මීට කාලෙකට ඉස්සෙල්ලා ජනාධිපති කොමිසමක් ඉස්සරහා ශානි මෙහෙම කියනවා...
"....ස්වාමිනි, මම කිසිම වරදක් කරලා නැහැ. අවුරුදු 32 කට ආසන්න පොලිස් ජීවිතෙයි, ඒකෙන් අවුරුදු 20කට ආසන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාලයෙයි මට කිසිම කළු පැල්ලමක් නැහැ. මට චෝදනා තියෙන්නේ සැකකරුවන් නිදහස් නොකිරීම ගැන පමණයි. අනෙක් සියල්ල නීතිපති දෙපාර්තමේන්තුව නගපු චෝදනා. මම අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් ස්වාමිනි. රැකියාව කළා පමණයි. සමාන්‍යයෙන් පොලීසියට එන චෝදනා ගත්තම සල්ලි ගත්තා, අතපය කැඩුවා, කාන්තාවන් අමාරුවේ දැම්මා.. ඔන්න ඔය වගේ ඒවා එන්නේ. මට එහෙම කිසිම චෝදනාවක් නැහැ. අද හවසට එයිද දන්නේ නැහැ. මට නැතිවෙන්න දෙයක් නැහැ ස්වාමිනි. එකයි පටන්ගද්දිම යටහත් පහත්ව කිව්වේ ඕන දෙයක් අහන්න කියලා. මේකත් කරලා ඉවර කරන්න. පොලිස් කොමිසමෙන් නිර්දේශ කළා මට වැටුපෙන් හරි අඩක් ගෙවන්න කියලා. ඒකවත් තවම හම්බුනේ නැහැ. මම රැකියාවට පිටින් සතයක්වත් අරන් නැහැ ස්වාමිනි. අදටත් ඉන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ කුළි නිවසක. කාමර දෙකයි, මුළුතැන්ගෙයි සාලෙයි. වර්ග අඩි 550 ක පුංචි නිවසක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ස්වාමිනි. ඔවුන්ට දැන් පාරේ බැහැලා යන්නවත් බැහැ...."