Uncommon Passive Income ටිකක්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    උබලා දන්න ටිකක් Uncommon Passive Income ටිකක් කියහන්කො සිංහලු. හැමදාම passive income ගැන කියනකොටම පටන් ගන්න Fix Deposit එකක් දාපන්, පාර අයිනෙ ඉඩමක් අරං කඩකාමර ගහලා රෙන්ට් එකට දීපන්, කැම්පස් එකක් ලග ගෙයක් අරං බෝඩිම් වලට රෙන්ට් කරපන් වගේ typical සිංහල passive income නැතුව ටිකක් වෙනස් විදිහෙ අපි නොහිතන, ලක්ෂ 10කට වගේ අඩුවෙන් invest කරලා හදාගන්න පුලුවන් passive income ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු. Passive ම නැතත් වැඩිය දගලන්න ඕනෙ නැති, ජොබ් එකක් එක්ක ලේසියෙන් කරන්න පුලුවන් පොඩි බිස්නස් ලයින් වගේ ඒවත් කමක් නෑ.

    මුලින්ම මම දන්න එකක් ගැන දාන්නං. අපේ ගෙවල් ලග අදුරන මලයෙක් ඉන්නවා. පොර කරන්නෙ කෑම්පිං අයිටම් රෙන්ට් කරන එක. කෑම්පිං ටෙන්ට්, BBQ Grill, Sleeping Bag, Lamp... ඉදන් බොන්ගො/ දර්බක් වෙනකං ඔක්කොම අයිටම් මිනිහා ගාව තියනවා. ඒවා රෙන්ට් කරනවා. ලගදි ඉදන් DSLR කැම් එකක්/ Go pro දෙකක් එහෙමත් අරං ඒවත් රෙන්ට් කරනවා. මොකද දැන් ට්‍රිප් යන ගොඩක් උන්ට ට්‍රිප් එක ගිහිං ගන්න ආතල් එකට වඩා වැදගත් ෆොටෝ ටිකයි, වීඩියෝ ටිකයි ගානට අරගෙන සෝශල් මීඩියා දාලා ජීවිතේ විදිනවා කියලා පෙන්නන්නනෙහ් 🤣 ඉතිං පොර ඒකෙන් හම්බකරගන්නවා. මේ බඩු ඔක්කොටම ලක්ෂ 4ක් වත් ගිහිං නෑ. හැබැයි ඌ දැන් ඒකෙන් මාසෙට 25-40 අතර ගානක් හොයනවා නිකං ඉදලා. ගන්න උන් ගෙදරටම ඇවිල්ලා අරං යනවා. ආය ගෙදරටම ගෙනල්ලා දෙනවා.

    ඉතිං උබත් ඒක කරපන්කො කියලා දාන්න එපා ඈ 😑 මට ඒ වැඩේ සෙට් නෑ. මම ඔය කෑම්පිං ගැනවත් කැමරා ගැනවත් මෙලෝ දෙයක් දන්නෙ නෑ. අනික ඒ මලයා මේ පැත්තෙ බිස්නස් හදාගෙන ඉවරයි. කෑම්පිං සීන් එකෙත් ඉන්න, කැමරා ගැනත් දන්න, ඒ අවට කෑම්පිං අයිටම් රෙන්ට් කරන වෙන එකෙකුත් නැති එකෙක් ඉන්නවනං ඌට මේ වැඩේ සෙට් වෙයි. මේ මං කිව්ව එක වගේ උබලත් දන්න ලක්ෂ 10ට අඩුවෙන් ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් ටිකක් Uncommon Passive Income/ වැඩිය දගලන්න ඕනෙ නැති සයිඩ් එකෙන් කරන්න පුලුවන් බිස්නස් වගේ දේවල් මේත්‍රෙඩ් එකේ කතාකරමු.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    වාහන, බඩු රෙන්ට් එකට දෙන එක එච්චර වාසි වැඩක් නෙවෙයි. සිංහලු අනුනගෙ බඩු පාවිච්චි කරන විදිහ දන්නවනෙ.

    දුර පලාතකින් පොඩි ගෙයක් අරං booking dot com එකේ දාන්න පුළුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    වාහන, බඩු රෙන්ට් එකට දෙන එක එච්චර වාසි වැඩක් නෙවෙයි. සිංහලු අනුනගෙ බඩු පාවිච්චි කරන විදිහ දන්නවනෙ.
    ඕකනං මටත් හිතුනා. ඔය ගන්න එකෙක් dslr එකක් එහෙම කඩලා ආය ගෙනල්ල දුන්නොත් අනාතයිනෙ? Dslr දෙනකොටනං deposit එකක් තියාගෙනලු ඌ දෙන්නෙ. ඒත් සිංහලු ශුවර් නෑ තඹ සතේකට මටත්.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Fix Deposit එකක් දාපන්, පාර අයිනෙ ඉඩමක් අරං කඩකාමර ගහලා රෙන්ට් එකට දීපන්, කැම්පස් එකක් ලග ගෙයක් අරං බෝඩිම් වලට රෙන්ට් කරපන්
    These are timeless passive income strategies.

    Apart from these, there are some other things you can do, but be mindful that almost everything mentioned below require significant upfront investment.

    1. Adsense
    2. Membership site
    3. Running a Software as a Service business
    4. Royalties
    5. Affiliate marketing

    Will update the post as I remember other ways.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    @Mr UNKNOWN aint aware of his @Identity

    1698244957481.png
    1698244957481.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    දුර පලාතකින් පොඩි ගෙයක් අරං booking dot com එකේ දාන්න පුළුවන්
    ලක්ෂ 10න් බෑනෙ බං? ලක්ෂ 10ක් දාලා ටුවරිස්ලා එන ඩොටේ පැත්තකින් පර්චස් 15ක් විතර අරං පස්සෙ ඒ ඉඩම ඇපේට තියලා ලෝන් එකක් දාලා කබානා එකක් ගහලා ඒක රෙන්ට් කරොත් මොකද? Avarage කබානා එකක් ලක්ෂ 15කට විතර ගහගන්න පුලුවන් වෙයිද? එහෙම පුලුවන් උනොත් නං booking.com දාන්න පුලුවන් වෙයි කැත නැතුව
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    Start a Pyramid scam
    මේකනං ඊසි බං. අකුරු 4ක විතර අලුත් නමක් දැම්මා, වියලි කලාපෙ නූගත් ගංකබර httpලා ටිකක් ෆෝම් කරා ඊටපස්සෙ ගොඩේ ගොඩ 😎 හැබැයි මිනීවලටත් හෙනගහන්න ඉඩ තියනවා 🥲
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,660
    18,361
    113
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    These are timeless passive income strategies.

    Apart from these, there are some other things you can do, but be mindful that almost everything mentioned below require significant upfront investment.

    1. Adsense
    2. Membership site
    3. Running a Software as a Service business
    4. Royalties
    5. Affiliate marketing

    Will update the post as I remember other ways.
    මේ හයිලයිට් කරලා තියන ටික පොඩ්ඩක් describe කරහන්කො examples එක්ක 😍😍
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
    Loan දෙනවද ඕකට දැන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
    මේ තියෙන්නෙ අයිඩියා 😍 20kW system එකක් ගහන්න සම්පුර්ණ කොස්ට් එක කීයක් වගේ යයිද මචං ?