අහලා තියෙයි මචන්. ඒත් බන් මස්මාංශ අනුභවය, මත්පැන් පානය , ලින්ගිකව හැසිරීම ,ගිහි ඇදුම් ඇද සිටීම සෝවාන් මාර්ගයේ යන කෙනෙක් අතිනුත් විය හැකී. මේ හැම දේම කලත් උතුම් ගුණ ධර්ම තියෙන අය ඉන්නවා.
මෙතන වෙන්නෙ බන් මිනිස්සුන්ට ධර්මය වෙනුවට තමන්ගෙ හිතට එන එන දේවල් , දේශපාලන මත දේශනා කර කර මිනිසුන්ව මුලා කරලා ඔවුන්ගෙන් ලාබ මිල මුදල් සම්පත් ගන්න අරමුනින් වැඩ කරන එකනෙ.
මේ වගේ අය නිසා දර්මය නොදන්න අය මොවුනුත් " අති උතුම් මහා සංඝ රත්නයට " අයත් යැයි හිතලා පොදුවේ දොස් කියලා අපහාස කරලා විශාල අකුසල් ප්‍රමානයක් රැස් කරගන්නවා.
මෙතනදි වැඩිමනක් මහාසංඝරත්නයට නෙමෙයිනෙ අපහාස කරන්නේ. සිවුර දාගෙන රට, ජාතිය, ආගම ආර්ථිකය, අධ්‍යාපනය රකිනවා කියලා භික්ශූත්වය කෙලසන අයට සහ කෙලසීමටනෙ බනින්නේ. අතරින් පතර ඉන්න පුලුවන් "ආ ඔක්කොම හාමුදුරුවරු එකයි" කියන අයත්. ඒක නිකන් හරියට අර සමහර අය "ආ ඔක්කොම පිරිමි ටොක්සික්/ඔක්කොම ගෑණු ටොක්සික්" කියල කියන ජාතියේ කතාවක්නෙ.
මේවා දකිනකොට බෞද්ධයෙක් විදිහට යම් කණගාටුවක් එන එක සාමාන්‍ය දෙයක්. නමුත් මෙව්වා යට ගහන්නේ නැතිව ඇක්නොලේජ් කල යුතුයි ශාසනයේ ඉදිරි යහපැවැත්ම තහවුරු කරන්න නම්. මොකද ඔය කණගාටුවම හොඳ පදනමක් සමාජයක් යහපත්ව සකස් වෙන්න. සමහර අය තමන් තුලින්ම උපදින හැඟීම් නිසාම සිල්වත් වෙනවා. තවත් සමහරු සමාජයට බයෙන් සිල්වත් වෙනවා. මට හිතෙන්නේ ඔය දෙකම සංඝ සමජයටත් ගිහි සමජයටත් අත්‍යාවශ්‍යයි.



