Town එකක් ලගනම් ඉන්නේ උදේට දවල්ට බත් පැකට් ටිකක් ගහල විකුනපන් .වැඩිය ඕනේ නැ සම්බෝල හල්මස්සෝ පරිප්පු තිබුනානම් ඇති
ගමක වගේනම් පොඩ්ඩක් ඇවිදලා ගෙවල් වලින් තැබිලි කුරුම්බා වලු ටිකක් හොයන් විකුනපන්
බර වැඩ පුලුවන්නම් බාස් කෙනෙක් ලගට අත් උදවුවට පලයන් . උබට ස්කිල් එකක් develop කර ගන්නත් පුළුවන්
Welding shop එකක උදවුවට පලයන්. වැඩ ඉගෙන ගන්නත් පුළුවන්
ඔය කියල තියන එකක්වත් කරන්න චුට්ටක්වත් ලජ්ජා වෙන්න එපා. උබ කවද හරි හොද තැනකට ගිය දවසකට උබටම ආඩම්බර හිතෙයි මන් මේවත් කරනේ කියල .
නිකන් නම් ඉන්න එපා . උබ නිකන් දවසක් ඉන්නවා කියන්නේ දැන් කලේ හැටියට රුපියල් තුන් හාරදාහක් නැති කර ගත්ත වගේ .අපරාදේ