ප්‍රාඩෝ සේෆ්ටි මදි කියයි?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අරූ වැදුනෙ ප්‍රාඩෝ එකක ගිහිං නෙවෙයි බං ලැන්ඩ්කෲසර් සහරා V8 එකක ගිහිං. ඒක කොහොමත් සේෆ් ප්‍රාඩෝ එකට වඩා දන්න විදිහට. මුං ඊලගට හැම එකාටම හෙලිකොප්ටරේ ගානෙ ගෙන්න ගනීද දන්නෑ 🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මංත්‍රී ජීවිත අවධානමේ ගරු කථානායකතුමනි , අලුතෙන් වාහන ගේන්න බලපත්‍ර ලබා දෙන්න ඕනේ. මේ දැන් තියෙන වාහන අවුරුදු 6-7ක් පරණයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අරූ වැදුනෙ ප්‍රාඩෝ එකක ගිහිං නෙවෙයි බං ලැන්ඩ්කෲසර් සහරා V8 එකක ගිහිං. ඒක කොහොමත් සේෆ් ප්‍රාඩෝ එකට වඩා දන්න විදිහට. මුං ඊලගට හැම එකාටම හෙලිකොප්ටරේ ගානෙ ගෙන්න ගනීද දන්නෑ 🤣
    වාහනේ දැක්කාම පේනවා බන් කොහොම ස්පීඩ් එකක ගිහින්ද කියලා. වාහනේ ඔහොම කුඩු උනා නම් ප්‍රාඩෝ සහරා නෙවෙයි ඔයිට වඩා Safety වාහනයක් වැදුනත් ලොකු ඩැමේජ් එකක් වෙනවා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අරූ වැදුනෙ ප්‍රාඩෝ එකක ගිහිං නෙවෙයි බං ලැන්ඩ්කෲසර් සහරා V8 එකක ගිහිං. ඒක කොහොමත් සේෆ් ප්‍රාඩෝ එකට වඩා දන්න විදිහට. මුං ඊලගට හැම එකාටම හෙලිකොප්ටරේ ගානෙ ගෙන්න ගනීද දන්නෑ 🤣
    ඔය කිසිම දෙයක් ඇතුලේ හැංගිලා කර්මයන් ගෙලව්න්න නම් බැහැ,
    මෙන්න මේක ඉතාලියේ උන දෙයක්.

    වේගය එක්ක අනතුරු වැඩි වෙන්නේ exponential විදිහට.
    ඉතින් කොච්චර මොන safety තිබුනත් වැඩක් නැහැ,
    කර්මයයි වේගයයි තියනවනම් අනතුරු වෙනවා ඕනේ තරම් ඉඩ තියනව කරුමයට.



    ලොකු වාහන තියනවා කියල නිකන් බොරුවට රගන්න එපා, container bus උනත් ඔච්චර තමයි.

    වාහනේ දැක්කාම පේනවා බන් කොහොම ස්පීඩ් එකක ගිහින්ද කියලා. වාහනේ ඔහොම කුඩු උනා නම් ප්‍රාඩෝ සහරා නෙවෙයි ඔයිට වඩා Safety වාහනයක් වැදුනත් ලොකු ඩැමේජ් එකක් වෙනවා.
    මෙතන අත්තටම කර ගන්න දෙයක් තිබිලා නැහැ වගේ මට නම් පෙන්නේ.
    පස්සෙන් අපු එකත් කඩාගෙන බිදගෙන ඇවිල්ල තියනව. මුත් එහම තමයි. පස්සෙන් අපු එකා මුට කලින් overtake කරන්න
    දකුණට දාල, දැන් මුට කර ගන්න දෙයක් නැහැ. 170 වට වගේ ගිය බූරුවෙක්ට දඩු මොනරේ තිබ්බත් එච්චර ඉක්මනට 70වක් අඩු කරලා 100ට වගේ ගන්න බැහැ speed match වෙන්න. බූරුවට කර්මය set උනා මෝඩකම එක්කම.
    එකයි උනේ.
    ------ Post added on Jan 25, 2024 at 6:29 PM

    100ට ගියා නම් , 60කට වගේ ගන්න පුළුවන් තත්පර 5-10ක් අතර ස්මූත් විදිහට.
    මෙහම අනතරු වෙන්නේ නැති විදිහට තමයි highway plan කරන්නේ. highway design එකේ අවුලක් නැහැ, පදවන බූරුවොන්ගේ අවුල.
    උපරිම වේග සීමාව 100 නම් 100ය, මේ autoban නෙමයි නේ. මේක 300ට යන්න design කරලා නැහැ.
    ------ Post added on Jan 25, 2024 at 6:32 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මෙ වාහනයේ air bag activate උන බවකුත් නෑ.
    මෙකේ Pre-Collision System එක නැති, එහෙම නැත්නම් function වෙන්නෙ නැති වාහනයක්.
    මේව තිබුනනම් impact එක අවම වෙනවා.
    මෙ මනුස්සය seat belt දාගෙන හිටිය නම් බේරෙනව .
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    https://www.facebook.com/share/v/ryosmNXjNynB4aFn/?mibextid=CmRSLE

    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෝකයට උපකාර කරයි❤️
    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෙඩ හොද කරයි❤️

    දොස්තරලා ඉස්පිරිතාල කුමටද අපගේ දෙවියන් වහන්සේ ලෙඩ සුවකර දෙද්දි
    රස්සා කුමටද දෙවියන් වහන්සේ සල්ලි මවලා දෙද්දි
    ලමයි නැතුව අඩන්නේ මොකටද දෙවියන් වහන්සේ ලමයෙක් සාදා දෙද්දි
    සමලිංගික ආසාවකින් පෙලෙන්නේ ඇයි දෙවියන් වහන්සේ ජීවමානව පැමින ඔබව සතුටු කරද්දි
    ෆෝන් එකේ බැටරි නැතුව දුකින් ඉන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ චාජ් කරද්දි


    දවස් 7න් ලෝකය මවපු එතුමට මේවා කජ්ජක්ද.මැරිලත් නැගිට්ට අපගේ සමිදේ.ඔබ අපගේ රිමය තුමියගේ කුසට ආවේ සංසර්ගයේ යෙදී නොව ප්‍රාතිහාරයකින්❤️❤️.අදම එකතු වන්න අපගේ සමිදේ සමග.මාසෙට 5000යි බඩු මල්ලයි නිවසටම ලබාදෙන්නම්❤️❤️.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    main-qimg-cf661cd79f75ce284bbf0e6ed4ee182b-lq

    ඕහොම මැරෙන්න වේගෙන් යන්නම ඕන නෑ. ඇමේනියාවට ටේල්ගේට් කරන් ආවම ලෝකේ තියෙන හොඳම වාහනේ හිටියත් ඉස්සරහා එකා බ්‍රේක් කරපු ගමන් උඩ බාගේ දිවියලෝකේ යට බාගේ අපායේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    මෙ වාහනයේ air bag activate උන බවකුත් නෑ.
    මෙකේ Pre-Collision System එක නැති, එහෙම නැත්නම් function වෙන්නෙ නැති වාහනයක්.
    මේව තිබුනනම් impact එක අවම වෙනවා.
    මෙ මනුස්සය seat belt දාගෙන හිටිය නම් බේරෙනව .
    Airbag deployed
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1st collision ekedi air bag activate wenawa.. 2nd eka wete wadinakota air bag na.eki case eka mata penne.
    100 කියල කියන්නේ මචන් SL highway එකේ උපරිම වේග limit එක,
    overtake කරන කොට වත් 100ට වඩා වැඩි කරන්න බැහැ. එකයි නීතිය.
    නීතය පැත්තකින් තියමු, දැන් ඔය නීති දාල තියින්නේ දේශපලනය කරන බල්ලෝ ටිකද?
    නැහැ එහම නෙමයි. ඔය නීති suggest කරලා තියින්නේ highway එක engineer කරපු engineers ලා set එක.
    100ට වැඩිය යන්න එපා කියල limit එකක් දාල තියින්නේ හිතලුවකින් අපු මනෝ පාරක් නිසා නෙමයි.
    ඔය road එකේ curve , material safety analyze කරලා international experts ලා හිටන් ඇවිල්ල නියම කරපු number එකක් ඕක.
    ඔතනට statistics උනත් හොදට සම්බන්දයි. අන්තිම expert driver කෙනෙක් එලවොඅත් මැද්දෙන් මොනරෙක් පැන්නොත් driver panic වෙලා පිස්සු නටනවා සමහර විට.

    highway එකේ නීතිය අකුරටම කියාත්මක කරන්න කියල දෙවියන්ගේ නමෙන් ඉල්ලනවා ! පිස්සු කෙලින උන්ට ලොකු දඩ දෙන්න ඕනේ මාසයක් 2ක් බස් එකේ එන්න. අනික් දේ තමයි වේගය නැටුවත් බැරි දෙයක්, business කරන එකෙක්ට පානදුර ඉදන් මාතරට යන්න පෙය 4ක් යනවනම් වැඩක් නැහැ නේ. speed එක ඕනේ එත් safety first. අනික් දේ තමයි වැදගත්ම දේ, තමන් කොච්චර ලොක්කෙක් උනත් තමන්ගේ සහ අනික් අයගේ ජීවිත තමන්ගේ කාලයට වඩා ගොඩක් වටිනා බව තේරුම් කරන්න ඕනේ.


    කව්රු කොහොම කිවත් , කිසිම යන්ත්‍රයක් engineer කරන්න බැහැ ඔය වගේ මෝඩ ගොනනු ආරක්ෂා කර ගන්න.
    laws of physics වලට ඔය කියන ගමේ ලොකු කම් අදාළ නැහැ. Aircraft හිටන් accident වෙනවා. කර ගන්න දෙයක් නැතුව
    ඔය අසරණ උනේ අන්තිම මොහොතේ.

    උන දේ හොදටම පැහැදිලියි, මුන් ගොන්නු set එක අවා 170 ට වගේ. එකා පිටි පස්සේ එකා. පිටිපස්සේ හිටපු හරකා මුට කලින් overtake කරන්න දැම්ම දකුණු පැත්තට, මුට කර ගන්න දෙයක් නැහැ, වේගය පාලනය කර ගන්නත් බැහැ , කොච්චර හොද break system එකක් තිබුනත් එකට laws of physics වෙනස් කරන්න බැහැ !