අඩෝ දේවදත්ත

lankalk

Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    1234.JPG

    අඩෝ දසයා ,උඹ කවද්ද මචං ආවේ අවීචි නිරයෙන්.2018 ද මරු බං කොහොමද අපාය අවුලක් නැද්ද.අවිචිය කිවුවහමත් පොඩි බයක් එනවනේ.අද මම තෝව දැක්කෙ.
    උබත් අනේ මන්ද බං දැන් වත් තේරුම් ගනින්. කොච්ච්ර උනත් උඹ ගල් පෙරලපු එක වැරදි.බලපන් අවුරුදු 2600 තිස්සේ යශෝදරගේ නමත් කැත වුනානේ උඹේ ඔය ගොන් වැඩ හින්ද.උඹට තිබ්බේ බුදුරජාණන් වහන්සේ එක්ක එකතුවෙලා මැච් එක ගහන්නනේ බං.එහෙම උනානම් සමහරවිට යුරෝපේ පැත්තටත් මේ දර්ශනය ගෙනියන්න තිබ්බ.උනුත් ඇත්ත දන ගත්ත නම් අද හුලල්ලා ගේ කරදරෙත් ලෝකෙට නැතිවෙන්න තිබ්බ. දැන් වත් මොලේ ඇතිව වැඩ කරපං.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,778
    1
    60,521
    113
    Mother Earth
    උගෙ නම ඒක වුනාට
    ඌ දේවදත්තයෙක් නෙමේ

    මේකෙ ඉන්න අනිත් මෝඩ රැල වගේ..
    දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම ගෞතම බුදුන්ගේ මස්සිනාය. දේවදත්ත විසින් සංඝයා වහන්සේලා භේද කළ බවට වාර්තා තිබේ. මෙම සංඝ භේදය සාර්ථක නොවීය. මන්ද යත් දේවදත්තගේ අනුගාමිකයන් සියලු දෙනා නැවත බුදුන් වහන්සේ වෙත ආපසු පැමිණි බැවිනි. මෙයින් පසු දේවදත්තටද එසේ කිරීමට අවශ්‍ය විය. දේවදත්ත ගැන විස්තර කිරීමේදී නිතරම සඳහන් කරන කරුණක් වන්නේ ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හා ඥාණවන්ත භාවයට ඊර්ෂ්‍යා කළ පුද්ගලයෙකු ලෙසිනි. එමෙන්ම ආගමික ශාස්තෲවරයෙකු වීමේ අවශ්‍යතාවයද ඔහුට තිබුණේය.

    පිරිසිදු ධාර්මික ජීවිතයක් ගෙන යමින් බෞද්ධ භික්ෂුවක වීමට ඔහුට මුලින් තිබුණු ආශාව ඇත්තෙන්ම නිර්මල අදහසක් විය. එහෙත් කිසියම් අද්භූත බලවේගයකින් ඔහුගේ සිතිවිලි දූෂණය විය. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360

    මම ඔය සේරම දන්නව :P කියෝල තියෙනව

    එයත් පස්සෙ කාලෙක පසේ බුදු කෙනෙක් වෙලා සංසාර ගමන නිමා කරනව, ඔහොම කතාවක් මම අහල තියෙනව
     
    Last edited: