ඔබ දෙවියන් විශ්වාස කරන්නෙක්ද ?

ඔබ දෙවියන් විශ්වාස කරන්නෙක්ද ?

  • Total voters
    74

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    images

    අදහස් දක්වන්න. @scurvy පොන්න ගෝඩ් ගැන නම් කියන්න එපා ඔන්න.:rofl: විශ්වාස කරන්න හෝ නොකරන්න හේතුත් ඒ ගමන්ම කියන්න.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අහසෙ දෙයියො නෑ බ්‍රෝ. තියෙන්නෙ හඳ, තරු, ග්‍රහලෝක, නිහාරිකා, මන්දාකිණි, කළු කුහර වගේ ඒවා. දෙයියොය කියලා අනිත් අයට කියලා කියවගන්න ඩුප්ලිකේට් දෙවිවරු නම් ඉන්නවා ඕන තරම්. :rolleyes:😌

    rapper-emoticon-vector-design-musician-91165313.jpg
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    තනි දෙවියෙක් විතරයි ඉන්නේ කියලා පිළිගන්නේ නෑ .. හැබැයි දෙවිවරු ගොඩක් ඉන්න පුළුවන් කියලා පිලිගන්නවා ..
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මේ මගේ විශ්වාසය. විශ්වාසයක් නෙමෙයි මේක fact එකක්. දෙවියන්ගෙ රූප මිනිස්සු ඇඳපුවා. දල් දෙකක්, අත් ගොඩක්, ඔළු ගොඩක්, තව එක එක දේවල් දැම්මම මනුස්සයගෙ රූපයෙන් හැඩ රුවෙන් ඈත් වෙනවා. ඒක විරූප වෙන්න වෙන්න ඒක දැක්කම බියක්, චකිතයක් ඇති වෙනවා. ඒ නිසා හිතේ "මම මෙයාව ප්‍රතික්ෂේප කරොත් මාව මරයි, දඬුවම් කරයි" කියල හිතෙනවා. හරියට ගමේ ඉන්න චන්ඩියට හැමෝම බයයි වගේ සීන් එකක්. ඒ නිසා විරූප දෙවියන් අදහන්නෙ මිනිස්සුන්ගෙ තියෙන බයට.
    සරස්වතී, ඝණ දෙවියො, ලක්ෂ්මි වගේ අදහන්නෙ කියසියම් දෙයක් තමුන්ට අහිමි වේ හෝ හිමි කර ගැනීමට තියෙන ආශාව/බිය නිසා.
    මට කියන්න තියෙන්නෙ දෙවියො කියල කවුරුවත් නෑ. මේ අපිමයි දෙවියො කියන්නෙ. මිනිස්සු හැසිරෙන විදිහ අනුව එයා දෙවි කෙනක්ද යක්ෂයෙක්ද කියල කියන්න පුළුවන්. :D දෙවි රූප කවුරු හරි ඇඳපු විකාර චිත්‍රයක් විතරයි. දැකපු කෙනෙක් නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    දෙවිවරු වශයෙන් ජිවත්වන කොටසක් ඇතයි හිතේ විශ්වාශයක් තියනවා. හැබැයි අපිව පාලනය කරන හෝ අපව හසුරවන කොටසක් හැටියට පිළිගැනීමක් නැහැ. ඔවුන් ගැන අවුලකුත් නැහැ අර @Solo Rider කියන්නා වගේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නාසේ හගවන පුද්ගලයන් ගැන නම් අවුලක් තියනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324

    හින්දු දේවපුරාණයේ ඉන්න දෙවිවරු ටිකයි, වයිකින් උන්ගෙ දෙවිවරු ටිකයි, සියුස්ගෙ ඔලිම්පස් වල ඉන්න සෙට් එකයි, මයාවරුන්ගෙ සෙට් එකයි, මිසරෙ හිටපු සෙට් එකයි සමාන උනේ කොහොමද කියන එක ගැන නන් සැකයක් තියෙනව. සමහර අයට ලගින් යන නම්, සමහර අයගෙ නම විතරයි වෙනස් වැඩ ඔක්කොම සමානයි. 🤷‍♂️ එක්කො මග ඇරුන මොකක් හරි ලින්ක් එකක් තිබිල තියෙනව නැත්තන් ඒ අහම්බෙන් හිතෙන එක හැම ශිෂ්ටාචාරයකම හැමෝටම එක විදියට හිතිල තියෙනව.

    දෙවිවරු වශයෙන් ජිවත්වන කොටසක් ඇතයි හිතේ විශ්වාශයක් තියනවා. හැබැයි අපිව පාලනය කරන හෝ අපව හසුරවන කොටසක් හැටියට පිළිගැනීමක් නැහැ. ඔවුන් ගැන අවුලකුත් නැහැ අර @Solo Rider කියන්නා වගේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නාසේ හගවන පුද්ගලයන් ගැන නම් අවුලක් තියනවා
    + @PHBhagya මෙයත් එහෙම තමා සහෝ. මිනිස්සුන්ගෙන් කුට්ටිය කඩා ගන්නව බොරු හූනියම් ගැන කියල. :(
    ------ Post added on Jul 3, 2023 at 5:29 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka

    + @PHBhagya මෙයත් එහෙම තමා සහෝ. මිනිස්සුන්ගෙන් කුට්ටිය කඩා ගන්නව බොරු හූනියම් ගැන කියල. :(
    ------ Post added on Jul 3, 2023 at 5:29 PM
    ඇයි තව මේ බවලතා හැම සමිතියකම භාණ්ඩාගාරික තනතුරමයි ඉල්ලන්නේ. ජරා පප්පි :P
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    හින්දු දේවපුරාණයේ ඉන්න දෙවිවරු ටිකයි, වයිකින් උන්ගෙ දෙවිවරු ටිකයි, සියුස්ගෙ ඔලිම්පස් වල ඉන්න සෙට් එකයි, මයාවරුන්ගෙ සෙට් එකයි, මිසරෙ හිටපු සෙට් එකයි සමාන උනේ කොහොමද කියන එක ගැන නන් සැකයක් තියෙනව. සමහර අයට ලගින් යන නම්, සමහර අයගෙ නම විතරයි වෙනස් වැඩ ඔක්කොම සමානයි. 🤷‍♂️ එක්කො මග ඇරුන මොකක් හරි ලින්ක් එකක් තිබිල තියෙනව නැත්තන් ඒ අහම්බෙන් හිතෙන එක හැම ශිෂ්ටාචාරයකම හැමෝටම එක විදියට හිතිල තියෙනව.
    ලෝකයේ බහුතර භාෂා වල සමාන වචන තියෙනවා සරලව කියනවා නම් මාතා, මාතාව, මෝ, මදර් ඔක්කොම එක මුලයකින් අවේ. බහුතර දෙවිවරු සමාන වෙන්නේ ඔවුන් ඇත්ත නිසා නොවේ මානවයා ලෝකය පුරා ගියේ එක මුලයකින් නිසා. එම පැතිරීම ආරම්භ වූ කාලයේ හෝ එයට පෙර තිබුණු දේව සංකල්ප වෙනස් ප්‍රදේශ වල තියෙනවා. ලෝකයේ ජන කතා වල වුනත් සමාන කම් බොහෝ තියෙනවා.