සිංහල නරි.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,635
    6,816
    113

    ලංකවේ නරි.

    ''අපේ නරියා අනෙක් ක්ෂීරපායින් වගේ නෙමෙයි, එයා කුරුල්ලෙක් වගේ සිංදු කියනවා. එයා අඬනවා. එයා කෙකර ගානවා. හරිම වෝකල්. අපි දන්නා විදියට නරියා වගේ වචන භාවිත කරන අනෙක් ලංකාවේ එකම ක්ෂීරපායි සතා කළු වඳුරා''

    ශ්‍රී ලංකාවේ නරියාගේ නාද රටාව, චර්යාව සහ පරිණාමය පිළිබඳව අධ්‍යනය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්වවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ සොයා ගැනීම් පළමු වරට BBC සිංහල සේවයට අනාවරණය කරන ලදී.

    ''අපේ නරියා අනෙක් ක්ෂීරපායින් වගේ නෙමෙයි, එයා කුරුල්ලෙක් වගේ සිංදු කියනවා. එයා අඬනවා. එයා කෙකර ගානවා. හරිම වෝකල්. අපි දන්නා විදියට නරියා වගේ වචන භාවිත කරන අනෙක් ලංකාවේ එකම ක්ෂීරපායි සතා කළු වඳුරා'' යනුවෙන් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සම්පත් සෙනවිරත්න විස්තර කළේය.
    අතීතයේ පටන් ජනප්‍රවාද, සාහිත්‍ය හා කලාව හා බැඳුනු නරියා ගැන විවිධ තොරතුරු අප දැන සිටිය ද නරි ගැන පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු වී නැත.
    රක්ෂිත ප්‍රදේශ තුළ නරි දක්නට ලැබුණ ද ඉන් පිටත ජිවත් වූ නරින්ගේ ගහනය අඩු වී තිබේ.
    එබැවින් නරියාගේ චර්යාව, ආහාර රටාව, ප්‍රජනනය, පැවැත්මට එල්ල වී ඇති තර්ජන මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා නරියා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ද පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

    උපුටාගැනීම - https://www.bbc.com/sinhala/sri-lanka-66396639
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    සිංහල නරි = ගෙවල් වල හදන බල්ලෝ දෙගොල්ලොම වැඩකට නෑ
    cat-slap.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,951
    113
    බල්ලෙක් නෙවෙයි

    මුන් මාර හුරතල්නේ බලන් ගියාම

    මට පොඩි කාලේ ඔයින් එකෙක් වදුරෙක් එහෙම ඇති කරන්න හෙන ආසාවක් තිබ්බේ.
    ------ Post added on Nov 7, 2023 at 3:16 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    මට පොඩි කාලේ ඔයින් එකෙක් වදුරෙක් එහෙම ඇති කරන්න හෙන ආසාවක් තිබ්බේ.
    ------ Post added on Nov 7, 2023 at 3:16 AM
    වෙලාවට මගෑරුනේ:yes: අම්මට එපාවෙයි නරිවඳුරෙක් එක්ක තව එවුන් හදන්න ගියානම් 😄

    නරි ෆොම් බම්ප්
    නරි ෆෝම් කරලා රටකට වෙච්ච හරිය මදිද ?
    1699318683447.jpeg

    ------ Post added on Nov 7, 2023 at 6:28 AM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    2004 වගේ මන් ඉස්ස්කොලේ යන කාලෙ උන් පාන්දර 6ට වගේ වෙල්යාය පාමුලට ඇවිත් හු කියනව. ඒකාලෙ හතර පස් දෙනෙක් ගෙ රංචුවක් හිටියා. ඊට අවුරුදු හතරකට වගේ පස්සෙ මුන් පෙන්න හිටියෙ නෑ. ඒ කාලේ ඌරො එහෙම පේන්නවත් හිටියේ නැ. එකට දැන් ඌරො මදිවට රිලව් මොණරු ඉත්තෑ වො ඕනතරම් ඉන්නව. නරි හිටපු කාලෙ මේ සත්තු සමබර වුනා, පාලනය උනා මිනිස්සුන්ට කරදරයක් තිබුන්නෑ. නරි වද වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2004 වගේ මන් ඉස්ස්කොලේ යන කාලෙ උන් පාන්දර 6ට වගේ වෙල්යාය පාමුලට ඇවිත් හු කියනව. ඒකාලෙ හතර පස් දෙනෙක් ගෙ රංචුවක් හිටියා. ඊට අවුරුදු හතරකට වගේ පස්සෙ මුන් පෙන්න හිටියෙ නෑ. ඒ කාලේ ඌරො එහෙම පේන්නවත් හිටියේ නැ. එකට දැන් ඌරො මදිවට රිලව් මොණරු ඉත්තෑ වො ඕනතරම් ඉන්නව. නරි හිටපු කාලෙ මේ සත්තු සමබර වුනා, පාලනය උනා මිනිස්සුන්ට කරදරයක් තිබුන්නෑ. නරි වද වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද...

    Habitat loss
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    බල්ලෙක් නෙවෙයි

    මට පොඩි කාලේ ඔයින් එකෙක් වදුරෙක් එහෙම ඇති කරන්න හෙන ආසාවක් තිබ්බේ.
    ------ Post added on Nov 7, 2023 at 3:16 AM
    නීතියෙන් තහනම් නේද.. ☹️☹️

    2004 වගේ මන් ඉස්ස්කොලේ යන කාලෙ උන් පාන්දර 6ට වගේ වෙල්යාය පාමුලට ඇවිත් හු කියනව. ඒකාලෙ හතර පස් දෙනෙක් ගෙ රංචුවක් හිටියා. ඊට අවුරුදු හතරකට වගේ පස්සෙ මුන් පෙන්න හිටියෙ නෑ. ඒ කාලේ ඌරො එහෙම පේන්නවත් හිටියේ නැ. එකට දැන් ඌරො මදිවට රිලව් මොණරු ඉත්තෑ වො ඕනතරම් ඉන්නව. නරි හිටපු කාලෙ මේ සත්තු සමබර වුනා, පාලනය උනා මිනිස්සුන්ට කරදරයක් තිබුන්නෑ. නරි වද වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද...
    වඳවෙලා නම් නෑ සමහරවිට එක එක පැති වලට සංක්‍රමණය වෙලා ඇති, අවුරුද්දකට කලින් වගේ news එකක් ගියා මතකයි හොරණ පැත්තෙද කොහෙද ගමකට මුන්ගෙන් කරදර වෙනවා කියලා
    ------ Post added on Nov 9, 2023 at 11:53 PM