Saving in $ or saving in LKR FD for next 2 yea

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,049
    8,319
    113
    ඔය වගේ ප්‍රශ්න වලට උත්තර මහ බැංකුවේ අධිපතිගෙන් ඇහුවත් කියන්න බෑ බං. Background එක හොඳට ඇනලයිස් කරල උඹම තීරණය කරපං. කරුමයක් තිබ්බොත් පාඩුවක් ලැබෙයි ලක් එකක් තිබ්බොත් ලාබ වෙයි.
    මම උඹට තියෙන ප්‍රශ්නෙම හිර වෙලා ඉන්නෙ.
     
    • Like
    Reactions: Skull2018 and Troop

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,319
    113
    ඔය වගේ ප්‍රශ්න වලට උත්තර මහ බැංකුවේ අධිපතිගෙන් ඇහුවත් කියන්න බෑ බං. Background එක හොඳට ඇනලයිස් කරල උඹම තීරණය කරපං. කරුමයක් තිබ්බොත් පාඩුවක් ලැබෙයි ලක් එකක් තිබ්බොත් ලාබ වෙයි.
    මම උඹට තියෙන ප්‍රශ්නෙම හිර වෙලා ඉන්නෙ.
    ඔන්න මේ ගැන මට හම්බඋන හොඳම ලිපියක්. මේ වගේ දේවල් පස්සෙ ගිහිල්ල හොඳට ඇනලයිස් කරපං. නැතුව තීරණ ගන්න එපා රැල්ලට. රැල්ලට ගන්න හැම තීරණයක්ම වරදින්න තියෙන ඉඩකඩ වැඩියි.

    දැවෙන ප්‍රශ්න තුනක්...

    මේ දවස් වල බොහෝ දෙනෙක් අපෙන් දිගින් දිගටම අහන ප්‍රශ්න තුනක් තිබෙනවා. මේ ප්‍රශ්න අහන්නට හේතු වන පැහැදිලි පසුබිමකුත් තිබෙනවා. ප්‍රශ්න නොඅසන බොහෝ දෙනෙකුට වුනත් මේවා හිතට වද දෙන ප්‍රශ්න කියලා මම හිතනවා. ප්‍රශ්න තුන සටහන් කරලාම පටන් ගනිමු.

    1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විණිමය අනුපාතය පා කරන්න කියා කියන නිසා ඒ වැඩේ කරද්දී නැවත වරක් එක පාරටම ඩොලරයක මිල කඩාගෙන බිඳගෙන ඉහළ යයිද?

    2. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරලා භාණ්ඩාගාර බිල්පත් වල දමා තිබෙන සල්ලි නොලැබී යයිද?

    3. බැංකු පද්ධතිය කඩා වැටිලා බැංකු වල තිබෙන සල්ලි නැති වෙයිද?

    ලිපිය දිග වැඩි වන නිසා දෙවන හා තෙවන ප්‍රශ්න ගැන අද කතා කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා.

    පළමු ප්‍රශ්නය සඳහා කෙටි පිළිතුර දැන් පවතින තත්ත්වය තුළ මෙවැන්නක් සිදුවීමේ අවදානම ඉතාම අඩු බවයි. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්. මෙය යූටියුබ් වීඩියෝ එකකත් පැහැදිලි කරලා තිබෙනවා.

    ගොඩක් අයට මේ වගේ බයක් දැනෙන්නේ ඇයි? කාලයක් රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටපු ඩොලරය එක පාරටම පාලනයෙන් ගිලිහුණා. මාස කිහිපයක් ඇතුළත ඩොලරය දැන් තිබෙන රුපියල් 360 මට්ටමට ගියා. කළුකඩ මිල ඊටත් වඩා ඉහළ ගියා. දැන් මේ මිල රුපියල් 360 මට්ටමේ නැවතිලා. බැලූ බැල්මටම ඒකේ අවුලක් පේනවා. රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටීම අවුල්නම් රුපියල් 360 මට්ටමේ හිරකරගෙන සිටීම අවුල් නැත්තේ ඇයි?

    හේතුව දැන් මහ බැංකුව විසින් ඩොලරය රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්නේ කලින් රුපියල් 200 මට්ටේමේ තියාගෙන හිටපු ක්‍රමයට නොවන නිසා.

    ඩොලරයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවා. සැපයුම වැඩිනම් මිල පහළ යනවා. ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ මහ බැංකුව විසින් ඉල්ලුම හා ගැලපෙන තරමට ඩොලර් සැපයුම වැඩි කිරීම මගින්. ඒක කළේ සංචිත විකිණීම මගින් වෙළඳපොළට ඩොලර් සැපයීම හරහා. සංචිත තිබෙන තුරු මේ වැඩේ කළා. සංචිත ඉවර වෙද්දී මහ බැංකුව විසින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් වෙළඳපොළට සපයමින්ද ඉල්ලුම හා සැපයුම සමතුලිත කළා. මේ වැඩේ කර ගෙන යන්න බැරි වෙද්දී වැඩේ අත අරින්න වුනා.

    දැන් මහ බැංකුව ඒ විදිහට ඩොලර් සැපයුම වැඩි කරන්නේ නැහැ. අතේ සංචිත නැති නිසා එහෙම කරන්නත් බැහැ. දැන් ඩොලරය රුපියල් 360 මට්ටමේ ස්ථාවරව තිබෙන්නේ සැපයුමට හරියන පරිදි ඉල්ලුම පාලනය කර ඇති නිසා. ඉල්ලුම පාලනය වෙන්න හේතු කිහිපයක් ඉවහල් වී තිබෙනවා. ප්‍රධානම හේතුව විදේශ ණය වාරික හා පොලී ගෙවීම අත් හිටවීම. මේ වැඩෙන් ඩොලර් ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු වුනා. සැප්තැම්බර් අවසානය වන විට පමණක් ගෙවා නැති ණය වාරික ප්‍රමාණය (පොලී නොගෙවීම් හැර) ඩොලර් මිලියන 1,643ක්.

    දෙවනුව, ඉන්ධන, ගෑස් ආදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යාම. මිල ඉහළ යද්දී මේ වගේ භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එවිට ආනයන සඳහා ඉල්ලුම අඩු වී ඩොලර් ඉල්ලුම අඩු වෙනවා.

    තුන් වන හේතුව ආනයන පාලනය. ඇත්තටම මේ වැඩේනම් කලින් ඉඳලාම සිදු වුනා. ඒ කියන්නේ ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටපු කාලයේදීත් යම් ඉල්ලුම් පාලනයක් සිදු වුනා. වෙනස දැන් සිදු වන්නේ තනිකරම ඉල්ලුම් පාලනයක් පමණක් වීමයි.

    ඩොලරයක මිල කඩාගෙන බිඳගෙන ඉහළ යයිද කියන ප්‍රශ්නය මතු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය විණිමය අනුපාතය පා කිරීම නිසා. නමුත්, මේ ගැන කවුරුවත් ලොකුවට බය විය යුතු නැහැ. ඒ, දැනටත් ප්‍රායෝගිකව තියෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් නිසා.

    දැන් තියෙන ක්‍රමයට ඩොලරයක මිල ඕනෑම ගණනක් වෙන්න ඉඩක් නැහැ. දවසක් ඇතුළත මිල අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. දවසකට රුපියල් 2.60ක් කියන්නේ මාසයකට රුපියල් 78ක්. ඒ කියන්නේ දැන් තිබෙන සීමාකාරී තත්ත්වය තුළ වුනත් මාසයකට ඩොලරයක මිලට රුපියල් 78කින් ඉහළ යා හැකි අවකාශයක් තිබෙනවා.

    නමුත්, ඩොලරයක මිල ඒ විදිහට ඉහළ නොගොස් ස්ථාවරව තිබෙනවා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ඩොලර් පොම්ප කිරීමක් නැතුවම දැන් තිබෙන මට්ටමේදී ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් ඔය රුපියල් 2.60 සීමාව ඉවත් කළත් ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේම දිගටම තියෙන එක තමයි වෙන්නේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණොත් වෙන්නේ කුමක්ද?

    මේ සල්ලි ලැබෙන්නේ මහ බැංකුවට. මහ බැංකුව විසින් ඒ ලැබෙන සල්ලි ඩොලර් කරලා දේශීය වෙළඳපොළේ විකිණුවොත් ඩොලර් එක අඩු වෙනවා. ඊට අමතරව, අරමුදලේ සල්ලි එද්දී රජය විසින් තවත් විදේශ ණය ගන්න අපේක්ෂා කරනවා. ලැබෙනකල්ම සහතිකයක් නැතත්, මේ අමතර ණයත් ලැබුණා කියලා අපි හිතමු. රජය විසින් මේ විදිහට ලැබෙන ඩොලර් දේශීය වෙළඳපොළේ විකිණුවොත් ඩොලර් සැපයුම වැඩි වෙලා ඩොලරයේ මිල පහත වැටෙන්න පුළුවන්. හැබැයි ඔය කියපු දේවල් දෙකෙන් එකක්වත් සිදු වීමේ ඉඩක් නැහැ. ඒ ඇයි?

    මේ වෙද්දී මහ බැංකුව විසින්ම ගෙවිය යුතු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය තිබෙනවා. ඒ නිසා, අරමුදලේ සල්ලි ලැබුණා කියලා ඒ සල්ලි ඩොලර් කරලා වෙළඳපොළේ විකිණීමේ හැකියාවක් මහ බැංකුවට නැහැ. ඒ වගේම, රජය විසින් කොහෙන් හෝ විදේශ ණය අරගෙන ඒ ඩොලර් වෙළඳපොළේ විකිණුවත්, මහ බැංකුවට ඒ ඩොලර් ටික මිල දී ගෙන සංචිත හදා ගන්න වෙනවා. ඇත්තටම කියනවානම් ප්‍රායෝගිකව වෙන්නේ රජය විසින් ඔය ඩොලර් ටික කෙළින්ම මහ බැංකුවටම විකුණන එක.

    මහ බැංකුව විසින් නැවත විදේශ සංචිත ගොඩ නගා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක්. චීන මුදල් හුවමාරු ගිවිසුමත් එක්කම දැනට තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් පමණයි. මහ බැංකුවේ ණය ඩොලර් බිලියන පහක්. ඒ කියන්නේ ණය ගෙවලා ඩොලර් බිලියන හතක පමණ සංචිතයක් හදා ගන්න, ඒ කිවුවේ අර්බුදයට කලින් තිබුණු මට්ටමට යන්න, මහ බැංකුවට ඩොලර් බිලියන දහයක් පමණ අවශ්‍ය වෙනවා. අරමුදලෙන් ඩොලර් බිලියනයක්වත් ලැබෙන්නේ නැහැ. රජයට වැඩිම වුනොත් බිලියන දෙක තුනක ණය ගන්න පුළුවන් වෙයි. ඩොලර් බිලියන දහයක්නම් කොහොමටවත්ම හොයා ගන්න බැහැ. ඒ කියන්නේ ඩොලරයක මිල අඩු වෙන එකනම් කීයටවත්ම වෙන්නේ නැහැ.

    එහෙමනම් ඩොලරයක මිල වැඩි වෙයිද?

    ඩොලරයක මිල වැඩි වෙන්නේ ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වුනොත්. අරමුදලේ සල්ලි ලැබුනත්, වෙළඳපොළේ ඩොලර් සැපයුම වැඩි නොවන බව පැහැදිලි කළානේ. ප්‍රශ්නය ඉල්ලුම වැඩි වෙයිද කියන එක.

    ඩොලර් ඉල්ලුම කොහොමටත් තිබෙනවා. ආනයන පාලන ආදී උපක්‍රම හරහා ඒ ඉල්ලුම පාලනය කරලයි තියෙන්නේ. අදාළ සීමාවන් ඉවත් කළොත් ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙලා ඩොලරයක මිල ඉහළ යනවා. මේ වෙලාවේ ඒ වගේ දෙයක් සිදු වුනොත් දැනට පවතින සාපේක්ෂ සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැති වෙන එකයි වෙන්නේ. රජයට. මහ බැංකුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එවැනි තත්ත්වයක් ඇති වනු දකින්න අවශ්‍ය නැහැ. කරන ඕනෑම දෙයක් කරන්නේ ආර්ථිකය ස්ථායී කරන්න.

    මේ හේතුව නිසා ක්ෂණිකව ආනයන පාලන ඉවත් කළ යුතුයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරලා නැහැ. එවැන්නක් වීමේ ඉඩකුත් නැහැ. ආනයන පාලන ක්‍රමයෙන් ඉවත් වනු ඇත්තේ සාමාන්‍ය ආදායම් ඉපැයීම් ක්‍රම වලින්ම රටට ඩොලර් එන එකට සමාන්තරවයි. ඒ කියන්නේ ඩොලර් සැපයුම ඉහළ යාමට සමාන්තරවයි. මෙයින් අදහස් වන්නේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර තුලනය දිගටම පවතිනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරයක මිල අඩු වෙන්නේ නැහැ වගේම වැඩි වෙන්නෙත් නැහැ කියන එකයි.

    ඩොලර් සැපයුම ඉහළ යා හැක්කේ කොහොමද? ප්‍රායෝගිකව මෙය සිදු විය හැකි ප්‍රධානම ක්‍රමය සංචාරක ඉපැයීම් ඉහළ යාම. මේ වැඩේ දැනටත් සිදු වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් සංචාරක ඉපැයීම් ඉහළ යද්දී එම කර්මාන්තය සඳහාම ආනයන අවශ්‍ය වන නිසා ආනයන පාලන සීමාවන් ටිකෙන් ටික ඉවත් කරන්නත් වෙනවා. අවසාන වශයෙන් වෙන්නේ වෙළඳපොළ නිදහස් වීමයි. ඩොලර් ඉතිරි වීමක් ලොකුවට වෙන්නේ නැහැ.

    ශ්‍රමික ප්‍රේෂණ වල කතාවත් මේ වගේම තමයි. ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලා තියෙන්නේ විවිධ ක්‍රම වලින් රුපියල් ඩොලර් වෙන නිසා. එහෙම වෙන්නේ ඩොලර් නිදහසේ මිල දී ගන්න බැරි නිසා. මේ හේතුව නිසාම, ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම සහ විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ නිදහස තහවුරු වීම එකට මිසක් වෙන වෙනම සිදු වන්නේ නැහැ. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යද්දී වෙන්නෙත් වෙළඳපොල නිදහස් වී අවිධිමත් ගනුදෙනු විධිමත් ගනුදෙනු ලෙස සටහන් වීමක් මිසක් ඇත්තටම රටට ඩොලර් එන එක නෙමෙයි.

    පසුගිය අවුරුද්දේ මෙන් ආනයන සීමා හෝ විදේශ විනිමය සම්බන්ධ වෙනත් සීමාවන් ලොකුවට නොතිබුණු 2015-2019 කාලයේදීත් රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම ආසන්න වශයෙන් තුලනය වුනා. ණය අවශ්‍ය වුනේ පරණ ණය සහ පොලී ගෙවන්න. සැලසුම්සහගත පරිදි කටයුතු සිදු වුනොත්, නැවත ඒ හිටපු තැනට යන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විණිමය අනුපාතය පා කිරීමක් අපේක්ෂා කරන්නේ ඒ වගේ තත්ත්වයක් යටතේ. ඒ වගේ තත්ත්වයකදී, ආනයන සීමා ආදිය නැතිව විණිමය අනුපාතය පා කරන්න පුළුවන්. එහිදී, ඩොලරයේ මිල හෙමින් හෙමින් ඉහළ යා හැකි නමුත්, කඩාගෙන බිඳගෙන ඉහළ යන්නේ නැහැ.

    හැබැයි ඔය කියපු විදිගේ ස්ථාවර තත්ත්වයක් කියා කියන්නේ තවමත් දුරස්ථ ඉලක්කයක්. අරමුදලේ සල්ලි ලැබුණා කියලා ක්ෂණිකව ඔය ඉලක්කයට යන්න බැහැ. ඒ වැඩේ වෙන්නේ ප්‍රමාණවත් සංචිත එකතු කර ගත්තට පස්සේ. ඒ තරම් හදිසියෙන් සංචිත එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආනයන සීමා ආදිය හදිස්සියේ එකපාර ඉවත් වෙන්නේ නැහැ. විශේෂයන්ම වාහන ආනයන සීමා වගේ දේවල්. ඒ වගේම, ඩොලරයක මිල නුදුරු දවසක ලොකුවට වෙනස් වෙන්නෙත් නැහැ. නිශ්චිතව කිවුවොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණා කියලා ඩොලරයක මිල අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ නැහැ.

    #ඉකොනොමැට්ටා
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    පොත් වල දාලා තේරුමක් නෑ.ගත්තූ ෆන් එක විතරයි ඉතිරි වෙන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    eka awama foreign funds enwa world bank and ADB. Also JICA LRT eka patan ganna scene ekak yanwa. Loku dollar inflow ekak enwa. danut bank system eke USD tiyenwanee limitations okkoma ain karala. ayee nm dollar eka aduwena eka misak wadi wenne naa
    oaya okoma athal imf hambunoth nattan aye petrol polime
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ehema be 2 years witarai china dunne ita passe poliyath ekka gewanna one.ekath approve kare ne lankawa.puken yanne imf awe nattan
    un eka dennat kalin naya gewana eka nawattalane tibbe :yes: :yes: president komhri wadee manage karagena yanwa. iMF enawa komat US backing ekak tiyenwa ranilta