2023 වර්ෂය සදහා තරග කල formula 1 රථ 10ක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    1. ඇල්ෆා රොමේයෝ​

    Jcbl2fA.jpg

    ධාවන පථයට පිවිසි ඇල්ෆා රොමේයෝ රථය – Eric Alonso/www.Getty Images.com

    C43 චැසියක් සහ ෆෙරාරි 066/10 එන්ජිමකින් සමන්විත ඇල්ෆා රොමේයෝ රථය මෙවර එළි දැක්වූ ෆෝමියුලා වන් රථවලින් එකක්. චීන ජාතික ජෝ ග්වැන්‍යූ සහ ෆින්ලන්ත ජාතික වල්ටෙරි බොටාස් යන දෙපළ ඇල්ෆා රොමේයෝ වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා. තරගකාරිත්වය අතින් මෙවර ඇල්ෆා රොමේයෝ රථය යම්තාක් පසුපසින් සිටින බවට විශ්වාස කළ හැකි යි. ඔවුන් තරගවාරයේ තවමත් සාර්ථක ප්‍රතිඵල අත්‍කර ගත්තේ නෑ.

    2. ඇල්ෆා ටවුරි​

    TC2kZ7n.jpg

    ඇල්පාටවුරි රථය සමඟ යුකී ට්සුනෝඩා සහ නික් ඩි ව්‍රීස් – alphatauri.com

    ජපාන ජාතික යුකී සුනෝඩා සහ නෙදර්ලන්තයේ නික් ඩි ව්‍රීස් මෙවර ඇල්ෆා ටවුරි වෙනුවෙන් තරග බිමට පිවිස තිබෙනවා. මේ අතරින් නික් සහභාගී වන්නේ තම මංගල ෆෝමියුලා වන් තරග වාරයට යි. ඔහු පසුගිය වර්ෂයේ විලියම්ස් සමඟ එක් අදියරක ධාවනයේ නිරත වුණා. AT04 චැසිය සහ හොන්ඩා සමාගම නිශ්පාදනය කරන හොන්ඩා RBPTH001 එන්ජිමකින් ඇල්ෆා ටවුරි රථය සමන්විත යි.

    3. ඇල්පීන්​

    CHejI3B.jpg

    ඇල්පීන් රථය එළි දැක්වූ අවස්ථාව – racingnews365.com

    පසුගිය තරග වාරයේ කණ්ඩායම් අදියරේ සිව්වන ස්ථානය දිනා ගත් ඇල්පීන් කණ්ඩායම මෙවර A523 නමින් හැඳින්වෙන චැසියක් සහ රෙනෝල්ට් E-Tech RE23 එන්ජිමක් භාවිත කරනවා. ප්‍රංශ ජාතිකයන් දෙපළක් වන එස්ටෙබාන් ඔකෝන් සහ පියර් ගැස්ලි මෙවර ඇල්පීන් සමග ධාවන පථයට පිවිසෙනවා.

    4. ඇස්ටන් මාර්ටින්​

    967SHqj.jpg

    ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සහ ලාන්ස් ස්ට්‍රෝල් රථය සමඟ – skysports.com

    2023 වර්ෂයේ ෆෝමියුලා වන් තරගවාරය තුළ වැඩි ම අවධානයක් දිනා ගත් කණ්ඩායම බවට ඇස්ටන් මාර්ටින් දැනට ම ලැයිස්තු ගත වී අවසන්. එයට හේතුව වන්නේ ඔවුන් මෙවර පැවති පළමු අදියර ද්විත්වයෙන් විශිෂ්ට දස්කම් දැක්වීම යි. ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සහ කැනඩාවේ ලාන්ස් ස්ට්‍රෝල් ඇස්ටන් මාර්ටින් වෙනුවෙන් ධාවන පථයට පිවිසෙනවා.

    5. ෆෙරාරි​

    STG2iTY.jpg

    ධාවනයට එක් කළ පසු – autosports.com

    පසුගිය තරගවාරය තුළ ෆෙරාරි කණ්ඩායම මෝටර් රථයේ සිදු වූ දෝෂ හේතුවෙන් අවස්ථා ගණනාවක් ම හරිහැටි තරග අවසන් කළේ නෑ. මොනාකෝ ජාතික චාර්ල්ස් ලක්ලෙයාර් සහ ස්පාඤ්ඤ ජාතික කාලෝස් සයින්ස් දෙපළ ෆෙරාරි කණ්ඩායමේ තරග වදිනවා. SF-23 අංකය දරණ චැසිය සහ ෆෙරාරි 066/10 එන්ජිමක් මෙම මෝටර් රථයට අයත්. ෆෙරාරි කණ්ඩායම තවමත් 2023 වර්ෂයේ බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වූයේ නෑ.

    6. හාස්​

    I88bY96.jpg

    කෙවින් මැග්නසන් සහ නිකෝ හල්කන්බර්ග් හාස් රථය සමඟ – gpblog.com

    VF-23 චැසියක් සහ ෆෙරාරි මෝටර් රථයේ ම එන්ජිම වන ෆෙරාරි 066/10 වර්ගයේ එන්ජිමක් හාස් භාවිත කිරීම විශේෂත්වයක්. තරගවාරයේ සිටින එකම අමෙරිකානු කණ්ඩායම වන්නේ ද හාස් කණ්ඩායම යි. ඩෙන්මාර්කයේ කෙවින් මැග්නසන් සහ ජර්මනියේ නිකෝ හල්කන්බර්ග් යන දෙදෙනා හාස් වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා. ඔවුන් තවමත් විශාල දස්කම් දැක්වීමට අපොහොසත් වුණා.

    7. මැක්ලරන්​

    VyCf4k4.jpg

    ධාවකයන් දෙපළ රථය සමඟ – motorsports.com

    බලාපොරොත්තු වූවාට වඩා දැඩි අසාර්ථකත්වයක් පෙන්වීම හේතුවෙන් මැක්ලරන් රථයේ ඉංජිනේරුවන් වෙනස් කිරීමේ සූදානමක් පවතින බවට ද පසුගියදා වාර්තා වුණා. බ්‍රිතාන්‍යයේ ලැන්ඩෝ නොරිස් සහ ඕස්ට්‍රේලියාවේ ඔස්කාර් පියෙස්ට්‍රි යන දෙපළ ම පැවති තරග ද්විත්වයේ ම පළමු 10 අතරට පැමිණියේ හෝ නෑ. මේ හේතුවෙන් මැක්ලරන් දැඩි අර්බුදයක සිරවී සිටිනවා. MCL 60 නමින් හැඳින්වෙන චැසියක් සහ මර්සිඩීස් AMG F1 M14 එන්ජිම මැක්ලරන් මෝටර් රථය සතු යි. මේ වර්ගයේ එන්ජින් භාවිත කරන කණ්ඩායම් සංඛ්‍යාව 4 ක්.

    8. මර්සිඩීස්​

    Hijv1w1.jpg

    ධාවකයන් සහ කණ්ඩායම් ප්‍රධානියා – planetf1.com

    7 වතාවක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනා ඇති බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් සහ බ්‍රිතාන්‍යයේ ම ජෝර්ජ් රසල්, මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරනවා. වසර 8 ක් එකදිගට කණ්ඩායම් ශූරතාව ජයග්‍රහණය කළත් මේ වන විට මර්සිඩීස් සිටින්නේ යම් පසුබෑමක බව ප්‍රකාශ කිරීම නිවැරැදි යි. ඔවුන් මේ වසරේ ද තවමත් බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වූයේ නෑ. චැසිය F1 W14 සහ අනෙක් කණ්ඩායම් භාවිත කරන මර්සිඩීස් AMG F1 M14 එන්ජිම ඔවුන් ද භාවිත කරනවා. පවතින තත්ත්වය මත ඉක්මන් වෙනස් වීමක් ඔස්සේ නැවත ජයග්‍රහණය සොයා යාම මර්සිඩීස් අරමුණ බවට පත්ව තිබෙනවා.

    9. රෙඩ්බුල්​

    vEQ3Tgd.jpg

    මෙවරත් සාර්ථක වන රෙඩ්බුල් රථය – skysports.com

    පසුගිය වසරේ කණ්ඩායම් ශූරතාව ජයග්‍රහණය කළ රෙඩ්බුල් වෙනුවෙන් පිට පිට ම දෙවතාවක් ලෝක ශූරතාව දිනා ඇති නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටාපන් සහ මෙක්සිකෝවේ සර්ජියෝ පෙරෙස් දෙපළ සුපුරුදු රිද්මයෙන් තරග බිමට අවතීර්ණ වුණා. ඔවුන් දෙපළ පළමු අදියර ද්විත්වය ම ජයග්‍රහණය කළා. 2023 වර්ෂයේ ද හොඳ ම මෝටර් රථය තමන් සතු බවට රෙඩ්බුල් මේ වන විට ඔප්පු කරමින් සිටිනවා. RB19 චැසියට නැවත වතාවක් හොන්ඩා සමඟ ඇති කර ගත් එකඟතාව හේතුවෙන් හොන්ඩා RBPTH001 එන්ජිම එකතු කර තිබෙනවා. ඇල්පා ටවුරි රථයද භාවිත කරන්නේ මේ වර්ගයේ එන්ජිමක්. රෙඩ්බුල් මෙවරත් ලෝක ශූරතාව වෙනුවෙන් ගමන් කරන බවට ඉඟි පළ කොට අවසන්.

    10. විලියම්ස්​

    D9d1HUQ.jpg

    2023 විලියම්ස් රථය – planetf1.com

    කලක් ෆෝමියුලා වන් පිටිය අතික්‍රමණය කළ විලියම්ස් කණ්ඩායම මෑතකාලීන ව විශාල පසුබෑමකට ලක් වුණා. ඔවුන් 2022 වර්ෂයේ ද ලබා ගත්තේ අවසන් ස්ථානය යි. තායිලන්තයේ ඇලෙක්ස් ඇල්බොන් සහ නවක ධාවකයෙක් වන අමෙරිකාවේ ලොගාන් සාර්ජන්ට් විලියම්ස් නියෝජනය කරනවා. ඔවුන් තවමත් මේ වසරේ ද සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ නෑ. FW45 දරන චැසියක් සහ මර්සිඩීස් AMG F1 M14 දරන එන්ජිම විලියම්ස් සතු යි. පෙර සඳහන් කළ ආකාරයට ම එම එන්ජිම භාවිත කරන සිව්වන කණ්ඩායම වන්නේ ද ඔවුන්.

    තරග වට 13 කදී මුල් කණ්ඩායම් 5ක දක්ෂතා පහත පරිදි දිස්වෙන අතර තවත් තරග වට 10ක් ඉතිරිව තිබෙනවා

    2023 Standings Drivers
    RankDriverPointsWinsPodiums
    1
    Netherlands
    M. Verstappen
    Red Bull
    3141012
    2
    Mexico
    S. Pérez
    Red Bull
    18927
    3
    Spain
    F. Alonso
    Aston Martin
    14906
    4
    United Kingdom
    L. Hamilton
    Mercedes
    14804
    5
    Monaco
    C. Leclerc
    Ferrari
    9903

    2023 Standings Constructors
    RankConstructorPointsWinsPodiums
    1Red Bull5031219
    2Mercedes24705
    3Aston Martin19606
    4Ferrari19103
    5McLaren10302

    මූලාශ්‍ර -
    skysports.com
    Blogger Saminda Jayarathna
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    f1.com
    autosport.com
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Max versttappen හොඳට ගේම ගහනව නේ. දැනට තිබුණු ඔක්කොම race win කරලා. තාම කවුරුත් ඔක්කොම race ( calender year. එකක්) වින් කරලා record තියලා නෑ.

    Lewis Hamilton සෑහෙන්න පැරදිලා. තාම එක race එකක් වත් win කරල් නෑ

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    දැන් ලංකාවට F1 TV Pro subscription එක ගන්න පුලුවන්. ඒක අරන් F1 live බලහන්. Rewind කරලා බලහන් missed වුණොත්. ඉස්සර වගේ articles කියවන්න ඕනේ නැහැ දැන්.
     
    • Like
    • Love
    Reactions: $onny and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    දැන් ලංකාවට F1 TV Pro subscription එක ගන්න පුලුවන්. ඒක අරන් F1 live බලහන්. Rewind කරලා බලහන් missed වුණොත්. ඉස්සර වගේ articles කියවන්න ඕනේ නැහැ දැන්.
    සුපිරි මචෝ. මමත් එකේ බල බලා හිටියේ :love2: (y)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සුපිරි මචෝ. මමත් එකේ බල බලා හිටියේ :love2: (y)
    මේ අවුරුද්දේ March or April වල ඉඳලා ලංකාවට හම්බ වුණේ. උබ තාම ගත්තෙ නැද්ද?
     
    • Love
    Reactions: NRTG

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Max versttappen හොඳට ගේම ගහනව නේ. දැනට තිබුණු ඔක්කොම race win කරලා. තාම කවුරුත් ඔක්කොම race ( calender year. එකක්) වින් කරලා record තියලා නෑ.

    Lewis Hamilton සෑහෙන්න පැරදිලා. තාම එක race එකක් වත් win කරල් නෑ
    Car deka wenas karala balapan moko wenne kiyala
    Max nemei Redbull dinala
    Lewis nemei Mercedes padardia
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ අවුරුද්දේ March or April වල ඉඳලා ලංකාවට හම්බ වුණේ. උබ තාම ගත්තෙ නැද්ද?
    නැහැ මචෝ තාම youtube එකෙන් තමයි බලන්නේ මම

    Car deka wenas karala balapan moko wenne kiyala
    Max nemei Redbull dinala
    Lewis nemei Mercedes padardia

    අන්න ඒක තමයි බං මටත් දැන ගන්න ඕන.. ඔය team වල car වල වෙනස මොකක්ද?
    මේක තමයි ඇත්ත කතාව Driver ගේ දක්ෂ කමත් සැහෙන්න ඕනේ, ඒ උනාට key role එක කරන්නේ car එක සහ එකේ team එක. ඉස්සර ජීවිතේට Lewis Hamilton පරද්දන්න බහ කියලා හිතුනේ. ඒ උනාර Redbull ගේම ගැහුවා ලස්සනට
    ------ Post added on Aug 13, 2023 at 7:18 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නැහැ මචෝ තාම youtube එකෙන් තමයි බලන්නේ මම

    මේක තමයි ඇත්ත කතාව Driver ගේ දක්ෂ කමත් සැහෙන්න ඕනේ, ඒ උනාට key role එක කරන්නේ car එක සහ එකේ team එක. ඉස්සර ජීවිතේට Lewis Hamilton පරද්දන්න බහ කියලා හිතුනේ. ඒ උනාර Redbull ගේම ගැහුවා ලස්සනට
    ------ Post added on Aug 13, 2023 at 7:18 PM
    F1 TV Pro පට්ට බං. Commentary එකත් අර British biased Sky F1 commentary එක වෙනුවට F1 Tv එකේ commentary එක අහන්න පුළුවන්. තව race analysis තියනවා, technical explanation තියනවා, pre session show, post session show වගේ හැම දේම තියනවා. අනික ඕනෙම පරණ content එකක් බලන්න පුළුවන්. 1950 ඉඳලා උන්ට copyrights තියන recorded ඔක්කොම දේවල් තියනවා. ඕක පට්ට බං. අවුරුදු ගාණක් TV එකෙන් මොනවද බැලුවේ කියලා හිතුනා F1 TV Pro බලන්න ගත්තම.