සියලු සත්වයෝම සුවපත් වේවා 🙏 ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ලෝසක මහ රහතන් වහන්සේගේ කථාව...
    පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ.
    ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ මිනිසුන් ඉන්න ගම්මානෙක, ලැබීමේ පිනෙන් ගොඩාක් දුර්වල දරුවෙක් උපන්නා. ඒ දරුවා පිළිසඳ ගත්තු දවසේ මේ පවුල් දහසකින් යුතු මුළු කෙවුල් ගම්මානෙට ම එකම මාළුවෙක්වත් අල්ලගන්ට බැරි වුණා. දරුවා මව්කුසේ වැඩෙද්දී ඒ ගමේ ගෙවල් සත් වතාවක් ගිනිගත්තා. රජ්ජුරුවන්ගෙනුත් හත් වතාවක් දඩ කෑවා. ක්‍රමයෙන් මුළු කෙවුල් ගම්මානය ම දුකට පත්වෙලා අසරණ වෙලා ගියා. මාළු අල්ලන ගම් ප්‍රධානීන් මේ ගැන සාකච්ඡා කළා.
    “මේක හරි පුදුම දෙයක් නොවැ… එන්න එන්නම අපි නැත්තටම නැති වුණා…. මෙතෙක් කාලෙකට මෙහෙම විපැත්තියක් වුණේ නෑ…! මොකෙක් හරි කාලකන්නියෙක් මේ ගම්මානේ ඉපදිලාවත් ද…? අපි ගමේ ගෙවල් පන්සීය බැගින් දෙකට බෙදමු. එතකොට සොයාගන්ට ඇහැක් වේවි….!” කියලා ක්‍රමක්‍රමයෙන් ගෙවල් බෙද බෙදා ගියා. අර දරුවා පිළිසිඳගත් ගෙය ඉතිරි වුණා. අනිත් පවුල් ක්‍රමයෙන් දියුණු වුණා. එතකොට ගම්මු එකතුවෙලා ඒ පවුල ම ගමෙන් පැන්නුවා!
    අර අම්මා ඉතා ම දුක සේ බඩකුත් උස්සාගෙන ජීවත් වුණා. පුතෙක් බිහි කළා. මේ ඒ දරුවාගේ සසර ගමනේ අවසන් ආත්මයයි. උතුම් රහත් ඵලයට පත්වීමේ වාසනාව කළයක් ඇතුළේ දැල්වෙන පහනක් වගේ තමන්ගේ සිතේ බැබළි බැබළී තිබුණා. ඒ අම්මා ඉතා ම දුක සේ මේ දරුවා පෝෂණය කළා. මේ දරුවාට ඇවිද යන්ට පුළුවන් වුණාට පස්සේ කබලක් අතට දුන්නා.
    “පුතේ… ආන්න අර පේන ගෙදරට ගොහින් මොකවත් ඉල්ලාගෙන කාපන්…” කියලා දරුවා පිටත් කළා. අම්මා ළමයා දාලා පැනලා ගියා. එදා පටන් මේ දරුවා තනි වුණා. හරි හමන් කෑමක් බීමක් නෑමක් නිදීමක් මොකවත් නෑ. පාංශුපිශාචයෙක් වගේ ඉතාමත් දුක සේ ජීවත් වුණා. ගෙවල්වල වළං පිඟන් සෝදා වීසි කරන ඉඳුල් කන කපුටෙක් වගේ බත් ඇට ඇහිඳගෙන කකා අනුක්‍රමයෙන් දරුවා සත් හැවිරිදි වුණා.
    දවසක් අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ සැවැත්නුවර පිඬු සිඟා වඩිද්දී මහා දුක්ඛිත ජීවිතයක් ගෙවන මේ දරුවා දකින්ට ලැබුණා. “දරුවෝ මෙහෙ එන්න….” කියලා මේ දරුවට කතා කළා. එතකොට මොහු ගිහින් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.
    “දරුවෝ…. ඔයා කොයි ගමේ කෙනෙක් ද…? ඔයාගේ අම්මා තාත්තා කවුද….?”
    “ස්වාමීනී…. මං නිසා අපේ අම්මටයි තාත්තටයි හරී කරදරයිලු…! ඉතින් එයාලා මාව දාලා ගියා….”
    “දරුවෝ…. ඔයා මං වගේ පැවිදි වෙන්න කැමති ද…?”
    “අනේ ස්වාමීනී…. මං වගේ කෙනෙක් මහණ කරන්නේ කවුද…?”
    “ඇයි මම ඉන්නේ….? මම මහණ කරන්නම්…”
    එතකොට ඒ දරුවා කැමති වුණා. සාරිපුත්තයන් වහන්සේ මේ දරුවා විහාරයට කැඳවාගෙන ගියා. සිය අතින් ම පිරිසිදු කොට වතුර නෑව්වා. කෑම බීම දුන්නා. පැවිදි කළා. විසි වයස වෙද්දි උපසම්පදාත් කළා. මේ අල්පලාභී භික්ෂුව වයසට යද්දී ‘ලෝසකතිස්ස තෙරණුවෝ’ කියලා ප්‍රසිද්ධ වුණා. සිව්පසය ලබන්ට පිනක් නැති තරම්. කොසොල් රජ්ජුරුවන්ගේ අසදෘශ මහා දානෙදිවත් කුසගිනි නැතිවෙන්ට තරම් ආහාරයක් ලැබුණේ නෑ! පිඬු සිඟා ගිහින් යාන්තම් පිරිමැහෙන්ට කැඳ ස්වල්පයක් ලැබෙනවා. මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය ආහාරවලින් පිරී තියෙනවා වගෙයි. මේ ලෝසක තෙරුන් උත්සාහයෙන් ධර්මයේ හැසිරුනා. උතුම් රහත් ඵලය සාක්ෂාත් කළා. තමන්ගේ ආයුෂ අවසන් වෙලා ක්‍රමයෙන් පිරිනිවන් පානා දවස පැමිණුනා.
    එදා ලෝසක තෙරුන් පිරිනිවන් පානා බව අපගේ සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා.
    “අහෝ! අද අපේ ලෝසක පිරිනිවන් පානවා…. අදවත් ඔහුට කුස පිරෙන්ට ආහාරයක් දෙන්ට වටිනවා…” කියලා එදා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් සමඟ පිඬු සිඟා වැඩියා. එදා සාරිපුත්තයන් වහන්සේට දානෙ තබා දෑත් දිගු කොට වන්දනා කරන්ටවත් සැවැත්නුවර කවුරුවත් ආවෙ නෑ. හැමෝම නොදැක්කා වගේ ගියා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන්ට විහාරයට ගොස් දාන ශාලාවේ වාඩිවෙලා ඉන්ට කිව්වා. තමන් වහන්සේ තනිවම වැඩිය ගමන් පිණ්ඩපාතෙ ලැබුණා. එතකොට සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ දානෙ වේල කෙනෙකු අත ලෝසක තෙරුන්ට දෙන්ට කියලා පිටත් කෙරෙව්වා. ඒක අතරමග දී ඔහු අනුභව කළා!
    අපගේ සාරිපුත්තයන් වහන්සේ දන් වළඳා විහාරයට වැඩියා. ලෝසක තෙරුන් තවමත් දන්හලේ වැඩඉන්නවා. එතකොට ලෝසක තෙරුන් ඉක්මනට ඇවිත් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.
    “ඇවැත්නි…. දානෙ වැළඳුවා නේ ද?”
    “ස්වාමීනී…. ඒ අපට ලැබුණොත්නෙ…” කිව්වා.
    එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා. අයියෝ! කාලය ඉක්ම ගිහින්… “කමක් නෑ ඇවැත්නි… ඔහොම ම ශාලාවේ ඉන්ට” කියලා කෙළින් ම කොසොල් රජ්ජුරුවන්ගේ මාළිගාවට වැඩියා. රජ්ජුරුවෝ මහත් සතුටට පත්ව සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය පුරවා චතුමධුර පූජා කළා.
    සාරිපුත්තයන් වහන්සේ පාත්‍රය ඇතිව නැවත වැඩියා.
    “තිස්ස… හරි… දැන් මේ චතුමධුර වළඳන්ට” කියා පාත්‍රය අතැතිව සිටගත්තා. තම ආචාර්යපාදයන් කෙරෙහි මහත් ගෞරවයෙන් ලෝසක තෙරුන් ලැජ්ජාවෙන් යුක්ත වුණා. වැළඳුවේ නෑ.
    “නෑ තිස්ස…. මං මේ පාත්‍රය අතේ තියාගෙන මෙහෙම ඉන්නම්. ඔබ මෙතන වාඩිවෙලා මේ පාත්‍රයෙන් ගෙන වළඳන්ට. මං බැරිවෙලාවත් පාත්‍රය වෙන තැනකින් තිබ්බොත් කිසිවක් ඉතිරිවෙන එකක් නැහැ.”
    එතකොට ලෝසක තෙරුන් ගුරුබසට අවනත වුණා. සෙමෙන් සෙමෙන් චතුමධුර වළඳන්ට පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේගේ ඉර්ධිබලය නිසා චතුමධුර අතුරුදහන් වුණේ නෑ. එදා ලෝසකතිස්ස තෙරණුවෝ කුස පිරෙන තාක් වැළඳුවා. එදා ම පිරිනිවන් පෑවා.
    සියලු භික්ෂූන් වහන්සේලාට මෙය මහත් සංවේගදායක සිද්ධියක් වුණා. දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ලෝසකතිස්ස තෙරුන්ගේ අවාසනාවත්, අරහත් වෙන්ට ඇති වාසනාවත් ගැන කතාබස් කරමින් සිටියා. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාළා.
    “මහණෙනි, ලෝසක පෙර ආත්මෙක රහත් භික්ෂුවකගේ ලාභයට අනතුරු කළා…. ඒ නිසා ලැබීම නැති වුණා. නමුත් ඒ ආත්මේ හොඳින් විදර්ශනාව පුරුදු කළා. ඒ නිසයි නිකෙලෙස් වන අයුරින් ප්‍රඥාව දියුණු ව තිබුණේ.”
    එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ලෝසක තෙරුන්ගේ පෙර ආත්මයේ කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
    පින්වත් මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන්ගේ කාලයේ ඒ සසුනේ පැවිදි වූ භික්ෂුවක් එක්තරා ගමක වාසය කළා. ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට කුටියක් කරවා දුන්නා. මොහුත් සිල්වත්ව විදර්ශනා භාවනාව පුරුදු කරමින් වාසය කළා. දවසක් එක රහත් තෙරනමක් එක් තැනක දිගට ම නොවසන නිසා අනුපිළිවෙළින් ඇවිත් අර ගම් ප්‍රධානියා ඉන්න ගමට පැමිණියා. තෙරුන් වහන්සේගේ ශාන්ත ඉරියව් දුටු ගම් ප්‍රධානියා බලවත් සේ පැහැදුනා. තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කළා.
    “ස්වාමීනී… අපෙත් විහාරයක් තියෙනවා. එහෙ වඩින්ට. මං හවස් යාමයේ ඔබවහන්සේව බලන්ට එන්නම්…”
    එතකොට තෙරුන් වහන්සේ ඒ විහාරයට වැඩම කොට එහි නේවාසික ව සිටි වැඩිමහලු තෙරුන්ට වන්දනා කළා.
    “ආ… ඇවැත්නි… දානෙ කොහොමද අද…?”
    “දානෙ වැළඳුවා ඇවැත්නි…”
    “ඒ කොහෙන් ද…?”
    “ඔබවහන්සේගේ මේ ගමේ ගම් ප්‍රධානියාගේ නිවසේ දී…”
    නේවාසික තෙරුන් මේ ආගන්තුක තෙරුන්ට කුටියක් පිළියෙල කොට දුන්නා. ගම් ප්‍රධානියා හවස් වරුවේ සුවඳ මල්, තෙල් ආදිය ගෙන්වාගෙන තමන්ගේ විහාරයට ගියා. නේවාසික තෙරුන්ට වන්දනා කළා.
    “ස්වාමීනී… එක් ආගන්තුක තෙරනමක් වැඩියා නේ ද?”
    “එසේය උපාසක…”
    “උන්නාන්සේ කොහේද ඉන්නේ…?”
    “ආන්න අතන අර කුටියේ…”
    එතකොට ඒ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් බැහැදැක වන්දනා කොට එකත්පස්ව වාඩිවෙලා බණ ටිකකුත් ඇසුවා. පහුවදා දානෙට තම නිවසට වඩින්ට කියලා දෙනමටම ආරාධනා කළා. නේවාසික තෙරුන් මෙහෙම හිතුවා.
    ‘අපේ දායක උන්නැහේ මං ගැන අපැහැදිලාවත් ද…? මේ ආගන්තුක භික්ෂුව දිගට ම නැවතුනොත් මාව ගණන් නොගෙනම ඉඳීවි.’ කියලා තෙරුන් කෙරෙහි අමනාප වුණා. තෙරුන් වහන්සේට එතැනින් යන්ට කටයුතු සදන්ට ඕනෑ කියලා සිතා ගත්තා.
    එදා ආගන්තුක තෙරුන් නේවාසික තෙරුන්ට වත් කළා. නමුත් වචනයක් කතා කළේ නෑ. තෙරුන් වහන්සේට මේ භික්ෂුව තමන් ඉන්නවාට අකමැති බව තේරුනා. එතකොට තෙරණුවෝ නිශ්ශබ්දව තමන්ගේ භාවනා කටයුතුවල යෙදුනා. පසුවදා නේවාසික භික්ෂුව සිය නියපිටින් ගෙඩියට තට්ටු කළා. නියපිටින් දොරට තට්ටු කළා. තමන් සිවුර පොරවාගෙන දායකයාගේ නිවසට ගියා.
    “අනේ ස්වාමීනී…. අපේ ආගන්තුක තෙරුන් වැඩියේ නැත්තේ ඇයි…?”
    “ඔබේ කුළුපග තෙරුන් ගැන විස්තර කියන්ට මං දන්නෙ නෑ. මං ගෙඩියත් ගැහුවා. දොරටත් තට්ටු කළා. කෝ… අවදි වුණේ නෑනේ… මං හිතන්නේ ඊයේ ඔබගේ නිවසේ ප්‍රණීත දානය වළඳා දිරවා ගන්ට බැරිව නින්දට වැටෙන්ට ඇති! බලන්ට… ඔබ පැහැදුනොත් පහදින්නේ ඔය වගේ අය ගැන නොවැ…”
    ඔය අතරේ ආගන්තුක තෙරණුවෝ දානය වඩින්ට වෙලාව සලකා පාසිවුරු ගෙන අහසින් ම වෙනත් පළාතකට වැඩියා. එදා දායක පින්වතා ගිතෙල් මී සකුරු ආදියෙන් යුතු ප්‍රණීත කිරිබතින් නේවාසික භික්ෂුවට දානෙ පූජා කළා.
     
    • Like
    Reactions: S_M_S and NRTG

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    “අනේ ස්වාමීනී…. අපගේ ආගන්තුක තෙරුන්ට ගමන් වෙහෙස ඇති. ඒකයි සැතපෙන්ට ඇත්තේ. උන්වහන්සේට මේක දෙන්ට” කියලා ඉතා හොඳින් සුවඳවත් පසුම්බියක දාලා දානය සකසා නේවාසික තෙරුන්ගේ අතට දුන්නා. මොකවත් නොකියා තෙරුන් එය ගත්තා. අරගෙන යන ගමන් කල්පනා කළා. ‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට මතුවෙනවා. බිමක දාන්ටත් බෑ. කපුටො වටවෙනවා. එතකොට දැනගන්නවා. මං මේකට මොකදෑ කරන්නේ…?’ කියලා සිත සිතා යද්දී කුඹුරක ඇවිළෙන ගින්නක් දැක්කා. එතනට ගිහින් ඒ ගින්නේ අඟුරු මෑත් කරලා එතනට අත්හැරියා. ආයෙමත් අඟුරුවලින් වැහුවා. විහාරයට ගියා. ආගන්තුක භික්ෂුව ඉන්නවා ද කියලා බැලුවා. ඒ තෙරුන් වැඩලා. එතකොටයි නේවාසික භික්ෂුවට සිහි උපන්නේ. ‘අයියෝ! ඒ රහතන් වහන්සේනමක් නොවැ. මගේ අදහස් දැනගෙන වැඩලා වගේ… ආහාරයක් නිසයි මගේ අතින් උන්වහන්සේට මේ වැරැද්ද වුණේ…’ කියලා සිත් තැවුලක් හටගත්තා. එදා සිට ඒ භික්ෂුව අසනීප වුණා. ටික දවසකින් මිය ගිහින් නිරයේ උපන්නා.
    නිරයේ අවුරුදු ලක්ෂ ගාණක් දුක්වින්දා. එතනින් චුතවෙලා එක දිගට ම පන්සිය වාරයක් යක්ෂ ආත්මයේ උපන්නා. එතෙක් කාලයක් කුසපුරා ආහාරයක් ලැබුණේ නෑ. එක ම දවසක් කුස පිරෙන්න ගැබ් මළක් ලැබුණා. ඊට පස්සේ එක දිගට පන්සිය වාරයක් බලු ආත්මයේ උපන්නා. ඒ පන්සිය ආත්මෙට ම එක දවසක් බඩ පිරෙන්ට වමනයක් ලැබුණා. එතනින් චුතවෙලා කසී රටේ ඉතා ම දිළිඳු ගමක දිළිඳු පවුලක පිරිමි ආත්මයක් ලැබුණා. එදා පටන් ඒ ගෙදරට කැඳ වතුරවත් නෑ. ඔහුට ‘මිත්තවින්දක’ යන නම ලැබුණා. මිත්තවින්දකගේ මව්පියන්ට මොහු උපන්දා සිට තියෙන බඩගින්න උහුලාගන්ට බැරිව මොහුව ගෙදරින් පැන්නුවා. කිසිවක් කරකියා ගන්ට බැරිව ඔහු ඇවිද ඇවිද බරණැසට ආවා.
    ඒ කාලෙ මහාබෝධිසත්වයෝ බරණැස දිසාපාමොක් ආචාර්යයන් වෙලා සිටියේ. පන්සියයක් තරුණයන්ට ශිල්ප ඉගැන්නුවා. ඒ කාලෙ එතුමා බරණැස දිළිඳු ළමයින්ට නොමිලේ ශිල්ප උගන්නනවා. මේ මිත්තවින්දකත් බෝධිසත්වයන් ළඟට නොමිලේ උගන්වන පන්තියට බැඳුනා. නමුත් මොහු දුෂ්ටයි. අවවාදයක් අහන්නේ නෑ. අනිත් අයට පහර දෙනවා. බෝධිසත්වයන්ගේ අවවාදයවත් අහන්නේ නෑ. මොහුව ගත්තු දා පටන් බෝධිසත්වයන්ගේ ආදායම් මාර්ග වැහිලා ගියා. එතැනින් වෙනත් තරුණයන් සමඟ ආරවුල් හදාගෙන පළා ගියා. කාලෙකට පස්සේ මොහු තමන්ට සෑහෙන දිළිඳු ස්ත්‍රියක් සහේට ගත්තා. දරුවො දෙන්නෙකුත් ලැබුණා. ගමේ මිනිස්සු මිත්තවින්දකව පණිවිඩපණත් ගෙනියන්ට පත් කළා. එදා පටන් ඒ ගමට වගතුවක් නෑ. සත් වතාවක් ආණ්ඩුවෙන් දඩ ගැහැව්වා. සත් වතාවක් වැව බිඳුනා. මිත්තවින්දකයා නිසයි මෙහෙම වෙන්නේ කියලා ගමේ කතා වුණා. ගම්මු එකතු වෙලා ඔවුන්ව ගමෙන් පැන්නුවා.
    කරකියා ගන්ට දෙයක් නැතුව මේ සතර දෙනා වනාන්තරයට ගියා. එතන දී දරුවන්වත්, බිරිඳවත් වනයේ ඉන්න අමනුෂ්‍යයන් මරාගෙන කෑවා. මිත්තවින්දක එතනිනුත් පළා ගියා.
    මිත්තවින්දක මුහුදුබඩ වරායක් අසලට ආවා. වරායෙ කම්කරුවෙක් වුණා. නැව පිටත්වෙන දවසේ ඒ නැවට නැග්ගා. නැව දවස් හතක් මුහුදේ කරදරයක් නැතුව යාත්‍රා කළා. සත්වෙනි දවසේ මුහුද මැද නැවතුනා. ඔවුන් නැවේ පව්කාරයෙක් ඇති කියලා තුණ්ඩු දැම්මා. සත්වතාවෙ ම තුණ්ඩුව ලැබුණේ මිත්තවින්දකටයි. එතකොට නැවේ සිටිය මිනිස්සු ඔහුට උණපතුරු පහුරක් දීලා මුහුදට දැම්මා. එසැණින් ම නැව පිටත් වුණා.
    මිත්තවින්දක උණපතුරු පහුරේ වැතිරී මුහුදේ පාවී සිටියා. ඒ වෙලාවේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදිව ආරක්ෂා කළ සීලයේ අනුසස් මතු වුණා. මුහුද මත පළිඟු විමානයක සිටි විමාන ප්‍රේතියක් මොහුව තමන් ළඟට කැඳවා ගත්තා. විමාන ප්‍රේතියත් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. සැප විඳින සතියේ ඔහු ඈ ළඟ සිටියා. දුක් පටන් ගත්තු ගමන් මිත්තවින්දක එතැනින් ඉවත්ව ආයෙමත් පහුර දමාගෙන මුහුදේ ගියා. මේ විදිහට රන් විමානයක, රිදී විමානයක, මැණික් විමානයක සිටිය විමාන ප්‍රේතියන් එක්ක කල්ගත කළා. එතැනිනුත් ඉවත් වෙලා යද්දී මුහුද මැද යක්ෂයෙක්ගේ දූපතකට ගොඩබැස්සා. එහි එක් යක්ෂණියක් එළු දෙනකගේ වේශයෙන් සිටියා. මිත්තවින්දක මං එළු මස්වත් කන්ට ඕනෑ කියලා එළු දෙනගේ පයින් ඇද්දා. එතකොට යකින්නි මොහු උස්සා ඈතට වීසි කළා. මිත්තවින්දක වේගයෙන් මුහුදු දිය මතින් ගොස් බරණැස් පුර දිය අගල අයිනේ එක් කටු ලැහැබකට පෙරලී වැටුනා.
    ඒ කාලෙ ඒ දිය අගල අයිනේ සැරිසරන රජ්ජුරුවන්ගේ එළු දෙන්නු හොරු පැහැරගන්නවා. එළු පාලකයෝ හොරු අල්ලන්ට පඳුරු අස්සේ සැඟවී උන්නා. මිත්තවින්දක වැටුනු තැනත් එළිච්චියක් හිටියා. මිත්තවින්දක මෙහෙම හිතුවා. ‘මං එකවතාවක එළිච්චියකගේ කකුලෙන් ඇදලා මෙතනට වීසි වෙලා ආවා. මේ එළිච්චියගේ කකුලෙන් ඇද්දොත් මං හිටිය මුහුද මැද විමාන දේවතාවිය ළඟට වීසි වෙලා යාවි’ කියලා එළිච්චියගේ කකුලෙන් ඇද්දා. එළිච්චිය ළතෝනි දුන්නා. එළු පාලකයෝ ඒ ශබ්දයට අනුව එතනට දුවගෙන ඇවිත් “මේන්න එළු හොරා අහු වුණා…” කියලා හොඳට ම ගහල තලල බැඳගෙන රජ්ජුරුවන් ළඟට අරගෙන ගියා.
    ඒ වෙලාවේ බෝධිසත්වයෝ පන්සියයක් සිසුන් සමඟ නාන්ට යනවා. මිත්තවින්දක ව බැඳගෙන යනවා දැකලා හඳුනාගත්තා. එළු පාලකයන්ට කතා කළා.
    “දරුවෙනි…. මේ මගේ ගෝලයෙක්… මොකද මෙයාව අරගෙන යන්නේ…?”
    “ස්වාමී…. මේකා අපේ එළු දෙනකගේ කකුලෙන් ඇද්දා…. ඒකයි අල්ලාගත්තේ….”
    “අනේ එහෙනම් මේකා ව අපට දාසයෙකුව කරලා දෙන්ට. අපි නිසා ජීවත් වෙන්නේ නැතෑ….”
    ඉතින් ඔවුන් මිත්තවින්දක ව නිදහස් කළා.
    “ඈ… මිත්තවින්දක… උඹ මෙතෙක් කල් කොහේද ගියේ…?” එතකොට ඔහු සියලු විස්තර කිව්වා. එය අසා සිටි බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා.
    “යමෙක් යහපත පතා කෙනෙකුට
    කරයි නම් අවවාද දයාවෙන්
    නමුත් එය ඔහු නොම අසයි නම්
    එළු දෙනගේ පයින් ඇදපු
    මිත්තක මෙන් ශෝක කරන්නේ”
    කියලා අවවාද කළා.
    “මහණෙනි, ඔය ලෝසකතිස්ස ඒ කස්සප බුද්ධ කාලෙන් පස්සේ මේ තාක් ම තුන් වේලයි කුස පිරෙන්ට අනුභව කරලා තියෙන්නේ. යක්ෂ ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට ගැබ් මළ කන්ට ලැබුණා. බලු ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට වමනයක් කන්ට ලැබුණා. පිරිනිවන් පානා දවසේ සාරිපුත්තයන්ගේ ආනුභාවය නිසා කුස පිරෙන්ට චතුමධුර ලැබුණා. මේ නිසා කිසි දිනෙක අනුන්ගේ ලාභයට අනතුරු කරන්ට හොඳ නෑ. මහණෙනි, ඒ කාලෙ මිත්තවින්දක වෙලා සිටියේ මේ ලෝසකතිස්ස. දිසාපාමොක් ආචාරීන් වෙලා සිටියේ මමයි.” කියලා මේ ජාතකය වදාළා.

     
    • Like
    Reactions: S_M_S and NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    @dilann හිතන් ඉන්නෙ ඌට හිතෙන දෙ තමයි හරි කියල. ඌ දන්න බුද්දගමක් නෑහ.

    නොලබීම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑහ. බුද්දගමේ මූලිකම දෙයක් තමයි දානය, දානයෙ ආනිසංස තියෙනව. දෙන දෙවල් තමයි ලබෙන්නේ. එ වගෙ මූලික දෙයක්වත් දන්නෙ නෑති , පිලිගන්නෙ නෑති ගන් කබරයෙක් එක්ක මොන කතද?
    දානය මූලික දෙයක් තමයි. ඔයා හරි.

    නමුත් විරිය කියන්නේ 37 බෝධිපාක්ෂික ධර්ම වලින් එකක්. ඒ කියන්නේ බුදු දහමේ මූලික හරයක්.

    ඩිලාන් මෙතන කියලා තියෙන්නේ අන්න ඒ වීරිය ගැන.

    ජනප්‍රිය බුදු දහමේ මූලික හරයන්ට තැනක් දෙනවාට වඩා තියෙන්නේ අපාය දිව්‍ය ලෝක දානය වගේ සරල සංකල්ප උළුප්පලා දැක්වීමක්. එක නරක නෑ. නමුත් ගැඹුරු දර්ශනයට එකෙන් මහලොකු පිටුවහල් නැහැ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානය මූලික දෙයක් තමයි. ඔයා හරි.

    නමුත් විරිය කියන්නේ 37 බෝධිපාක්ෂික ධර්ම වලින් එකක්. ඒ කියන්නේ බුදු දහමේ මූලික හරයක්.

    ඩිලාන් මෙතන කියලා තියෙන්නේ අන්න ඒ වීරිය ගැන.

    ජනප්‍රිය බුදු දහමේ මූලික හරයන්ට තැනක් දෙනවාට වඩා තියෙන්නේ අපාය දිව්‍ය ලෝක දානය වගේ සරල සංකල්ප උළුප්පලා දැක්වීමක්. එක නරක නෑ. නමුත් ගැඹුරු දර්ශනයට එකෙන් මහලොකු පිටුවහල් නැහැ.
    @dilann ඌ දන්න විරිය නෑහ, ඌ ඔහෙ මොන හරි දෙයක් කියනවා. ඌට දර්මය Thread එකක දෑක්කම කසනව වගෙ එකක එනවා. ඊට පස්සෙ එකට මොකක හරි science කෙල්ලක් පටලවල කොහෙවත් ගලපීමක් නෑති දෙයක් කියන්වා.
    .

    වීරිය තියෙන්න ඔනි තමයි, වීරිය කියනනෙ පරමිතවකුත් වෙනවා. නමුත් අපිට සමහර දෙවල් ලබෙන්නේ නෑත්තෙ අපි කරල තියෙන කුසල් මඩි නිස හොඅ අකුසල් නිසා.
    උදහරනයක් ලෙස ලෝසක තෙරුන්ගේ කතාව ගන්න. රහත් වෙලත් මරෙනකම් කුස පිරෙන්න කන්න ලබුනේ නෑහ.

    මෙකෙන් Thread කියන්නෙ හදන්නේ නිතරම කුසල් කරන්න කියල, නෑතුව මොකුත් නොකර අනෙ මගේ කරුමෙ කරුමෙ කිය කිය ඉන්න නෙමේ, කුසලය තුල ඉන්න කොට පෙර කරපු කුසල් මතු වෙල එනවා. එතකොට සමහර වෙලාවට අකුසල් යටපත් වෙනාව
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඕන දේවල් නිකන් ලැබෙනකන් උඩ බලන් ඉන්න උන්ට හොදයි බන් ඕවා.
    පට්ට නෙගටිව් මගුල් උස්සන් එන්නේ උදේ පාන්දර.
    Negative Positive hadenne mind eken. Eka pudgalanu baddai.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඇත්ත එකෙන් වරෙන් පොන්නයෝ. අලුත් ඒවා හදන එන පොන්නයන්ට reply කරන්නේ නෑ .
    Lap eken awama rawatenna nam epa eken enne. Dan phone eken inne. Pls reply to me 🙏
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෛත්‍රිය තුලින් ධ්‍යාන උපදවා ගැනීමට උත්සාහ කරන ඔබ විසින් පිලිපැදිය යුතු තවත් කරුණු කිහිපයක් ඇත.
    පංච ශීලයෙහි මැනවින් පිහිටිය යුතුය. නුවණැත්තන් විසින් නින්දා කරන සුලු වරදක් හෝ නොකර සිටීමට දැඩිව සිත අධිශ්ඨාන පිහිටවා ගත හැකි නම් ඉතා හොදයි !
    පෙර කෙලෙසකින් ඔබ ජීවිතය ගත කලත් කම් නැත මේ මොහොතේ සිට නිවැරැදි විය හැක. ශීලයෙහි පිහිටා සිටින විට සිතට ඇත්තෙන්ම ප්‍රබෝධමත් භාවයක් ලැබේ. බුදුරජාණන්වහන්සේ ගේ කෝටියක් වූ සංවර ශීලය පිලිබද නිතර නිතර ආවර්ජනය කිරීමත් , ඒ පිලිබද ධර්ම දේශනා ආදිය ශ්‍ර්වණය කිරීමත් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. නිතැතින්ම ඔබේ සිත එයට නැමෙනු ඇත.

    පෞද්ගලිකව තමා ද තමා අවටද පිරිසිදු භාවය ද අත්‍යාවශ්‍ය ය. එසේ නොවෙතහොත් බොජ්ජංග ධර්ම නොවැඩේ!!!
    සිත ටද ප්‍රීතිමත් භාවයක් ලැබේ. නිරන්තර පිරිසිදු ව මල් පහන් පුදා තෙරුවන් නැමදීම ත් හැකිතාක් කිරීමට උත්සාහ ගන්න. එයින් විශාල අධ්‍යාත්මික ශක්තිය ක් ඔබට ලැබේ. අර්ථය හොදින් දැන කරණීය මෙත්ත සූත්‍ර ය සජ්ජායනය කිරීම ත් එහි මුල් කොටසේ ඇති ගුණ ධර්ම තමා තුල දියුණු කරගැනීමත් දීර්ඝ කාලීනව තමා ට බොහෝ යහපත සලසන්න කි!!!

    හදවත පතුලෙන් මෛත්‍රිය උපදවා ගැනීමට ද්වේශයේ ආදීනව ඔබ මැනවින් සම්මර්ශනය කල යුතුය !!!!

    ඇතැම් විට මේ සදහා ම සති දෙකක් පමණ ගත විය හැක. මෛත්‍රියේ ආනිසංස ත් මැනවින් අවබෝධ වන විට ඔබට ඒ සදහා බලවත් චන්දයක්ද වීර්‍ය්ක් ද උපදිනු ඇත. වාඩි වී සිටින විට ද... සක්මන් කරන විට ද ... හැකි සෑම අවස්ථාවන්හි ම සකල ලෝක සත්වයා ගේ සුවපත් භාවය ම අවංකවම ප්‍රාර්ථනය කරන්න.
    ඔබේ කර්මස්ථාන ය ඔබේ දෛනික අංගයක් ම විය යුතුය !!!!
    අවංකවම මෛත්‍රිය හදවතින් නූපදින තාක් ධ්‍යාන සම්පත්තිය ඔබට දුරය!!!!
    සුවපත් ම වේවා .... !!!
    මෙත් සිතිවිලි ම උපදීවා!!!!!

    අපි යානාවන්ට ආසා කරමු. විවිධ විවිධ වර්ගයේ විවිධ විවිධ සුඛෝපභෝගී නාමයන් යටතේ ඇති යානයන්හි නැගී සංචාරය කිරීමට බොහෝ ආසා කරමු. සැබැවින්ම එහි සත්‍යතාවක් ඇත. කයට උපරිම සුව පහසුව සලසා දෙන ලෙස සකසා ඇති සුඛෝපභෝගී යානාවක නැගී යනවිට කුරුලු පිහාට්ටක නැගී යනවා මෙන් අප්‍රමාණ සුවයක් ගතට දැනේ. එහෙත් ඒ සුවය දැනෙන්නේ ගතට පමණි. කය කෙතරම් සුව පහසුව ගෙන ගියත් මනසින් ඔබ සිටින්නේ මාන්නය, ද්වේශය, රාගය පිරුණු පිළුනු සිතකින් නම් කෙතරම් මුදල් වියදම් කොට සුව පහසුව තකා මිලදී ගත් රථයේ ඇති අගය වටිනාකම කුමක්ද ??

    එහෙත් සතයකුදු වියදම් නොකොට ඔබට ලොව ඇති සුව පහසුම රථයේ නැගී යාමට හැකියාවක් ඇත. මුදල් උවමනා නැත. අවැසි වන්නේ ඔබ සිත තුල සැගවී ඇති ශක්තිය යි. රාගය මැඩලමින් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය උපනාහය නසාලමින් මෛත්‍රී ධ්‍යානයකට සම වැදීමේ හැකියාව ඔබ තුල නිදන්ව ඇත. එය අවධි කරවාලන්න. ගිනිගත් කාන්තාරයක ඇවිද යද්දී අහම්බයකින් දුටු සිසිල් දිය පිරි ජල තටාකයක බැස ගත් විට යමෙක් අත්විදින්නා වූ ශාන්ත සීතල ප්‍රමුදිතබාවය කෙලෙස් දුහුලින් සිත මුදවා මෛත්‍රී ධ්‍යානයකට සම වැදී සිටින විට අත් විදිය හැක. නානාප්‍රකාර විසිතුරු අරමුණු පසුපසින් දිවූ සිත මැනවින් මෙහෙයවා මෛත්‍රී ධ්‍යානයක් කරා දියුණු කිරීමට ඔබත් චන්දයක් ඇති කර ගන්න.

    මෛත්‍රිය යනු ක්‍රමානුකූලව පුහුණු විය යුත්තකි. සිත යනු බලවත් ආයුධයකි. එය මැනවින් පුහුණු කල හැක. ශ්‍රද්ධා සම්පන්න ව තෙරුවන් නැමැද පහසුවෙන් හිදගන්න. ඔබේ සිත දැන් යම්තාක් සන්සුන්. අතීතය ඉවතලන්න. අනාගතයත් අත් හරින්න. ඔබ සිටින්නේ බුද්ධ ප්‍රතිමාවක් අභියස නම් ඒ ශාන්ත රුව දෙස බලන්න. බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් කොයිතරම් ප්‍රභල මෛත්‍රියක් උපදින්නට ඇතිද.
    බෝධිසත්ව මූලයේදී තිරිසන් ගත භවයන්හි උපත ලැබුවත් උන්වහන්සේගේ සිත තුල පැවති කරුණා නිධිය කවදාවත් කෙලෙසකින් වත් නොසිදුනි. වදුරු කුලයේ ඉපදී තමාම වලක වැටී සිටියදී බේරාගත් මිනිසා ගොඩ ආපසු තමාටම මරන්නට යැයි සිතා ගලකින් ගැසුවත් ඒ වේදනාවත් ඉවසමින් ලේ ගලන තුවාලය එක් අතකින් අල්වා ගනිමින් අනික් අතින් අත්තෙන් අත්තට පනිමින් ඒ මිනිසාට රුදුරු කැලයෙන් එතෙර වන්නට පාර පෙන්වූයේ අප්‍රමාණ මෛත්‍රී කරුණා සහගත සිතිනි. තිරිසන් භවයක එතරම් මෛත්‍රිය ක් කරුණාවක් තිබුනි නම් ලොවුතුරා බුදු වූ පසු උන්වහන්සේ ගේ ළය මඩලෙන් විහිදී ගිය සිහිලැල් කරුණා බලයෙන් විශ්වය පවා වසාලන්නට හැක.

    මෙය මනසිකාර කරන ඔබ තුලත් මෛත්‍රී කරුණා මුදු බලය සියුම්ව හදවත තුලින් මතුවී එනු ඇත. ඔබේ හදවතම සැහැල්ලු වී යනු දැනෙනු ඇත. උන් වහන්සේ පාරමී දම් පුරන සමයේ කොයිතරම් නම් කරුණා අධ්‍යාශයකින් ලෝක සත්වයා දුකින් මුදාලමි හදවතින් ම හටගත් කරුණාවෙන් පාරමී පූර්ණය කරන්නට ඇත්ද . හදවතින් ම මෙනෙහි කර බලන්න ඒ කරුණා ශක්තිය අප්‍රමාණ සුවයක් දැනෙනු ඇත. කෝටියක් මවුවරු කෝටියක් පියවරු එක පෙලට කරුණාව පැතිරුවත් ඒ සියල්ල අභිබවමින් බුදුරජාණන්වහන්සේ ගේ මහා කරුණා ශක්තිය ඉතිරී පැතිරී ගලා යයි. මාද ස්පර්ශ කරමි ඒ කරුණා සිසිලස... මාද නිවෙමි....
    සකල ලෝක සත්වයෝම මෙලෙසින් ම සුවපත් වේවා ....... !!!
    ඉඩ දෙන්න හදවතට මෛත්‍රිය උපදින්න....!
    මේ ලෝකය තුල මට මව නොවූ කෙනෙක් නැත ...! පියා නොවූ කෙනෙක් නැත .... !
    සොහොයුරු සොහොයුරියක් නොවූ කෙනෙක් නැත .... !
    අද මාගේ ප්‍රියයන් මා හට සෙනෙහසින් කෙලෙසකින් නම් උපකාර කරත් ද එලෙසින් ම මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ මට අනන්ත අප්‍රමාණ උපකාර කර ඇත.
    අනන්තව සෙනෙහසින් පිහිට වී ඇත..
    යම් අමනාපයක් යම් අයෙක් කෙරේ තිබේ නම් මා එය ගලවා විසි කරමි. කවරෙක් මා හට කෙසේ හතුරුකම් කලත් පලක් නැත. හදවතින් මා සුවපත් භාවය පතමි. එක් දරුවෙක් ඇති මවක ඒ දරුවාගේ සුවපත් භාවය ම පතන්නාක් මෙන් සකල ලෝක සත්වයා ගේම සුවපත් භාවය මා හදවතින් අපේක්ෂා කරමි..!
    මේ පැතිරෙන්නා වූ මුදු මෛත්‍රිය සකල විශ්වයට ම දැනේවා .. !
    සියලු සත්වයෝ සුවපත් ම වේවා !!!!