මෙන්න ලංකවේ ඉන්න නරින් ගැන ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්.
ලංකාවේ නරියා වඳ වීම මොනරු වැඩි වීමට හේතු වුණා' BBC Sri Lanka
ශ්‍රී ලංකාවේ නරියාගේ නාද රටාව, චර්යාව සහ පරිණාමය පිළිබඳව අධ්‍යනය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්වවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ සොයා ගැනීම් පළමු වරට BBC සිංහල සේවයට අනාවරණය කරන ලදී.
''අපේ නරියා අනෙක් ක්ෂීරපායින් වගේ නෙමෙයි, එයා කුරුල්ලෙක් වගේ සිංදු කියනවා. එයා අඬනවා. එයා කෙකර ගානවා. හරිම වෝකල්. අපි දන්නා විදියට නරියා වගේ වචන භාවිත කරන අනෙක් ලංකාවේ එකම ක්ෂීරපායි සතා කළු වඳුරා'' යනුවෙන් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සම්පත් සෙනවිරත්න විස්තර කළේය.
අතීතයේ පටන් ජනප්‍රවාද, සාහිත්‍ය හා කලාව හා බැඳුනු නරියා ගැන විවිධ තොරතුරු අප දැන සිටිය ද නරි ගැන පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු වී නැත.
රක්ෂිත ප්‍රදේශ තුළ නරි දක්නට ලැබුණ ද ඉන් පිටත ජිවත් වූ නරින්ගේ ගහනය අඩු වී තිබේ.
එබැවින් නරියාගේ චර්යාව, ආහාර රටාව, ප්‍රජනනය, පැවැත්මට එල්ල වී ඇති තර්ජන මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා නරියා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ද පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.