මගේ යාලුවෙක්ගේ දුවෙක් පන්ති ගිහින් එනකොට කුණකටුවෙක් දෂ්ඨ කරලා හරියටම ලංකාවේ බෙහෙත් නැති දවස් වලම. දරුවව හොස්පිටල් එකේ නතර කරලා දවසක් ගියත් කිසිම ප්‍රථිකාරයක් කරේ නෑ. බැරිම තැන මෙයාව Contact කරා ප්‍රථිකාර ගැන දැනගන්න. පට්ට මනුස්සයෙක් බන්. කරන්න ඕන හැම දෙයක්ම විස්තර ඇතුව හැම වෙලාවෙම එව්වා කතා කරලා කිව්වා. ඒ ප්‍රරථිකර්ම වලින් අද දරුවා ජීවතුන් අතර ඉන්නවා. නිහතමානී මානුශීය ගතිගුන වලින් පිරිච්ච කෙනෙක්. ඕනම වෙලාවක සර්ප දෂ්ඨනයක් ගැන විස්තර අහපන් කියලා දෙනවා මොනවද කරන්න ඕන කියලා.
සුපිරි චරිතයක්. මේ වගේ මිනිස්සු තමයි බන් රටේ වැඩි වෙන්න ඕන