අපෝ නැහැ, මමත් බුද්ධ ධර්මය ගැන දන්නෙ බොහොම ටිකයි. ඒ ටික ආශ්‍රයෙන්, අවශ්‍යනම් ඔයා කියන එකත් එක්තරා විදිහකින් හරියි කියලා ප්‍රකාශ කරන්නත් පුලුවන්. නමුත් මම ඒ ප්‍රකාශය කරන්න සූදානම් නැහැ. මොකද මම එතනදි දරණ මතය ඔයිට පටහැණි, ටිකක් සංකීර්ණ නිසාත් ඒක පහදන එක පෝස්ට් එකකින් දෙකකින් කරන්න අපහසු නිසාත්.
මට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි හැබයි. OPගෙ විඩියෝ එකේ සඳහන් කාරණයක් ඉස්මතු කරන්න. ලෝකය පිළිබඳව අපි දරන ආකල්ප විවිධයි. ඇත හෝ නැත කියන අන්ත දෙකෙන් පටන් අරගෙන අපිට අපේ ආකල්ප පුදුම විදිහට විහිදුවා ගැනීමේ හැකියාවක් තියනවා. මෙන්න මේ විහිදා යාම කොයි ආකාරයට සිද්ධවෙනවාද කියන එක මත තමා අපිට හිමි ලෝකය මොකක්ද කියලා තීරණය කරන්නෙ. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් මට මෙතනදි කියන්න තියෙන්නෙ ප්‍රායෝගික ධර්ම මාර්ගයේදී බුදුදහම ලෝකය (යථාර්තයක්) සත්‍ය ලෙසම පවතිනවා හෝ පවතින්නේ නැතැයි කියලා ඒකාන්තව පනවන්නේ නැහැ කියන එක.
discussion එකට
මෙහෙම ගත්තොත්
අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .
හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තරංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තරංග වල වචන තේරුම් නෑ.
"මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..
එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..
මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?
කොටින්ම "මේක" කියන එකත් මවල.

.
මායාවක් තුල මායාව වත් හමුවෙන්න පුළුවන් ද?
මවලා දෙන තොරතුරු උඩ මම හරි කියලා අරන් නටන එක දුකක් නෙමේ ද? ගොන් පාට් එකක් නෙමේ ද?
කොටින්ම පැවැත්මම දුකක් නෙමේ ද?
මොලෙන් මවලා දෙනවා කියලා ගත්තට මොලයක් තියෙනවා කියලා අරන් තියෙන්නේත් මැවීම තුලම තමා.
හොද කමටහනක්
------
Post added on Feb 6, 2023 at 10:59 PM