සෝවියට් රුසියන් කෙටිකතා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා. සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තමන්ගේ රටේ ඉතිහාසය වෙනස් කරපු පර සුද්දා ගැනත් හෙව්වනම් තමා වටින්නේ.අර උඹලට සුද්දෝ කැවුමෝ කියලා නම දැම්ම හැටි ඵහෙම...🤣🤣
     
    • Sad
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා. සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.
    එහෙමමත් නැ බන් ගොඩක් වෙනරටවල් වල මොන ප්‍රශ්නේ තිබ්බත් තමන්ගේ රටට ආදරය කරන්න මිනිස්සු පොඩි කාලෙම හුරු කරවනවා පොත් වලින් හරි වීඩියෝ වලින් හරි මොන ක්‍රමයකින් හරි. ලංකාවේ එහෙම නැ එකයි මිනිස්සු ලංකාවට ගරහන්නේ. ප්‍රශ්න නැති සිස්ටම් මේ ලෝකේ න ඉතින්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා
    ඔව් ඕවා වෙනත් භාෂාවලට පරිවර්තනය කරපු ඒක propaganda එකේ කොටසක් කියලා එයාලම පිළි අරන් තිබුණ මතකයි
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මම අහල තියන විදිහට සෝවියට් රටේ අනෙක් කලා මාධ්‍යවලට ගොඩක් සීමා තිබ්බ නිසා දක්ශම කලාකාරයෝ කරේ පොඩි ලමයින්ට කරපු නිර්මාණලු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙ ලඟත් එක කෙටිකතා පොතක් තිබුණ. ඒක එකෙක් අරං ගියා දුන්නෙ නෑ.
    තව නවකතා පොතකුත් තිබුණ. "වානේ පන්නරය ලැබූ හැටි" කියල..
    මිනිසෙකුගේ ඉරණම මිකායිල් ෂොලෝකොව් ලියපු.. තියෙනවද? කෙටිකතාවක්.. මාත් පොඩි කාලෙ ඕව කියෙව්ව..
    මගෙ ලඟ තිබුණ පොතේ මේක තිබුණ මතකයි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තමන්ගේ රටේ ඉතිහාසය වෙනස් කරපු පර සුද්දා ගැනත් හෙව්වනම් තමා වටින්නේ.අර උඹලට සුද්දෝ කැවුමෝ කියලා නම දැම්ම හැටි ඵහෙම...🤣🤣
    තමන්ගෙ ජනගහනය පාලනේ කරගන්න ළමයි ලක්ෂ ගනන් මරපු චීන්නු ගැනත් හෙව්වනං තමා වටින්නේ.

    කන්න නැතුව බල්ලො පූසෝ මීයෝ මරාගෙන කාපුවා, සුද්දන්ගෙ ටෙක්නොලොජිය හොරකම් කරපුවා, තනි පක්සේ මිනී මරපුවා එහෙමත් හම්බවෙයි :rofl:
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මමත් පොඩි කාලේ ඔය වගේ සෝවියට් සංගමය ගැන දැන ගත්තේ ඒ කාලේ ලියපු කතා වලින්. ඒත් මම Death of Stain ෆිලිම් ඒක බැලුවා. ඒකේ යන කතාව අදහන්න බැරි තරම් නිසා හොයලා බලනකොට තමයි ඇත්ත දැන ගත්තේ. වීඩියෝ ඒක නම් දිගයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා. සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.

    ඔව් ඕවගේ තනිකර යන්නේ Brainwashing. Maxim Gorky ගේ " Mother" කියවහන්
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඇත්ත. යුරෝපේ වෙළදාම නැගිටීම එක්ක රජ පවුලට සිද්ද උන පාර්ලිමේන්තුව ප්‍රමුක වෙළද සංගමේට බලය පවරන්න. මොකද පෙරදිග වෙළද හවුල වගේ ජාත්‍යන්තර වෙලදාම දියුණු වීම තුලින් ලොකු වත්කමක්, පිරිස් බලයක් වෙළද හිමියන්ට ඇති උන. ඒ බලය රජාගේ බලය ඉක්මවා යන බලයක්. ඕකත් එක්ක ඇති උන ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපේ ලොකු වෙනසක් කළා. අපි හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිස්සුන්ට කැමති ඕනෑම දෙයක් කිරීමේ නිදහස කියල. නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුද්දුස්සට සුදුසු තැන ලැබීම. දක්ෂයට නිසි තැන ලැබීම.

    ඒ වෙද්දී ලෝකේ ලොකුම රට උන යුරෝපේ එක්ක කරට කර හැප්පෙන්න හිටපු රුසියාවේ එහෙම අලුත් පිබිදීමක් තිබුනේ නැහැ. එක තමි සමාජවාදය විදිහට උන් හදාගෙන මිනිස්සුගේ ඔලු වලට දැම්මේ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයයි (ධනවාදය) සමාජවාදයයි ගේමට තමයි වැඩේ යන්නේ. වාහන හදන එකේ ඉදන් හදට යන එක දක්වා දෙගොල්ලගෙ තරගය තිබුනේ.

    ඔන්න ඔහොම බලෙන් තරගය පිණිස ඇති කරගත් ප්‍රති විරුද්ද බලවේගය මිනිස්සුන්ගේ ඔලුවට දාන්න සාහිත්‍යය ලොකු වැඩ කොටසක් කරලා තියනවා කියල තමයි මට හිතෙන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා. සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.
    ova patta
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තමන්ගෙ ජනගහනය පාලනේ කරගන්න ළමයි ලක්ෂ ගනන් මරපු චීන්නු ගැනත් හෙව්වනං තමා වටින්නේ.

    කන්න නැතුව බල්ලො පූසෝ මීයෝ මරාගෙන කාපුවා, සුද්දන්ගෙ ටෙක්නොලොජිය හොරකම් කරපුවා, තනි පක්සේ මිනී මරපුවා එහෙමත් හම්බවෙයි :rofl:

    තොපි වගේ රට ගිණි තියන්න පෝර නැව ගූ කරපු බංකොලොත් රටේ ජෙප්පොන්ට මොනා කියන්න බැරිද පොන්නයෝ..🤣🤣

    චීනේ ළමයි ලක්ෂ ගණන් කඩුවෙන් අල්ලලා මැරුවේ ජපන්නුනේ යකෝ දන්න ලබ්බබක් කියවපන් නූගත් නිකමා.🤣🤣

    කන්න නැතුව බල්ලො පූසෝ හරි කනව නම්බුයි තොපි වගේ ලෝකෙටම ණය වෙලා හිඟා කනවට වඩා..🤣🤣

    ටෙක්නොලජි හොරා කෑවේ තොගේ බලු සුද්දනේ පොන්නයෝ..ගිහින් ඉතිහාසේ ඉගෙනගනින් මේකේ ලැගන් පච හලන වෙලේ බූරුවා..🤣🤣

    තනි පක්සෙ මිනී මැරුවා කිව්වේ තොපේ JVP පක්සේ මිනිස්සු 60000කට වඩා මරපු ඵකද පරයෝ?🤣🤣
     
    • Dislike
    Reactions: mykiriala