ඒක ඇත්ත මචන්. ඉතිහාසය දිහා බැලුවම මේක ලෝක ඉතිහාසෙ සාමකාමීම කාලයක් වෙන්න ඇති. WW1 එකේ ඉදන් සීතල යුද්දෙ හා අද වෙනකන්ම මනුස්ස ජීවිත ගොඩක් නැති උනා වගේම මේ ලෝකෙ දියුණුවටත් ගොඩක් දේවල් සිද්ද උනා. අපි මේ පාවිච්චි කරන ඉන්ටර්නෙට් පවා මිලිටරි ප්‍රොජෙක්ට් එකක් විදිහට කරපු එකක්නෙ. ගුවන් / නාවික ක්ශේත්‍ර ලොකු දියුනුවක් අත්කරගෙන තියෙනවා යුද්දෙට ඕන පිලියම් හොයන්න ගිහින්. ඉස්සරහටත් ඒක එහෙමම වෙයි.
ඔව් turning points කීපයක් වෙලා තියෙනවා. ඇමරිකාව WW2 වලට එකතු උන එක, ජපානෙට පරමාණු බෝම්බ දාපු එක, Normandy landings නවත්තගන්න බැරි උන එක, Battle of Britain එක German පැත්ත පරාද වීම සහ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත එක. ජපානෙ සහය නැති උන එක ලොකු පාඩුවක් උනා. German ල ඒ පැත්තෙන් ඉස්සරහට යද්දි ජපන් හමුදාව සින්ගපූරුව හරියටම ආවා. ඒ වගේම Pacific, Indian සාගර වලත් ලොකු මුහුදු බලයක් තිබ්බා ජපානෙට.