ජැකා බඩු කාරයෙක් වෙන්න බැහැ. මට පොඩි මතකයක් තියෙනවා. 2004 වගේ පනාපුත්‍ර කුහුඹු පැණියාගේ දිවයින පත්‍රෙය් ගියපු තීරු ලිපිවල එකතුව පොතක් විදිහට එළි දක්වපු උත්සවය. චන්ද්‍රිකා ජනාධිපති, මහින්ද අගමැති, මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමති ඔය වගේ අය ගොඩක් හිටියා වගේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ආරාධිත දේශනය කලේ සන්නස්ගල වගේ මතකය.
මතකය නිවැරදිද මන්දා ඒත් ඒ දේශනය කියන්නම්.
“කුමාරි ඔයා සතුටු වෙන්න මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලැබිච්ච එක ගැන, ස්වර්ණ වාහිනියේ හිච්චිබිච්චි ලස්සන කෙලි පොඩිත්තෝ සතුටු වෙන්න මේ වගේ බොස් කෙනෙකු ලැබිච්ච එක ගැන. මොකද මෙච්චර ස්වයං සංවරයක් තියෙන කෙනෙක් ජැක්සන්. “
මෙහෙම සන්නස්ගල කීවේ ජැක්සන්ගේ තීරු ලිපියක තියනෙවා ජැක්සන් විශ්වවිද්‍යාල කාලයේ සවස රාගම දුම්රිය පලින් බැහැලා පේරලන්ද පැත්තට රේල් පාර දිගේ පයින් යනවාලු ගෙදර යන්න. යන වෙලාවට රේල් පාර අසල ගෙදරක ගෑනු ළමෙයක් මේ කඩවසම් තරුණයා දිහා බොහොම උනන්දුවෙන් බලනවාලු. හැමදාම ජැක්සන් එනකම් මේ ළමයා බලන් ඉන්නවාලු එතන තියෙන අතින් ඇදලා වතුර නාන ලිද බැම්ම උඩට වෙලා. නමුත ජැක්සන් බොහොම ආඩම්බරයෙන් කිසිම තැකීමක් නැතිව පාඩුවේ යනවලු. බලන් ඉදලා ඉදාල මේ කෙල්ලට උපක්‍රමයක් යොදන්න හිතිලා ඇග ඉල්ප්පිලා පේන්න වතුර නාලා ඇදන් ඉන්න දිය රෙද්ද පෙගවිලාත් ජැකා බලන්නේ නැහැලු. තවත් දවස් ගාණක් මේ උත්සාහයත් ව්‍යාර්ථ වෙච්ච නිසා එක දවසත් ජැකාට පේන්න මේ කෙල්ල දිය රෙද්ද දෙපැත්තට කළාලු. ජකා එක පාරටම බය වෙලා දුවන්න ගත්තලු.
“ජැක්සන් ඒ විදිහේ සංවර කෙනෙකු. ගෑනියෙකුගේ හෙලුව දැකලත් පැනලා දුවන කෙනේක්. මම නම් එහෙම නැහැ. මම අයිති වනචර ටයිප් එකට. මම ගමේ ඉන්න කාලේ නාන්න යනවා කන්දේආරව පීල්ලට, ඒ පීල්ල කලුගල් බැම්මක් උඩින් යකඩ බටයකින් වතුර කඩා හැලෙන සීතල පීල්ලක්. කවුරුහරි නානවනම් මම අගුරු කෑල්ලකින් දත් මැද මැද ඒ බැම්ම උඩට වෙලා බලන් ඉන්නවා. එදා ආරි අක්කා කියලා අපේ ගමේ කෙනෙකු නාන්න ඇවිත් කලු ගලේ රෙදි හෝදනවා. එයා මුහුනෙන් නම් දත් ඉදිරියට නෙරා ඇති, බෙහෙවින් කාල වර්ණ කාන්තාවක්, ඇය සිය කටයුතු අහවර වී ඉවත් වෙනකම් මා බැම්ම උඩ වාඩිවි බලා සිටියා. ඇය රෙදි සෝදා අහවර වී පීල්ලට හිස අල්ලා ඇගේ දිගු කොන්ඩය පිට මතින් වතුර සමග කඩා හැලෙන නානවා. එක් වරම පීල්ල දිගේ කඩා හැලෙන වතුරත් එක්කම දිය නයෙක් රූටා ඇවිත් ඇගේ ඇග දිගේ පහලට හැලුනා. කලබ වූ ඇය දිය රෙද්ද උණා දැම්මා. මා ගැහැනියකගේ නිරුවත් දුටුවේ එදා. ඒ දර්ශනයෙන් මා දුටුවේ ඇගේ යම් තරමක් විකෘති මුහුණේ අවලස්සන නොවේ. ඇගේ නිරුවතේ ලස්සන. අදටත් මම කාන්තාවක සමග යහන් ගතවෙනවානම් මා දකින්නේ ඒ ආරි අක්කාගේ නිරුවතේ අහ්ලාදයයි. “
මේ කථාව මීටත් වඩා ලස්සනට සන්නස්ගල දේශනයෙදී කීවා. නමුත් වැඩිය ලස්සනම දේ ඒක නොවෙයි. උත්සවය අවසානයේ අපි එලියට එද්දි ජැක්සන් සන්නස්ගලගේ පතුරු යන්න බනිනවා මූහුණටම උඹ මාව කෑවා පරයා. මම බලාගන්නම්.....