කලින් මම දාපු ලිස්ට් එක සිංහලුන්ට ගැළපෙන්නෙ නෑ කියලා කිව්වනෙ. ඔන්න සිංහලුන්ට ගැළපෙන ලිස්ට් එකක්.
ජීවිතේ මෙව්වා එකපාරක් හරි කරලා තියෙනවාද?
ජීවිතේ මෙව්වා එකපාරක් හරි කරලා තියෙනවාද?
- එක පාරක් හරි වෙන රටකට ගිහිල්ලා තියෙනවා..
- ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්.
- ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.
- ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ගිහින් තියෙනවා.
- කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.
- සිරිපාදෙ එකපාරක් හරි නැගලා තියෙනවා.
- මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා.
- මාලු අල්ලලා තියෙනවා
- සරුංගලයක් හදලා තියෙනවා.
- වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා.
- පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
- ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා.
- බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා.
- හෙලිකොප්ටර් එකක ගිහින් තියෙනවා.
- සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.
- මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා.
- තල්මස්සු බලලා තියෙනවා.
- බත් දන්සලක් දීලා තියෙනවා.
- අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා.
- මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා.
- හොද්දක් බතක් උයන්න දන්නවා.
- පාන් ගෙඩියක් බේක් කරලා තියෙනවා.
- ලව් කරලා තියෙනව.
- කසාඳ බැඳලා තියෙනවා.
- ළමයෙක් ඉන්නවා.
- පොතක් ලියලා තියෙනවා.
- ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.
- පත්තරේකට ලිපියක් ලියලා තියෙනවා.
- කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.
- එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා.
- කැළණි පන්සල් ගිහින් තියෙනවා.
- මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.
- හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා.
- මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
- රෝද හතරේ වාහනයක් තියෙනවා.
- උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.
- ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා.
- සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.
- මඩු පල්ලියට ගිහින් තියෙනවා.
- යාපනේ දැකලා තියෙනවා.
- ගම්පෙරළිය, කලි යුගය, යුගාන්තය, මඩොල් දූව, චරිත තුනක් කියවලා තියෙනවා.
- කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.
- ඔරු පැදලා තියෙනවා.
- යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.
- සීගිරිය නැගලා තියෙනවා.
- නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.
- කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.
- බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා
- නත්තල් ගහක් හදලා තියෙනවා
- ඔන්චිල්ලාවක් හදලා තියෙනවා
- Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක.
Skinny Dipping වෙනුවට දැම්මෙ. - තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
- වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking
- සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.
- හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
- හොල්මනකට බය වෙලා තියෙනවා.
- තමන්ටම කියලා ගෙයක් හදාගෙන තියෙනවා.
- ඩිග්‍රී එකක් තියෙනවා.
- Hot air balloon ගිහින් තියෙනවා.
- Live Musical show එකක් බලලා තියෙනවා.
- විකාර Hair style එකක් කරලා තියෙනවා.
- දෙමළ තේරෙනවා.
- ඉන්ග්‍රීසි හොඳට පුලුවන්.
- පීනන්න පුලුවන්
- Snorkerling කරලා තියෙනවා.
- Scuba diving කරලා තියෙනවා.
- පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා.
- අන්තර්ජාතික අභය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
- ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා.
- කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා.
- Passive Income එකක් තියෙනවා.
- මාතර බත් කඩේකින් කාලා තියෙනවා.
- සයිවර් කඩේකින් කාලා තියෙනවා.
- ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්.
- ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන්.
- වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.
- බැංකුවකින් ණයක් අරන් තියෙනවා.
- ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.
- හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා.
- අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.
- ලොතරැයි අරගෙන තියෙනවා.
- බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.
- බූට් එකක් කාලා තියෙනවා.
- පොලිසියෙන් දඩ කාලා තියෙනවා.
- Professional Body Massage එකක් අරන් තියෙනවා.
- Paintball game
- White water rafting
- BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
- ආත්මාරක්ෂක සටන් කලාවක් පුලුවන් ටිකක් හරි.
- තුවක්කුවකින් වෙඩි තියලා තියෙනවා.
- හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.
- ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තියෙනවා.
- බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.
- ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා.
- වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.
- ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.
- ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.
- ඕමි ගහන්න දන්නවා.
- මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා.
- ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.


මේක ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි.