Yako reverse gota Patan gaththe duminda gen neh
Gota apu gaman duminda ya wa nidahas karala thamai arinna Patan gatte konaka indala
උඹ කොහෙද හිටියේ?
Na ban A pardon karapu ekata case ekak awilla aye uwa ahulata gaththa.
ජනපති සමාව ලැබූ දුමින්ද සිල්වා යළි අත්අඩංගුවට ගත්තේ ඇයි?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (ජුනි 01 වැනිදා ) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (01) පෙරවරුවේ ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්කර තිබුණු බවට රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පසුව අද පස්වරුවේ රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරුවී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය වහා ඔහු අත්අඩංගුවට ගන්නැයි (මැයි 31 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය මේ නියෝගය කළේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව ඇතුලු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
ජනාධිපති සමාව ලබා දීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතත් මරණ දඩුවම නියමවූ අයෙකු සම්බන්ධයෙන් සමාව ලබාදීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නැතැයි පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති සංජය රාජරත්නම් විසින් ඊයේ (මැයි 31) දිනම පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර භාරයට ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබීය.
ජනාධිපති සමාව ලබා දීම අත්හිට වු ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට විදෙස් ගමන් තහනම් කරමින්, අතුරු නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬල්ල මෙම නියෝගය නිකුත් කළහ.
මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.
මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතව ඇති තත්ත්වය තුළ පොදු සමාව ප්රදානය කිරීමට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාව තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන ගැටලුව මතුවන බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මෙහිදී කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහුට පොදු සමාව ප්රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයාගේ පොදු සමාව ප්රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට පැවසීය.
මෙම නඩුකරයට පාදක වන පොදු සමාව ප්රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ද කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්රදානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.
මෙම පොදු සමාව ප්රදානය කිරීම නීත්‍යානුකූලව සිදු වී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඉහත අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇත.
මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව දෙනු ලැබීම පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.
ඔහු ඇතුළුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වූ රැඳවියන් නිදහස් කිරීමට ගත් පියවර පිළිගන්නා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙළිමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසීය.
ඒ සම්බන්ධයෙන්
ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, "වගවීම සහ යුක්තිය වෙත පිවිසීමට ඇති සමාන ප්රවේශයන්, ශ්‍රී ලංකා ආණ්ඩුව කැප වී ඇති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් අතර ප්‍රධාන වන" බව පවසා තිබේ.