ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සමාජයේ ඉන්න මිනිස්සු එක්ක කතාකරාම මට ආපු අදහසක් මේක.මේකට උබලා එකග වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.මම කියන්නේ මට හිතුන දේ..උබලට හිතෙන දේත් කියාගෙන පලයල්ලා..

    ලන්කාවේ දන්න කියන ඕනි මිනිහෙක් එක්ක කතාකරොත් විශේශයෙන් තරුණ වයසේ උන්.වයස 50ට අඩු වගේ හැමෝම හදන්නේ ගොඩ යන්න..ඒ කියන්නේ මේ ගොඩ යන්න එහෙම නැත්තම් කෝටිපතියෙක් වෙන්න ට්‍රයි කරන ට්‍රයි කෙරිල්ලේ හැටියට ඕක හරියනවනම් තව අවුරුදු පහක් විතර යද්දී ලන්කාවේ ඉන්නේ කෝටිපතියෝ විතරයි.පොඩි පොඩි රස්සා කරන්න.(කම්කරු රස්සා.අතුගාන රස්සා.වාහන හෝදන රස්සා.සෙකියුරිටි වගේ රස්සා) මේවා කරන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ තව අවුරුදු පහක් යද්දි.ඔක්කොම මිලියනපතියෝ.මේක කවදාවත් මෙහෙම වෙන්නේ නෑ.ඇති නැති පරතරයක් හැමදාම තියනවා.දුප්පත් මිනිස්සු හැමදාම ඉන්නවා සමාජයේ.

    දැන් උබලා කියයි ඒක ඇත්ත ඒත් ගොඩයන කොටසට එකතුවෙන්න තමයි හැම එකාම පොරකන්නේ කියලා.හරි ඒත් ඔන්න ඔය පොරය නිසා.. ඔය ගොඩ යනවා කියලා ගෙවල් උකස් තියලා ඉඩම් උකස් තියලා පිරමිඩ් වගේ ඒවට අහුවෙලා සල්ලි නැති කරගන්නේ..රට යන්න ගිහින් ලක්ශ ගනන් එක එකාට දීලා කෙලවගන්නේ අනික් ගොඩක් රටවල් වලට වඩා ලන්කාවේ එවුන්.මම ඔය ගියපු ගොඩක් රටවල් වලදි දැක්කා. දුප්පත් අය ඉන්නවා ගොඩක් වියට්නාමේ එහෙම උන් සල්ලි හම්බකරලා ඒ සල්ලි ටිකෙන් සතුටින් ජීවත් වෙනවා.උන් කෝටිපතියෝ වෙන්න ආසා නැතුව නෙමෙයි.ඒත් ලන්කාවේ උන්ට වගේ පිස්සුවක් නෑ.ඒ රටේ ෆේස්බුක් වගේ ඒවගේ කාගෙහරි බෙන්ස් එකක් දාලා මෙන්න හීන අන්න ගොඩගියා.අපෙත් හීනේ.කවදාහරි හීනෙට පලයන් ගගා වැලලෙන්නේ නෑ.උන් හම්බ කරන සල්ලි ටිකෙන් සතුටෙන් ඉන්නවා.

    ලන්කාවේ බහුතරයක් උන් සල්ලි හම්බකරන්න පොරකනවා මිසක් ජීවිතේ විදින්නේ නෑ.මම දන්න ලක්ශ 200/300 බැන්කුවේ තියන උන් මාරම ගොඩක් ඉන්නවා බස් වල ගාටන..බයිසිකලේ ගාටන..හරියට කැමක් බීමක් නොකන..උනුත් කියන්නේ උන්ට ගොඩයන්න ඕනිලු.සමහරුන්ට දැන් වයස 45යි.කවදාවත් උන් හරියට කාලා ඇදලා නෑ..රටකට ගිහින් ඇවිත් නෑ.ආසා වාහනයක් පැදලා නෑ..මොනවද බන් මේ ජීවිත.අපේ ගමේ මම දන්න කොල්ලෙක් ඉන්නවා කොරියා ගිහින් ඇවිල්ලා ලක්ශ 300ක් බැන්කුවේ දාන් ඉන්නේ.මම හිතන්නේ මාසේ පොලියම එනවා ලක්ශ 2ට වැඩිය.ඒ පොලියත් ඒකටම එකතුවෙන්න දාලා ඌ බස් වල ගාට ගාට ඔහේ ඉන්නවා රටවත් යන්න ඕනි කිය කිය..ඔයවගේ බහුතරයක් උන්ට කවදාවත් ජීවිතේ විදින්න හම්බවෙන්නේ නෑ.ඔය තියන සල්ලිත් නැතිකරගන්නවා කොයි වෙලේ හරි හම්බකරන වැඩකට ආයෝජනය කරන්න ගිහින්..සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් ලක්ශයක් (ලන්කාවේ රුපියල් කෝටි 3ක් කියමු) සුද්දෙකුටත් ලොකුම ගානක්..ඔය දියුණු කියන රටවලත් සමහර සුද්දෝ ඉන්නවා වයස 50 කිට්ටු වෙනකොට හම්බකරලා එකතු කරගන්න මුලු සේසතම ඩොලර් ලක්ශයයි..ඒකෙන් ඌ කාලා බීලා ඇවිදලා ජොලියේ ඉන්නවා.

    මම කියන්නේ ගොඩයන්න ට්‍රයි කරන්න එපා කියලා නෙමෙයි.මෙන්න මේ ලන්කාවේ උන්ගේ තියන ගොඩයන පිස්සුවට අහුවෙන්න එපා කියලා.මගේ අදහස මිනිහෙක් සල්ලි හම්බකරනවා වගේම ඒකෙන් ජීවිතේ විදින්නත් ඕනි.ඒක ගොඩගිහිම් ඉවරවෙලා කරන්න තමා මෙහේ උන් ගොඩක් ප්ලෑන් කරලා තියෙන්නේ.ඒක වැරදී කියන එකයි කියන්නේ.පුලුවන් තරම් ගොඩයන්න ට්‍රයි කරපල්ලා..හැබැයි ඒ වගේම සල්ලි ටිකක් එකතු කරගත්තම ඒවා ටිකක් වියදම් කරලා ජීවිතේ සතුටින් හිටපල්ලා..හැම එකාම බිලියනපතියෝ වෙන්නේ නෑ.

    අනික් විශේශම දේ..ලන්කාවේ උන් හිතන් ඉන්නවා ලන්කාව තමා ලෝකේ ජරාම රට වෙන රටකට පැනගත්තනම් සුපිරි කියලා.ඔය පැරීසියේ එහෙම මහ දවල් වාහනවල වීදුරු කඩලා කල්ලෝ බඩු උස්සපු සිද්දියක් මම ඇස් දෙකට දැකලා තියනවා.ඔය ඇමරිකාවේ සමහර පැතිවල වැලක රෙද්දක් වනලා තියන්න බෑ උස්සනවා.ලන්කාවේ කලාතුරකින් වත් අහන්න ලැබෙන්නේ නෑනේ..උබලට කවදහරි වෙලා තියනවද වාහනේ පාරේ දාලා ගියාම එනකොට වීදුරු කඩලා බඩු උස්සලා..ඔය ඉතාලියේ ප්‍රංශයේ හරියට වෙනවා.මමනම් ගිහින් ගිහින් දන්නවා ඕවා මාද්‍ය වල පෙන්නන තරම් සුරන්ගනා ලෝක නෙමෙයි කියලා.

    කොහොමහරි මම කියන්නේ මෙච්චරයි ..මහන්සිවෙලා සල්ලි හම්බකරන්න ගේමක් ගහපල්ලා.හැබැයි ජීවිතෙත් විදපල්ලා.ලක්ශ 100ක් වත් එකතුකරලා ඊට පස්සෙත් ඒකෙන් තව තව හොයනවා ගොඩයනවා ගගා නොකා නොබී ඇමනෙන් නැතුව ජීවිතේ එන්ජෝයි කරන්නත් කීයක් හරි වියදම් කරපල්ලා..අඩුම ඉන්දියාවටවත් ගිහින් ඇවිල්ලා නැත්තම් ලැජ්ජා වෙයල්ලා.

    උබලට ජය.....
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Godak minissunta tinne taragayak e tarage inne mama hitanne 40%tath adu pramanayak

    Eth un dagalanawa wedi ekai highlight wenne…

    Lankawe anith minissu normally sathutin jivathwenawa ban.oya rata gihin ana eun arage mehe game aka gahanawa kiya kiya dagalanawa..lankawe 10%k witara oya kiwwa wage pothe salli dagena widawanawa .
    E itin e e minissunge heti.matanam kohe hari comfortable nam e athi.onawata wada uda pennoth bima tamai eka tamai aththa.onawata wada loba wenna hodath nee ehama akakuth tinawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ෂිරා කතාව , ගොඩක් උන් විදින් නෑ විදවනවා , ගොඩක් උන් සෑහිමකට පත් වෙන් නෑ උන්ට සල්ලි තිබ්බත් සිහින මවන්නේ බිල් ගේට්ස් ගානටා ආවොත් තමා උන් ගොඩ ගියා කියලා හිතෙන එතකං කඹුරනවා . සමහර උන් ලමයි වෙනුවෙන් කඹුරනවා උන්ට ඉතුරු කරනවා අන්තිමට ලමයි ඒවා අරන් උන්ට පුකට පයින් ගහලා එලවනවා .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,830
    18,653
    113
    නොදැක්ක හෙටක් වෙනුවෙන් අද කැප කරල කරල හති වැටිල ඉන්නෙ හුගක්.
    අනාගතය ගැන හිතන්න ඕනෙ නෑ නෙමෙයි. හැබැයි වර්ථමානය තමයි වැදගත්ම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    ලංකාවේ උන් හෙන පව්. උන්ට තේරෙන්නේ නෑ තමන්ගේ මට්ටමින් ජීවිතය විඳින හැටි. අනුන් කරන කරන දේවල් කරන්න ගිහිල්ලා එක්කෝ තියෙන සල්ලි ටික නාස්ති කරගන්නවා. නැත්තං උන් වගේ ජීවිතය විඳින්න තව සල්ලි ඕන කියලා, සල්ලිම ගොඩ ගහ ගහ ඉඳලා මැරිලා යනවා. තමන්ගේ මට්ටමට හරියන්න ගේ හදා ගන්න වාහනයක් ගන්න බෑ අනුන් එක්ක තමන් සංසන්දනය කරන්න ගිහිං.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    හරි විදියට ගොඩ යන්න හදන ගොඩක් එවුන්ට කෙළවෙනවා ලංකාවේ. ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා. බිස්නස් කරන්න(විශේෂයෙන් අලුතෙන්) නුසුදුසු රටක් විදියට ලංකාව ඉන්ඩෙක්ස් වල පහළින් තියෙන්නෙ නිකන් නෙවෙයි

    අන්න ඒක තේරුම් අරන් එක්කෝ වැරදි සිස්ටම් එකට අනුගත වෙනවද, නැත්තං වෙන දෙයක් කරනවද කියන එක මත ඔය “ගොඩයනවාද” නැද්ද කියන එක වෙනස් කරගන්නත් පුලුවන් කොටසකට.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    රට යන උන් නම් ලංකාවට නොඵන ඵකමයි හොඳ..මම දන්න උනුත් ලංකාවට අැවිල්ල අවුරුද්දකින් දෙකකින් අර හම්බකරන් අාපු ඔක්කොම සල්ලි වියදම් කරගන්නවා..සීයක් ගත්තොත් ඵකෙක් දෙන්නෙක් තමා ගොඩයන්නේ.රට හිටපු උන් ලංකාවට අාවහම ඵහේ හිටියා වගේ තමා ජීවත් වෙන්න හදන්නේ..ඉතිං කෙලවෙනවා..ඊට පස්සේ ලංකාවට බැණ බැණ අායෙත් රට යනවා..සල්ලි හම්බකරාට වැඩක් නෑ ඒ සල්ලි මැනේජ් කරන්න දැනුමක් නැත්නම්.හැබැයි ඔය හැමදේටම වාසනාවත් බලපානවා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු හැමෝම එකවගේ හිතන්නෙ නෑ.

    කෙනෙකුට ජිවිතේ සාර්ථකයි කියල හිතෙන්නෙ දරුවෝ හදල, කාල බීල, ඇවිදලා සතුටින් ඉන්න එක වෙන්න පුළුවන්.​
    තව කෙනෙකුට ජිවිතේ සාර්ථකයි කියල හිතෙන්නෙ බැංකුවේ සල්ලි තියෙන එක වෙන්නත් පුළුවන්. වයසට ගියාම කාටවත් අත පාන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි කියල හිතන අයත් ඉන්නව.​
    සමහරු ආගම ඔලුව උඩ තියාගෙන සතුටින් ඉන්නවා.​
    තවත් සමහරු වයසට ගියත් කාටහරි අංචියක් ඇදල සතුටු වෙනවා.​

    මගේ අදහස තමන් කැමති විදිහට ඉන්න පුළුවන් නම් ඒක තමයි ජිවිතේ කියල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    Na.. Lankawe inne amu kammaliyo….
    laid back and chill eke bahutharaya inne… 😂

    Dakunu rate oya % eka adui
     
    • Like
    Reactions: SLhuman