13 වන ව්‍යවස්ථාව ගැන යළිත්....
සර්වපාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එක්කෝ 13 සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත්, දෙනවා නම් සම්පූර්ණයෙන් බලාත්මක කර දෙන ලෙසත් ය.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම යනු පළාත් සභා අහෝසි කිරීමයි. එය සිදු කර ගැනීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වේ. වත්මන් පාර්ලිමේන්තුව සතුව එවන් බලයක් ලබා ගැනීම කළ හැකි දෙයක් නොවේ.
පළාත් සභා යනු ජනවාර්ගික අර්බුදයට ඉන්දියාව විසින් පැටවූ අසාර්ථක විසඳුමක් වන අතර, එය ශ්‍රී ලංකාවේ පැවැත්ම අමාරු කර තිබේ.
මේ කුඩා භූමියට තවත් එක් පරිපාලන ඒකකයක් එක් කිරීම තුල බලය බෙදී ගියද ඒ බලය එක්ක ඇති කරන ලද පරිපාලන ආයතන නිසා රාජ්‍ය දැඩි ලෙස විශාල වූයේ ය. ඒවායේ සේවකයන් ප්‍රමාණය ඉහළ යෑම මත රාජ්‍ය සේවය සඳහා දැරිය යුතු වියදම් ඉහල ගියේ ය. එහි ප්‍රථිපලය නම්, රජයේ වියදම් ඉහල යෑම මත අයවැය පරතරය ඉහල යෑමයි. එය පළාත් සභා වෙනුවෙන් අපේ රට ගෙවූ පළමු වන්දියයි.
දෙවැන්න නම්, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය සංකීර්ණ වීම ය. යම් රාජ්‍ය මට්ටමේ පනතකින් යමක් සම්මත කර ගත්ත ද මූල්‍ය හා ඉඩම් වැනි ඉතා වැදගත් ක්ෂේත්‍ර වල තීන්දු තීරණ ගැනීමට පළාත් සභා වල ද බහුතර කැමැත්ත මත පනත් සම්මත කර ගත යුත්තේ ය. එනයින්, රාජ්‍ය පරිපාලනය තුල ඇති වී ඇති සංකූලතා රාශියකි. එය මධ්‍යම රජයේ සැළසුම් වලට බාදාවක් හා ප්‍රමාදයක් එක් කරයි. එසේම යම් ප්‍රතිපත්තියක් සැළසුම් කිරීමේදී පළාත් සබා තුලින් ද ගමන් කළ යුතු වීම විවිධ පක්ෂ වලට පලාත් සබා බලය බෙදී ඇති කලකදී කර ගත නොහැකි ය. එනයින් බොහෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නවතී.
රාජ්‍ය විශාල වීම, එහි සේවකයන් ප්‍රමාණය වැඩි වීම, රජයේ වියදම් වැඩි වීම, සහ පරිපාලන සංකීර්ණතා සහ බාදාවන් නිර්මාණය කිරීම පළාත් සබා වලින් ඇති කර ඇති ප්‍රභල ගැටලු වෙයි.
මෙහිදී සැලකිය යුතු අනෙක් කාරණය නම්, 13 වන සංශෝධන සම්පූර්ණයෙන් බලාත්මක කිරීම තුල බලය හිමි වන්නේ කාටද යන්නයි. පැහැදිලිවම උතුරේ දේශපාලන බලය හිමි කර ගෙන සිටින්නේ දෙමළ සංධානයයි. එක පැත්තකින් ඔවුන්ගේ පරම චේතනාව වූයේ වෙනම ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමයි. අනෙක් අතකින් උතුරේ වැඩවසම් කුළ ක්‍රමය පවත්වා ගෙන යන ප්‍රධාන යාන්ත්‍රණය මේ දේශපාලන ව්‍යාපාරය විසින් නඩත්තු කිරීමයි. දකුණේ මෙන් නොව උතුරේ කුල ක්‍රමය යනු මිනිසුන් පීඩාවට පත් කරන්නකි. දෙමළ සන්ධානය නිර්මාණය වන්නේ ඉහල කුල වල ප්‍රභූ දේශපාලනයෙන් වන අතර, වතුර බොන ලිඳෙ අයිතියවත් කුලය අඩු යැයි බෙදා නොගන්නා මිනිසුන් හට ඉඩම් බල තල පැවරීම යනු පීඩකයා තවත් බලාත්මක කිරීමකි. පීඩිතයා යනු උතුරේ මේ වන විට බහුතරයක් වන කුලය අඩු යැයි පීඩාවට පත් කරන මිනිසුන් වේ. කුලය අඩු නිසාවෙන් ආර්ථික සාධාරණත්වයක් තියා දරුවන්ට හොඳ පාසලක් පවා ලබා ගැනීම දුෂ්කර බව උතුරේ පීඩාවට පත් පාර්ශවයන්ගේ මතයයි.
ඒ නිසාවෙන් දෙමළ සන්ධානය මූලික උතුරේ කුල දේශපාලනයට පළාත් සභා මගීන් වඩාත් බලතල ලබා දීම යනු පීඩකයා ශක්තිමත් කිරීමකි. ඔවුන් අනිවාර්යයෙන් ඒ බලය පීඩිතයා තවත් පෑගීමට භාවිතා කරනු ඇත.
මින් වැදගත් අවසන් කාරණය නම්, පළාත් සභා බලාත්මක කොට බලය දුන් හැම අවස්ථාවකදීම උතුරේ පාලකයන් එය දඩමීමා කර ගෙන තවත් බලය ඉල්ලමින් බෙදුම්වාදයට පිවිසීමය. මුල්ම පළාත් සභාවේ මහ ඇමති වරදරාජා පෙරුමාල් ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කළ දින සිට මේ තත්ත්වය වෙනස් වී නොමැත. වසර 30 ක් යුද කොට ජීවිත දහස් ගණනින් බිළි දී රැක ගත් රටේ ඒකීය භාවය අහිමි කර ගැනීමට අපිට හැකියාවක් නොමැත. ඒ ඒකීය භාවය උදා කර ගත්තේ ජීවිත පරිත්‍යාග කර රට රැකි පරම්පරාවකට පිං සිදු වන්නට ය. ඒ පූජා කළ ජීවිත වලට අප වගකිව යුතු වේ. එසේම මේ රටේ ධනයෙන් අති දැවැන්ත ප්‍රමාණයක් වැය කොට ඇත්තේ ද ඒ වෙනුවෙන් ය. ඒ නිසා රටේ ඒකීය භාවය අප විශාල මිළක් ගෙවා රැක ගත් තත්ත්වයකි. එය අහිමි කර ගැනීමට අප සූදානම් විය යුතු නැත.
මේ සියල්ල සැළකීමේදී අප විශ්වාස කරන්නේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කර පළාත් සභා වසා දැමීම රටට වඩාත් යෝග්‍ය බවයි. එය අප පක්ෂයේ ද මතයයි. එය සිදු කර ගැනීමට ඉන්දියාවේ එකඟතාවය හිමි විය යුතු තැනකට අප පත් වී තිබේ. එවන් ප්‍රභල සාධකයක් හමුවේ දේශපාලන පක්ෂ එහෙටත් නැති මෙහෙටත් නැති ප්‍රතිපත්තියක සිටිමින් කටයුතු කිරීම අප දැක ඇති ස්වභාවයයි. බොහෝ ප්‍රධාන පක්ෂ මෙය මග හැර යනවා මිසක සෘජුවම මුහුණ නොදෙන්නේ උතුරු නැගෙනහිර ඡන්ද පදනමට මෙන්ම ඉන්දියාව නම් සාධකයට ඇති බිය නිසා ය. මේ වටයේදී ද තීරණාත්මක වෙනසක් සිදු වනු ඇතැයි සිතීම උගහට ය.
13 සම්පූර්ණයෙන් බලාත්මක කොට උතුරු නැගෙනහිර ඡන්දය දිනා ගැනීම රනිල් වික්‍රමසිංහ ගේ ඒකායන පැතුම බව කවුරුත් දන්නා කරුණකි. එසේ නොවී ඔහුට ජනාධිපතිවරණය දිනා ගැනීම දුෂ්කර ය. 2005 දී ද මහින්ද රාජපක්ෂ ඔහුව අභිබවා යන්නේ උතුරේ ඡන්දය නම් තීරණාත්මක සාධකය භාවිතා කරමිනි. යලිත් ඔහු ඊට සමාන හන්දියට පැමිණ තිබේ. එය ඔහුගේ අනාගතය යළි තීරණය කරනු ඇත.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්
#13වනසංශෝධනය
#රටහදනහරිපාර
#හරිත