන්න වෙන්නෙ.

    ගොඩක් බවුද්දයොත් ඉන්නව, කිසිදෙයක් නැ කියන අන්තයෙ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    1.මතකය, අදහසක් කියලා කියන්නේ ධම්ම රූප නිසා ඇතිවන වි‍‍ංඥානනයට කියලා
    2. ලෝකය මායාවක් කියන කොට කෙනෙක් නැත අන්තය අල්ලන්න පුළුවන් . ඇත අන්තය ඇසුරු කරගෙන ගොඩක් අය ඉන්න නිසා ,ඉන්න තැන(මතය) ගැන විමසිලිමත් වෙන්න ඉඩ තියෙනවා . post එකට දාන rply එකෙන් හො සාකච්ඡාවක් තුලින් තමා මේ ලෝකයක් නෑ එකත් නෙමෙ කියන්නේ කියන්න වෙන්නෙ.

    1. ඔව් එහෙම විවරණයකට යන්නත් පුලුවන්.

    ඇස, කන, නාසය, දිව, ශරීරය කියන්නෙ වර්තමාන ඉන්ද්‍රියන් විදිහට සලකන්න පුලුවන්. මේවාට අතීතානගත අරමුණු ගෝචර කරගන්න බැහැ. මේවාට පුලුවන් ඒ මොහොතේ පවතින රූප, ශබ්ධ, රස, ගඳ, ස්පර්ශය වෙන් කරන්න විතරයි. නමුත් මනස කියන ඉන්ද්‍රියට අතීතානගත ඕනෑම අරමුණක් ගෝචර කරගන්න පුලුවන්. එයාට වර්තමාන අරමුණක් පදනම් කරගෙන ඕනෑ තරම් අරමුණු සකස් කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඒක ඇස්,කන,නාසය,දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් ගෙන් වර්තමානයේ ආපු එකක් වෙන්නත් පුලුවන් මනස තුලම හටගත්ත අරමුණක් වෙන්නත් පුලුවන්. මෙයා තමා අපිව ලෝකෙ වටේ අරන් යන්නෙ.

    2. ඔව්, "නැත" ඒ කියන්නෙ සියල්ලම මායාවක් කියලා ගත්තොත්, කෝ මාර්ගයක් ? ඔය පාරෙ ගිහින්නෙ සමහර බුද්ධ පුත්‍ර "වේශයෙන්" ඉන්න අය එයාලගෙ බණ අහලා ඕක වචනමාත්‍රයෙන් තේරෙනවානම් නිවන් දැකලා තමා කියන්නෙ.

    ඔය ගැන කොහොම පිලිපදින්න ඕනෙද කියලා දීඝනක සූත්‍රයේ සඳහන් වෙනවා.
     
    • Like
    Reactions: nipund and ek_rosh

    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    නැත අන්තයට වැටෙන එක ස්වාභාවිකයි නේද ? මොකද මැවීම ඇත්ත වෙනවා නැත්නම් බොරු වෙනවා. මැවීම (සකස් වීම ) ගැන කියන්න වෙන්නෙ එ දෙපැත්ත අල්ලන් මයි. සාකච්ඡාව වැදගත් එතැන ට
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    නැත අන්තයට වැටෙන එක ස්වාභාවිකයි නේද ? මොකද මැවීම ඇත්ත වෙනවා නැත්නම් බොරු වෙනවා. මැවීම (සකස් වීම ) ගැන කියන්න වෙන්නෙ එ දෙපැත්ත අල්ලන් මයි. සාකච්ඡාව වැදගත් එතැන ට

    රාග, ද්වේශ මෝහ මත පැලපදියම් වීම නිසා ඇත නැත යනුවෙන් ලෝකයක්/දේවල් ගැන හඟීම තමා මූලික ගැටලුව. නමුත් මම හිතන්නෙ නැහැ අපිට හුදු සාකච්ඡාවකින් ඒකට විසඳුමක් ලැබෙනවා කියලා. විශේෂයෙන්ම කච්චානගොත්ත ආදී ඔය ප්‍රශ්නය කෙලින්ම කතාකරන සූත්‍ර ගත්තම පෙනෙන දෙයක් තමා බුදුරදුන් උනත් ඔය කාරණය කතාකරලා තියෙන්නෙ ධර්මය අවබෝධ කරගෙන කලයුත්ත කර අවසන්වූ උන්වහන්සේගේ කුෂාග්‍ර ප්‍රඥාවන්ත රහතන් වහන්සේලා සමග.

    ඒ නිසා සුදුසුම දේ තථාගත වචනය විශ්වාස කරගෙන සතර සතිපට්ඨානය කියන ධර්ම මාර්ගය අත්හදා බැලීම්. අපි මොන වචනවලින් කතා කලත් අපිට ඔය කාරණය එහෙම්මම ද කියලා 100% නිශ්චිතව ප්‍රකාශ කරන්න බැහැ. ඒකට "ප්‍රත්‍යක්ෂය" ඥානය අත්‍යාවශ්‍යයි. ඒ කිව්වෙ සතර සතිපට්ඨානයෙන් ආරම්භ වී පිලිවෙලින් සියලුම බෝධි අංග වැඩී ධර්මාවබෝධය සිදුවීම අත්‍යාවශ්‍යයි බුදුන් කියු චතුරාර්‍ය සත්‍යය 100% නිවැරදියි කියලා ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති කරගන්න. ඊට කලින් අපි මේ කතා කරන සියල්ලම "අනුමාන". හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. මොකද බුදුහාමුදුරුවො හොයගත්ත පාරෙ අපි ගිහින් නැහැ. ඒ නිසා අපි දන්නෙ නැහැ මැප් එකේ තියන දේවල් ඇත්තද කියලා වත්. ඒක 100% නිවැරදිව දැනගන්න නම් පාරෙ ගිහින් තියෙන්නම ඕනෙ. ආන්න එතනදි මැප් එක ඇඳපු පුද්ගලයා විශ්වාස කරගෙන තමා ගමන යන්න වෙන්නෙ. ඔහු දීල තියන උපදෙස් "නිවැරදියි යැයි" කියන ශ්‍රද්ධාවට ඇවිත් තමා ඉදිරියට යන්න වෙන්නෙ.

    නිපුන් තවමත් උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා කියලා හිතනවා. එහෙම නම්, ධර්මය ශ්‍රවණය කිරීමෙදි අපිට ඇහෙන වචනවල "ගැබ්වුන, ඒ තුල ඇති, පාරිශුද්ධ අර්ථයක් ඇත" කියලා හිතන්නෙ නැතිව වචන යනු කෙනෙක්ව යම් දිශානතියකට යොමුකරන්න තව කෙනෙක් භාවිතා කරන උපකරණ ටිකක් කියලා ගන්න පුලුවන් නම් හොඳයි කියලා මම හිතනවා.

    කාට හරි හිතෙන්න පුලුවන් ග්‍රීන්තන්ඩර් හදන්නෙ දැන් අපේ භාෂාවත් කෑලි කෑලි වලට කඩලා අර්ථ ශූන්‍ය දෙයක් කියලා කියන්නද කියල. නැහැ ඒක නෙමෙයි. මට අවශ්‍ය, ඕනෑම "දෙයක" අගය සාපේක්ෂයි නමුත් අපි ප්‍රායෝගික විය යුතුයි කියන එක කියන්න.
     
    • Like
    • Love
    Reactions: nipund and ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,324
    555

    greenthunder මහත්තය, මම හිතන්නෙ ඔබතුමා කලක් තිස්සෙ යම් මාර්ගයක යන කෙනෙක්... දැනුමක්, තේරුමක් තියෙන කෙනෙක්. නමුත් මේ post එකේ දෙවැනි පරිච්චේදයෙන් ගම්‍ය වෙන්නෙ ඔබතුමාටවත් තාම ඔබතුමා යන මාර්ගය ගැන confidance එකක් නැහැ කියන එක... ඉතිං අනික් අය ගැන මොන කතාද...

    පලවෙනි පරිච්චේදයත් එක්ක නම් 100% agree... ඇත නැත අන්ත, රහත් බව වගෙ දේවල් define කරන්න මානසිකත්වයක් අපිට නැහැ.

    ගරහන්න වත් අගෞරව කරන්න වත්, වාද කරන්න වත් නෙමෙයි, හුදෙක් අදහස ප්‍රකාෂ කිරීමක් විතරයි....
     
    මල්හතට එහෙම ගම්‍ය වෙන්නෙ මල්හත ගම්‍ය කරගත් දෑ මතින්ම මල්හතට ගම්‍ය කරගන්න වෙන නිසා.