ඇමරිකානු සිනමා ඉතිහාසයේ බිහිවුණු Crime/Thriller/Drama ගණයට අයත් විශිෂ්ඨතම සිනමාපටයක් ලෙස ප්‍රවීණ සිනමා අධ්යක්ෂ "Michael Mann" විසින් අධ්‍යක්ෂණය කළ 1995 වසරේ තිරගත වූ 'Heat' සිනමාපටය හැදින්විය හැකිය. Robert De Niro, Al Pacino, Tom Sizemore, Val Kilmer, Jon Voight, Amy Brenneman, Ashley Judd, Wes Studi සහ Natalie Portman වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයෙන් ඔපවත් වූ මෙම සිනමාපටයේ කතා තේමාව "Neil McCauley" (Robert De Niro) ප්රමුඛ බැංකු මංකොල්ලකරුවන් කණ්ඩායමක් සහ ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට "Vincent Hanna" (Al Pacino) නම් පොලිස් ලුතින්වරයා ඇතුළු පිරිස දරණ දැඩි උපක්‍රමශීලී ප්රයත්නයන් වටා ගොඩ නැගී ඇත.
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සහ තිර රචක "Michael Mann"
'Heat' සිනමාපටයේ රූපගත කිරීම අතරතුර
සිනමා ඉතිහාසයේ රූපගත කළ විශිෂ්ඨතම "වෙඩි හුවමාරු ජවනිකාව" (Gun shootout) ලෙස සලකනු ලබන මෙම සිනමාපටයේ ඇතුළත් "බැංකු මංකොල්ල" ජවනිකාව සහ අනෙකුත් වෙඩි හුවමාරු දර්ශන මෙන්ම ඇතැම් කතා තේමාවන්ගෙන් ලබාගත් ආභාශය "GTA (Grand theft auto), Payday වැනි පරිඝණක/වීඩියෝ ක්‍රීඩාවන්වල මෙන්ම 2008 වසරේ තිරගත වූ ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "The Dark Knight" සිනමාපටය තුළද (Joker's bank robbery) කැපී පෙනෙන අයුරින් දැකගත හැකිය.
මේ අතර 'Heat' සිනමාපටයේ අධ්යක්ෂවරයා මෙන්ම තිර රචකයා ද වූ "Michael Mann" ඔහුගේ නවතම සිනමාපටය වන 'Ferari' සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඔහුගේ මීළග නිර්මාණ කාර්යය 'Heat' සිනමාපටයේ දෙවැනි කොටස අධ්‍යක්ෂණය කිරීම බවයි. වසර ගණනාවක සිට 'Heat' සිනමාපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ දැඩි උවමනාවකින් පසු වූ අධ්යක්ෂ "Michael Mann", ඔහු සහ ප්‍රවීණ ග්රන්ථ රචිකාවියක් වන"Meg Gardiner" විසින් එක්ව රචනා කළ "Heat 2" නම් නවකතාව ඇසුරින් මෙම නව සිනමාපටයේ තිර රචනාව ගොඩනැගීම සිදුකොට ඇත. "Michael Mann" ගේ නවතම සිනමාපටය වන 'Ferari' හි ප්‍රධාන චරිතයට පණ පොවන "Adam Driver", "Heat 2" හි ප්‍රධාන චරිතයට ද බොහෝ විට පණ පොවණු ඇති බව හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගයන් මගින් පැවසේ.
"Heat 2" ග්‍රන්ථය (නවකතාව)
1995 වසරේ තිරගත වූ 'Heat' සිනමාපටයේ චරිතයන්ට පණ පොවනු ලැබූ රංගන ශිල්පීන්ගෙන් කවරෙකු හෝ මෙම දෙවැනි කොටසට තම රංගන දායකත්වය ලබාදෙනවා ද? නැතහොත් නව සිනමාපටය පළවෙනි සිනමාපටයේ කතාංගයෙන් මිදුණු නවතම කතා තේමාවක් ඔස්සේ ගලා යන්නේ ද යන කරුණු මෙතෙක් වාර්තා වී නැත. එළකිරි සිනමා ප්‍රේක්ෂකයන් ලෙස මේ "Heat 2" සිනමාපටය පිළිබදව ඔබ දරණ අදහස කුමක් ද? "Heat' සිනමාපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබේ ද? මෙම නව සිනමා නිර්මාණය මගින් 1995 එළිදැක්වූ මුල් සිනමාපටයට යම් හානියක් සිදුවේ ද? එහි සාර්ථක, අසාර්ථකබාවය කෙසේ තීරණය වේද? ඒ පිළිබදව ඔබ දරණ අදහස් මෙහි පළ කරන්න.
"Heat' සිනමාපටයට වසර 20 ක් පිරීම නිමිති කොට ගෙන 2015 වසරේදී ඇකඩමි (ඔස්කාර්) කමිටුව මගින් "Michael Mann, Robert De Niro, Al Pacino" සහ සිනමාපටයේ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවන්. සම්මුඛ සාකච්ඡාවන් මෙහෙයවනු ලැබුවේ සිනමා අධ්යක්ෂ සහ තිර රචක ක්‍රිස්ටෝපර් නෝලාන් විසිනි.
