තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා අප විසින් පසුගිය දිනෙක සිදුකල සම්බුද්ධ පූජාව සියලුම දෙනා හට මේ උතුම් වූ කුසලය අනුමෝදන් වේවා !!!
මනුස්සයෙක් තමන් කැමතිම දෙයක් ආසාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරනවනම් ඒවට අකුල් හෙලන්න ඊර්ෂ්‍යා කරන්න දොස් නඟන්න එපා..මොකද අපේ ශාස්තෘන් වහන්සේ හැර අපිට කවුද ඉන්නෙ ඉහළින් කෙනෙක්...ශාස්තෘන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් බලවත් ලෙස පැහැදීමක් ඇති කර ගන්නවද ඒ පැහැදීම ඒ කෙනාව සුගතියක අරන් යනවා දුකින් නිදහස් කරනවා...යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන්නේ ඒ කෙනාට හැකි විදිහට..ඒවට තව කෙනෙක් ගරහනවම් ඕවනම් ගැලපෙන ඒව නෙවෙයි ඒව කරන්න එපා කියල ඒ තමා හිතන විදිහනි..තමන් හිතන විදිහටම නෙවෙයි අනිත් මිනිසුන් හිතන්නෙ..ඒ නිසා කොහෙ කොයි ආකාරයට බුදුන් වහන්සේ වෙනුවෙන් පින්කමක් දැක්කොත් සතුටින් අනුමෝදන් වෙන්න ඒ පිනත් ඔබට දුකින් නිදහස් වෙන්න උපකාරයි..මිනිසුන්ට ගරහන්න ලේසි අනුමෝදන් වෙන්න අමාරුයි..හැබැයි ගරහල පව් පුරව ගන්නවා .පින් කැමති අය අනුමෝදන් වෙලා පිං රැස් කර ගන්නවා...සසරෙ බහුලවම පුරුදු කරල තියෙන්නේ අකුසල් නිසා බහුතරයක් අයට පිනක් අනුමෝදන් වෙන්නත් අමාරුයි !
බුදුධිමතුන්ට වාසස්ථානව වූ..
තුන්ලෝකයෙම බබලන්නාවූ මහා කාරුණිකයන් වහනස
මාගේ එකම පිහිට පිණිස ඔබවහන්සේමය!!!,
අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් පිළිවෙල කරන්නාවූ මේ බුද්ධ පූජාව ඔබ වහන්සේගෙන් දෙපා අභියස ඉතාමත් ගෞරවයෙන් පූජාකරමි