අද කේන්දරේ බලවගන්න ආපු ගෑණුකෙනෙක් මනෝ කාය ගැන එයාගේ අත්දැකීමක් කිවුවා. එයා ඉස්කෝලේ යන කාලේ දවසක් ගෙදර ඇවිත් මහන්සියට ඇඳේ වැතිරිලා ඉද්දි එකපාරට පාවෙලා වගේ කොහෙටද ගියාලු. පස්සේ ඒ දැකපු දේවල් අම්මට කිවුවාම අම්මා කිවුවලු ඒ මාතලේ අම්මලාගේ මහගෙදර කියලා. ඒ වෙනකොට ඒ ගේ කඩලා ඉඩමත් විකුණලා මෙයාලා නුගේගොඩ පදිංචියට ඇවිල්ලා ලු හිටියේ. මේ වගේ දේවල් නිසා මනෝ කාය වගේ දේවල් බොරුමයි කියලා ප්රතික්ෂේප කරන්නත් බැහැ.
