කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,631
    13,280
    113
    🤍
    image_58b6073449.jpg


    - https://www.lankadeepa.lk/latest_news/අලියාගේ-පහරකෑ-තරුණිය-මරුට:තරුණයාට-බරපතලයි/1-632979
    1683882737935.png
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඇයි බන් මුන්ට මේ වහින කාලේ ගෙදරට වෙලා තියෙන දෙයක් කාලා නිදාගන්න බැරි. අලි⁣ය නෙවෙයි මාපිලෙක් කරවරෙක් උනත් දෂ්ඨ කරන්න පුළුවන් නෙ. කොහෙද ඉතින් outdoor වැඩේ කරල feeling ගන්න යනවනෙ. අලිය ගැහුවෙ නැත්නම් උදේ පාන්දර sunset එක කියලා insta photos upload කරන්න හිතාගෙන ඉන්න ඇති. අර travel with wife කියලා video කරන උනුත් වගකියන්න ඕන මේවට.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මං හිතන්නේ ඇල්ලෙන් එහා පැත්තේ වෙන්න ඕනේ..ඔය කුඩාරම ගහලා තියෙන්නේ... ඇල්ලෙන් මෙහා පැත්තට අලි එනවා අඩුයිලු..ගොඩක් වෙලාවට වතුර බොන්න එනවා කියලා තමා කියන්නේ... අපි ඉන්න කොටත් අලි හිටියා අනිත් කන්දේ.. උන් සමහර දවස් වලට එනවලු ඇල්ලට වතුර බොන්න.. අපි ඉන්න කොටත් එක කුඩාරමක් ගහලා තිබ්බා අනිත් පැත්තේ උඩට වෙන්නේ... ගමේ uncle කෙනෙක් බැනබැන හිටියේ මුංට කිව්වට වැඩක් නැ අලි එන පාරේ ඉන්නේ බේරගන්නවත් එන්න කෙනෙක් නැ කියලා අලි ආවොත්.. අපි ගිය දවසට කලින් සතියෙත් දර කඩන්න ගිය ගැණු කෙනෙක්ට අලි ගහලා මරුවා කිව්වා..
     

    Sen-lu

    Well-known member
  • මං හිතන්නේ ඇල්ලෙන් එහා පැත්තේ වෙන්න ඕනේ..ඔය කුඩාරම ගහලා තියෙන්නේ... ඇල්ලෙන් මෙහා පැත්තට අලි එනවා අඩුයිලු..ගොඩක් වෙලාවට වතුර බොන්න එනවා කියලා තමා කියන්නේ... අපි ඉන්න කොටත් අලි හිටියා අනිත් කන්දේ.. උන් සමහර දවස් වලට එනවලු ඇල්ලට වතුර බොන්න.. අපි ඉන්න කොටත් එක කුඩාරමක් ගහලා තිබ්බා අනිත් පැත්තේ උඩට වෙන්නේ... ගමේ uncle කෙනෙක් බැනබැන හිටියේ මුංට කිව්වට වැඩක් නැ අලි එන පාරේ ඉන්නේ බේරගන්නවත් එන්න කෙනෙක් නැ කියලා අලි ආවොත්.. අපි ගිය දවසට කලින් සතියෙත් දර කඩන්න ගිය ගැණු කෙනෙක්ට අලි ගහලා මරුවා කිව්වා..
    දියලුම වත්තෙ සුපිරින්ටන්ඩන්ඩ්ගෙ බංගලාවෙ මිදුලටම අලි එනව. ඒ කියන්නෙ පහලටම එනව.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දියලුම වත්තෙ සුපිරින්ටන්ඩන්ඩ්ගෙ බංගලාවෙ මිදුලටම අලි එනව. ඒ කියන්නෙ පහලටම එනව.
    අඩෝ එහෙමද බන්...ගමේ එවුන් නම් කිව්වේ අරම අපි ඇහුවම.. කැලේ ඇතුලේන් දියඇල්ල බලන්න යනවා නම් වැඩිය හවස් වෙන්නැතුව එන්න කියලත් කිව්වා...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,610
    28,577
    113

    අලිමංකඩක කඳවුරු බැන්ද පෙම් යුවළට වන අලි ප්‍රහාරයක් ! පෙම්වතිය මරුට​


    කොස්ලන්ද උඩදියලුම කදවුරු බිමක කඳවුරු ගසා රාකත්‍රිය ගත කරමින් සිටි තරුණ පෙම්වතුන් යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණියක මිය ගොස් ඇති අතර ඇයගේ පෙම්වතා බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ට මෙම ප්‍රහාරය ඊයේ රාත්‍රි එල්ල වී ඇති අතර තුවාල ලත් තරුණයා කොස්ලන්ද රෝහලට යවා එයින් පසුව දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන් වේ.

    මෙම තරුණ යුවළ පූනාගල දෙසින් පැමිණ උඩදියලුම රක්ෂිත ප්‍රදේශයේ අනාරක්ෂිත තැනක කඳවුරු ලා ඇති අතර මෙම කඳවුරු බිමේ වෙනත් කිසිවකු රාත්‍රිය ගත කොට නැති බවද සඳහන් වේ. වන අලින් නිතර එහා මෙහා යන අලිමංකඩක් ආසන්නයේ ඔවුන් නවා තැන් ගෙන ඇති බව පැවසෙන අතර රාත්‍රියේ ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල වුවද ඔවුන් රෝහල් ගත කිරීමටද මේ තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී ඇති බ ද ආරංචි මාර්ග සඳහන් කරයි.



    මෙසේ මිය ගොස් ඇත්තේ මාතර කැකණදුර පදිංචි වයස අවුරුදු 23ක් වන තරුෂි කවීෂා නැමැති 23 හැවිරිදි තරුණියකි. ඇය කුරුණෑගල ප්‍රදේශයේ හෙද පාඨමාලාවක් හදාරන අතර එහිදී වාරියපොළ ප්‍රදේශයේ තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ඇති තරගෙන මාපිය එකඟතාවද සහිතව විවාහ ගිවිස ගෙන ඇති බවද සඳහන් වේ. තුවාල ලත් පෙම්වතා කුරුණෑගල ප්‍රදේශයේ වෙළෙඳ සහයකු ලෙස කටයුතු කරන අතර ඔහු මේ වනවිට බරපතල තුවාල ලබා රෝහල් ගත තොට ඇත.

    කෙසේ වුවද රජයේ රක්ෂිත කැළැවක අනාරක්ෂිත ලෙස කඳවුරු ලා ඇති මෙම යුවළට පහසුකම් සැපයූ කිහිප දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    - https://lankasara.com/si/පුවත්/අලිමංකඩක-කඳවුරු-බැන්ද/
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පව් අහිංසක කෙල්ල පරිසරය, ස්වබාදහම විදින්න නේ ගියේ
    අලි කැ## නම් ශාපයක්
    සුද්ද ඒ කාලේ කරපු දේ කොච්චර හොදද කියලා දැන් තමා තේරෙන්නේ අලි දහස් ගානක් වෙඩි තියලා මරලා නොදැම්මානම් අද කොහොම තියෙයිද
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මම එක පාරක් ගවරවිල කෑම්පිං කලා..අම්මෝ සිග්නල් තියෙන හරියකට එන්නත් එන්න ඕනි පැයක් දෙකක් විතර කැලේ මැද්දෙන්,කොටියා එනවා...රෑ ඌරෙක් හරි මොකෙක් හරි ටෙන්ට් එක වටේ ගියා.බයට ඔලුව දැම්මේ නෑ...ඇගේ ඇම්මට කරන වැඩ ඉතිං ඒ කාලේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පව්:(
    ජීවිතේ විදින්න ගිහිල්ල , ජීවිතේ නැති වෙල.


    අලිය යන එන පාරක බුදියන් හිටියද දන්නෙ නෑ, ඌට මල පනින්න ඇති.
    එහෙම තමා බං. අලි මංකඩ ගහලා තියෙන්නේ tent එක..
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මම එක පාරක් ගවරවිල කෑම්පිං කලා..අම්මෝ සිග්නල් තියෙන හරියකට එන්නත් එන්න ඕනි පැයක් දෙකක් විතර කැලේ මැද්දෙන්,කොටියා එනවා...රෑ ඌරෙක් හරි මොකෙක් හරි ටෙන්ට් එක වටේ ගියා.බයට ඔලුව දැම්මේ නෑ...ඇගේ ඇම්මට කරන වැඩ ඉතිං ඒ කාලේ
    Gawarawila awl da?