මනුස්ස ආත්මයක් ලබන්න අප්‍රමාණ පින් කරන්න ඕන 🙏🙏🙏

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    මැරුණට පස්සෙත් වැඩ කරන අත පය ඇස් කන් තියෙන මනුස්ස සරීරයක් ලැබෙන්න මැරෙන්න කලින් අත පය වැඩ කරල හොයාගත්ත ඒව බුද්ධ සාසනේට දෙන්න :lol:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සාමාන්‍ය ලෝකයේ ජීවත් වන අපට බොහෝ විට ඉපදීම දුකක් ලෙස සිතෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ වදාළේ ඉපදීම දුකක් ලෙසයි. එනිසා ඉපදීම දුකක් වන්නේ කෙසේද කියා අප සාකච්ඡා කළා.

    ● ස්වාමින් වහන්ස, මිනිස් ආත්මය ලැබීම සුගතියේ ඉපදීමක්. එසේ නම් ඉපදීම දුකක් වන්නේ කෙසේ ද?

    මිනිස් ලොව ඉපදීම සුගතියේ ඉපදීමක් බව ඇත්තයි. සුගතියේ ඉපදුනත් සසරට ආවේණික දේවල් තමයි ඉපදීම කියන්නේ. අප දන්නවා දිව්‍ය ලෝක, මනුස්ස ලෝක වල සැප තිබෙනවා. නමුත් සසරට ආවේනික දුක් තිබෙනවා නම් ඒ දුකට මුහුණ දෙන්න වෙනවා ම යි. ආවේණික දුක් කියන්නේ ගින්දර ළඟට ගියාම රස්නෙයි. අව්වේ ගියාම දාඩිය දානවා. ඒ වගේ ආවේණික දුක් තිබෙනවා. ඒනිසා ඉපදුනානම් ජාති, ජරා, මරණ ව්‍යාධිවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒක ආවේණික දුකක්. ඒ නිසා මේ ලෝකයට ඉපදුන කවුරුවත් ආවේණික දුකෙන් මිදිලා නැහැ. දිව්‍ය ලෝකයෙහි ඉන්න අයට පවා ඒ ආවේණික දුක තිබෙනවා. මිනිස් ලොව අපි ඉපදුනාට පස්සේ සැප විඳින බව ඇත්තයි. සුගතිය ලෙස හඳුන්වන දිව්‍ය ලෝකයත් මනුස්ස ලෝකයත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදිලා නැහැ. දිව්‍ය ලෝක මනුස්ස ලෝකවලත් මේ ආවේණික දුක තිබෙනවා. එනිසයි මොන භවයක පහළවීමක් වුවත් බුදුරජාණන් වහන්සේ දුකක් ලෙස හැඳීන්වූයේ.

    බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා අපට කැටිකර ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ලෙස. චතුරාර්ය සත්‍ය ඉගැන්වීමේ දී ආර්ය සත්‍ය හතරක් තිබෙනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍යය කියලා. ධම්මචක්ක සූත්‍රය, සච්ච විභංග සූත්‍රය වැනි සූත්‍ර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර කරලා දී තිබෙනවා. එතකොට දුක්ඛ සත්‍යය විස්තර කරද්දී උන්වහන්සේ වදාළා ජාතිපි දුක්ඛා කියලා. ඉපදීමක් දුකක් කියලා. උන්වහන්සේ ඉපදීම දුකක් කියලා දේශනා කළේ කුමක් නිසා ද? “ඉපදීම” කියන දේ හඳුන්වනු තැනදී විශේෂයෙන්ම සඳහන් වන වචනයක් තිබෙනවා “කන්ධානං ජාතිභානෝ” ස්කන්ධ පංචකය පහළවීම. ස්කන්ධ පංචකය කියන්නේ පංචස්කන්ධය යි. පංචස්කන්ධය තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ගොඩවල් පහ යම් තැනක එකතු වෙලා තියෙනවා නම් එතැන තමා සත්ත්වයෙක් ඉන්නේ. සත්ත්වකුගේ පහළවීමක් තිබෙන්නේ. සත්ත්වයා පහළවෙනවා කියන්නේ සත්ත්වය ඉපදෙනවා කියන එකයි. ඉපදෙනවා කියන්නේ ජාති කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කිරීමේ දී කියා දී තිබෙනවා “පංචුපාදානස්කන්ධා දුක්ඛා” කියලා. ඒ කියන්නේ පංච උපාධානස්කන්ධයම දුකයි කියලා. පංච උපාධානස්කන්ධයම දුකයි නම් එය පහළ වීම ම දුකයි. ඒකයි ඉපදීම දුකයි කියලා කියන්නේ.

    ඉපදීම දුකක් කියන්නේ් ඇයි? අප දන්නවා ඉපදෙන කවුරුත් සතුටින් බිහිවන්නේ නැහැ. ඉපදෙන වෙලාවට ළමයත් අඬනවා. අම්මත් අඬනවා. උපදින වෙලාවෙත් වෙන්නේ වෙනස් වීමක්. එතැන දුක්ඛ වේදනාවක් තිබෙනවා. ටික වෙලාවකින් ඒ දුක ඒ අම්මාට සුඛ වේදනාවක් වෙනවා. ඒ වේදනාව ඒ මෑණියෝ ග්‍රහණය කළ ආකාරයට තමයි එහෙම වෙන්නේ.

    අනෙක් කරුණ ඉපදීමට පෙර අප මවුකුසක මාස හත අටක් ඉන්නවා. මව්කුස කියන්නේ බොහොම පිරිසුදු නිර්මල තැනක් නොවේ. ලේ වලින් සැරව වලින් පිරුණු තැනක්. එහෙම තැනක කිසිම කෙනෙක් සතුටින් නොව් ඉන්නේ. එහෙම නම් මවුකුසක පිළිසිඳ ගත් මොහොතේ ඉදළ ඒ දරුවා දුකෙන් පීඩාවෙන් අමාරුවෙන් අපහසුවෙන් ඉන්නේ. මේ භවයේ දුකේ ආරම්භය එතැනයි. ඉපදුන නිසා තමයි වයසට යන්නේ. ලෙඩ වෙන්නේ. මැරෙන්නේ. මේ සියලුම දුක් ලැබෙන්නේ. එහෙම බැලුවාම ඉපදීමත් දුකක් කියන්න පුළුවන්.

    ● ”ඉපදීම” අවබෝධ කරගත යුතු දුකක් ද?

    ඇත්තටම ඔව්. ඉපදීම දුකක් කියලා අවබෝධ කර ගත්තා නම් නැවත ඒ දුකට වැටෙන්නේ නැහැ. “ඉපදීම” නිසයි මේ හැම දේම කියලා යම් කෙනෙක් තේරුම් ගත්තොත් නැවත උපතක් පිණිස කරුණු සකස් වන්නේ් නැහැ. ඒ නිසයි ඉපදීම දුකක් ලෙස අවබෝධ කරගත යුතු වන්නේ.

    අපි බොහෝ දෙනෙකුට ඉපදීම දුකක් ලෙස අවබෝධ වන්නේ නැහැ. ඉපදෙන කොට ම අනේ මේ දුක් ගොඩක් නේ පහළවුණේ් කියලා දන්නවා නම්, සංසාර ගමන නැවත්තුවේ නැත්නම් මේ උපත යළිි යළි සිදුවෙනවා කියලා දැන ගත්තේ් නැත්නම්, ඉපදෙන්නට අවශ්‍ය කරන කරුණු රැස් වෙනවා. ඒ නිසා ඉපදීම දුකක් කියලා දන්නේ නැති පුද්ගලයා ඉපදෙන්නට ආසයි. ඉපදීම දුකක් කියලා හිතන්නේ නැති පුද්ගලයා ඉපදීම සැපක් කියලා හිතනවා. ඒ සැපය වෙනුවෙන් නැවත නැවත ඉපදෙන්නට කර්ම රැස් කර ගන්නවා. එහෙම ඉපදීම තමයි දුකට මුල කියලා තථාගතයන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ ත්‍රිවිද්‍යාව පහළකර ගෙන දකින්නේ ඉපදීමේ දුකයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබා ගැනීමෙන් පෙනෙනවා ඉපිද ඉපිද මැරි මැරී ආ සංසාර ගමන. චුතුප්පපාත ඤාණය කියන්නේ මැරිලා ගිහින් ඉපදෙන තැන. මැරිලා කොහේ යයි ද කියලා දැනගන්න පුළුවන්. එහෙම පුද්ගලයෙක් සංසාරයේ ගමන් කරන උපතක් ලබන්නට කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඉපදීම දුකක් කියලා දැන ගැනීම දුකෙන් මිදෙන්න අතිශයින් ම වැදගත්.

    ● අප ලැබූ මිනිස් උපතින් ප්‍රයෝජන ගතයුතු ආකාරය පහදා දෙන්න?

    මනුස්ස ආත්ම භාවයක් ලැබීම ඉතාමත් වැදගත් දුර්ලභ කාරණයක් ලෙස තමයි ධර්මයේ සඳහන් වන්නේ. “මනුස්ස ආත්ම භාවය” කියන්නේ නිකම්ම මිනිස් ආත්ම භාවයක් නොවේ. ඕන තරම් මිනිසුන් ඉන්නවා. නමුත් දුර්ලභ මිනිස් ආත්මය කියන එක ඊට වඩා වටින අර්ථයක් තිබෙනවා.

    සරල සිද්ධියක් ලෙස ගත්තොත් ලෝකයේ ජීවත්වන අනෙකුත් සත්ත්වයන් හා සමාන කළොත් මිනිසුන් අඩුයි තමයි. දැන් අපි දන්නවා ලෝකයේ ජනගහණය ඉස්සරට වඩා ගොඩක් වැඩියි. එහෙම නම් මිනිස් ජීවිතය දුර්ලභයි කියලා කියන්නේ කොහොමද කියලා අපටත් හිතෙන්න පුළුවන්. ඒත් අප දන්නේ නැහැ සත්ත්ව ලෝකවල කෝටි ප්‍රකෝටි ගාණක් සතුන් වැඩි වෙන්නේ කොහොමද කියලා. කූඹි ගුලක කූඹි කෙතරම් ප්‍රමාණයක් ඉන්නවාද? එහෙම බලපුවාම මිනිස්සු කියන්නේ බොහෝම අල්ප ප්‍රමාණයක්.

    බුදුරජාණන් වහන්සේ වදාළ නියම මනුස්ස ආත්මය පිළිබඳව.ඒ තමයි විකෘතිතාවයක් නැති, මන්ද බුද්ධික නොවී, කාටවත් අත නොපා ජීවත්වීමට තරම් ආර්ථිකයක ශක්තියක් ඇති පිරිස. මේ කරුණු හතර සම්පූර්ණ වූ අය තමයි නියම මනුස්ස ආත්මයක් ලබන්නේ. ඒ පරමාර්ථයෙන් නියම මනුස්ස ජීවිතයක් ලබන එක ලෙහෙසි නැහැ. අන්ධ, ගොලු බිහිරි අංගවිකල නො වී ඉපදෙනවා කියන එක දුර්ලභ කරුණක්. ඒ වගේම හොඳ නරක වෙන් කරලා තේරුම් ගන්න පුළුවන්කමත් දුර්ලභයි. අපට ඒ භාග්‍යය ලැබිලා තිබෙනවා. ඒ නිසා එයින් ප්‍රයෝජනය අප ගන්නට ඕනෑ. ඒ වගේ ම අප බුද්ධෝත්පත්ති කාලයක ඉපදීම ම කෙතරම් ලාභයටක් ද?

    ඒ නිසා ලැබුණු මිනිස් ජීවිතය ශක්තියක් කරගෙන ඉපදෙන මැරෙන ලෝකයෙන් වෙන්වෙලා නැවත උපතක් කරා නො යාමට අපි සියලුම දෙනා අදිටන් කර ගනිමු.

    තෙරුවන් සරණයි!

    රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!