ඔහෙට නම් ඉතින් මොකෝ ලස්ස ගණන් පඩි නෙ.
හැට හැත්ත දහ ගන්න අපි තමා අමාරුව දන්නෙ
හිනා වෙලා හිටියට මටත් ඒ ගැන හිතට බොහොම අමාරුයි සහෝදරය.
බලන්න මේ සමාජය,
අද එක මනුස්සයෙක්ගෙ මාස පඩිය, තව කෙනෙක්ගෙ සතියට මත්පැන් වියදමටය්හ් අඩුයි.
අද එක මනුස්සයෙක්ගෙ දවල් කෑම එක, තව මනුස්සයෙක්ගෙ දවස් පඩියටත් වැඩියි.
අද එකෙක්ගෙ දවසෙ ආහාරයෙ තියන කිරි ප්‍රොටීන් වලට වඩා, තවකෙක්ගෙ සබන් කෑල්ලෙ තියන කිරි ප්‍රොටින් ප්‍රමානය වැඩියි.
අද කෙනෙක්ගෙ ගෙදර බල්ල මස් මාලු එක්ක වේල් 3ක් කනකොට, තව එකෙක්ගෙ හැදෙන ලමයට බිත්තරයක්ව්ත් නෑ.
මෙතන වැරැද්දක් තියනව සහෝදරය.
මේකට ක්‍රම වේදයක් හදන්න ඕන, විහිලු නෙවෙ