ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නීතිඥයෙකු වීමේ ක්‍රම කිහිපයක් ඇත.

    1. උසස්පෙළ සමත් වී කොළඹ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

    2. තරඟ විභාගයකින් පසුව විවෘත විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

    3. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. උසස්පෙළ සමත්වී ත්‍රිවිධ හමුදාවට බැඳී අභ්‍යන්තර සිසුවෙකු වශයෙන් උපාධිය ලබා ගත හැක.
    නැතිනම් මුදල් ගෙවා බාහිර සිසුවෙකු වශයෙන් ඇතුලත් වී උපාධිය ලබා ගත හැක.

    4. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය (London LLB) ලබා ගැනීම.

    මෙම නීතිවේදී උපාධි තිබූ පමණින් නීතිඥයෙකු වීමට නොහැක. ඒ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග සමත් වී නීතිඥ වෘත්තීය සුදුසුකම සපුරාගත යුතුය.

    මේ සඳහා කොළඹ, යාපනය, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුය.

    පෙර අවස්ථාවලදී පේරාදෙණි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුව තිබුණි. නමුත් මෙම වසරේ සිට එම තත්ත්වය සංශෝධනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඔවුන්ද නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුව ඇත.

    පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුය.

    මීට අමතරව, තරඟ විභාගයකින් සමත් වී නීති විද්‍යාලයට සෘජුවම ඇතුලත් වී සියළු වසර විභාගයන්ගෙන් සමත් වීමේ හැකියාවක් ඇත. මෙහිදී එම අයට නීතිවේදී උපාධියක් හිමි නොවේ.

    නීති විද්‍යාලයේ විභාගයන්ගෙන් සමත්වීමෙන් පසුව එම ආධුනිකයා මාස 6ක් වසර 8ට වඩා පළපුරුද්ද සහිත නීතිඥයෙකු යටතේ ආධුනික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමේ හැකියාව ඇත.

    කොළඹ, යාපනය, පේරාදෙණිය, විවෘත, කොතලාවල විශ්ව විද්‍යාලයකින් වසර හතරකින් නීතිවේදී උපාධිය ලබා ගත හැක.

    ලංඩන් නීතිවේදී උපාධිය වසර තුනකි. පිළිගත් වෙනත් ප්‍රථම උපාධියක් තිබේ නම් එය වසර දෙකක් දක්වා අඩු වේ.

    නීති විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවෙකු වසර තුනක් අධ්‍යාපනය ලබාගත යුතුය.

    නීති විද්‍යාලයේ වසරකට දෙවතාවක් විභාග පැවැත් වේ.

    මේ අනුව, නීතිඥයෙකු වීමේ ඉක්මණ්ම ක්‍රමය වන්නේ සෘජුවම නීති විද්‍යාලයට ඇතුලත් වීමය.
     
    • Like
    Reactions: deepwater

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Wife නම් කරේ university of london LLB (3 years) කරලා law collage එකේ attorney's කරා (3 years). ඊට පස්සේ senior lawyer කෙනෙක් ගාව 6 months apprenticeship එකක් කරන්න ඕනී oaths ගන්න.
     
    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    නීතිඥයෙකු වීමේ ක්‍රම කිහිපයක් ඇත.

    1. උසස්පෙළ සමත් වී කොළඹ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

    2. තරඟ විභාගයකින් පසුව විවෘත විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

    3. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. උසස්පෙළ සමත්වී ත්‍රිවිධ හමුදාවට බැඳී අභ්‍යන්තර සිසුවෙකු වශයෙන් උපාධිය ලබා ගත හැක.
    නැතිනම් මුදල් ගෙවා බාහිර සිසුවෙකු වශයෙන් ඇතුලත් වී උපාධිය ලබා ගත හැක.

    4. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය (London LLB) ලබා ගැනීම.

    මෙම නීතිවේදී උපාධි තිබූ පමණින් නීතිඥයෙකු වීමට නොහැක. ඒ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග සමත් වී නීතිඥ වෘත්තීය සුදුසුකම සපුරාගත යුතුය.

    මේ සඳහා කොළඹ, යාපනය, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුය.

    පෙර අවස්ථාවලදී පේරාදෙණි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුව තිබුණි. නමුත් මෙම වසරේ සිට එම තත්ත්වය සංශෝධනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඔවුන්ද නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුව ඇත.

    පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුය.

    මීට අමතරව, තරඟ විභාගයකින් සමත් වී නීති විද්‍යාලයට සෘජුවම ඇතුලත් වී සියළු වසර විභාගයන්ගෙන් සමත් වීමේ හැකියාවක් ඇත. මෙහිදී එම අයට නීතිවේදී උපාධියක් හිමි නොවේ.

    නීති විද්‍යාලයේ විභාගයන්ගෙන් සමත්වීමෙන් පසුව එම ආධුනිකයා මාස 6ක් වසර 8ට වඩා පළපුරුද්ද සහිත නීතිඥයෙකු යටතේ ආධුනික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමේ හැකියාව ඇත.

    කොළඹ, යාපනය, පේරාදෙණිය, විවෘත, කොතලාවල විශ්ව විද්‍යාලයකින් වසර හතරකින් නීතිවේදී උපාධිය ලබා ගත හැක.

    ලංඩන් නීතිවේදී උපාධිය වසර තුනකි. පිළිගත් වෙනත් ප්‍රථම උපාධියක් තිබේ නම් එය වසර දෙකක් දක්වා අඩු වේ.

    නීති විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවෙකු වසර තුනක් අධ්‍යාපනය ලබාගත යුතුය.

    නීති විද්‍යාලයේ වසරකට දෙවතාවක් විභාග පැවැත් වේ.

    මේ අනුව, නීතිඥයෙකු වීමේ ඉක්මණ්ම ක්‍රමය වන්නේ සෘජුවම නීති විද්‍යාලයට ඇතුලත් වීමය.
    තෑන්ක්ස් මචන්. පස්සෙ කාලෙක හරි බලන කෙනෙක්ට වැදගත් වෙයි. හොද පැහැදිලි කිරීමක්.
    මේකේ හැටියට දැනටමත් ඩිග්‍රී එකක් තියන කෙනෙක්ට ඉක්මන්ම ක්‍රමේ ලන්ඩන් LLB එක කරන එක නේද. එතකොට අවුරුදු දෙකෙන් කම්ප්ලීට්. ඊට පස්සෙ ලෝ කොලෙජ් එක්සෑම් එක කරන එක.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    තෑන්ක්ස් මචන්. පස්සෙ කාලෙක හරි බලන කෙනෙක්ට වැදගත් වෙයි. හොද පැහැදිලි කිරීමක්.
    මේකේ හැටියට දැනටමත් ඩිග්‍රී එකක් තියන කෙනෙක්ට ඉක්මන්ම ක්‍රමේ ලන්ඩන් LLB එක කරන එක නේද. එතකොට අවුරුදු දෙකෙන් කම්ප්ලීට්. ඊට පස්සෙ ලෝ කොලෙජ් එක්සෑම් එක කරන එක.

    ඔව් මචං. ඉස්සර නම් ලංඩන් LLB අයට නීති විද්‍යාලයේ අවුරුදු තුනක විභාග අවුරුද්දකට දෙක ගාණේ කරන්න දුන්නා. එතකොට අවුරුදු එකහමාරෙන් අවුරුදු තුනේම විභාග ඉවර කරන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් ඒ සිස්ටම් එක වෙනස් කරනවා කියලා පොඩි ආරංචියක් යනවා. එතකොට අවුරුද්දකට එක අවුරුද්දක විභාග විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක පොඩ්ඩක් බලලා කියන්නම් මචං.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එලකිරි වැසියනි,

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.

    Contact Namal Rajapaksha