ඔය කියන ඊනියා ප්‍රොපගැන්ඩා එන්ටටේන්මන්ට් වල උඹලට සැරටම සෙට් වෙන යුටිලිටි එකක් තියෙනව. ඒ තමයි තුන්වෙනි ලෝකෙ සීරියස් ප්‍රශ්න වලින් හෙම්බත් උන මිනිස්සුන්ට පළවෙනි ලෝකෙ ගැටලුවක් ගැන හිත රිද්දගන්න මැසිවිලි නගන්න අවස්ථාවක් ලැබෙන එක. යාලුවොත් එක්ක බොන ගමන් බටහිර ශිෂ්ඨාචාරයෙ කඩාවැටීම ගැන දුක් වෙන්න පුලුවන්, කිරියට ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්... උඹලට හම්බවෙන්නෙ ඒ අවස්ථාව.
තමන්ගෙ ගෑනු අඩු පඩියට තේ වතු දිගේ දිගෙලි කරන, ඉඳුල් හෝදන්න රට පටවන රටක ටීනේජර් ලා ක්ලියෝපැට්‍රා ට කලු හමක් තියෙන ගෑනියෙක් දාල නෙව මුන්ට හෙනගහන්ඩ ඕනෙ කියල කාලෙ නාස්ති කරන එක වගේ ජාත්‍යන්තර මට්ටමෙ හැසිරීම් බලන්න අපිට ලැබිල තියෙනව. තව ඔය වගේ ඒව හදන්න රේන්බෝ කැපිටලිසම් වලට ශක්තිය ලැබේවා.