20,000ට අඩුවෙන් නම් 2 ,3 ,4 Tiers වල ටැබ්ලට් බ්‍රෑන්ඩ්වලින් එකක් උඹට ලේසියෙන්ම ගන්න පුලුවන්.
Tiers කිව්වේ මේ පෙන් ටැබ්ලට් හදන කම්පැණි ටික.
Tier 1
Wacom
Tier 2
Huion
XP-Pen
Tier 3
Xencelabs
Gaomon
Ugee
Artisul
Tier 4
Veikk
Parblo
Tier 5
අනිත් ඔක්කොම වැඩිය ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ්ස් මේ ගොඩට වැටෙන්නේ.
Wacom ඇරුණම අනිත් ඔක්කොම වගේ චයිනීස් බ්‍රෑන්ඩ්ස්.
Wacom නම් යන්නේ 20ට උඩින්. දන්න විදියට
One by Wacom tab එක තමයි දැනට උන්ගේ අඩුම මිල යන්නේ.
25කට එකක් තිබ්බා ලංකාවේ.
Link
පාවිච්චි කරපු එකක් ගන්නවා නම් Wacom තමයි පුතී.වෙන බ්‍රෑන්ඩ් වලට නොයා ඉන්න තරමට හොඳයි 2nd Hand එකක් ගන්නවා නම්.
ස්ක්‍රීන් සයිස් එක Medium වුනාම ඇති උඹ දාලා තියෙන වැඩවලට නම්. Wacom මීඩියම් සයිස් එක 8x5 වගේ. අනිත් චයිනීස් බ්‍රෑන්ඩ්ස් වල මීඩියම් සයිස් එක 6x4 වගේ.
Small සයිස් එකට යන්න එපා-ඉඩ අඩු නිසා අතට අමාරුයි
A4 සයිස් එකට වඩා ලොකු ඒවා ගන්නත් එපා-අත කැක්කුම හැදෙන්න ගනියි ,අත මූව් කරන්න වෙන ප්‍රමාණය වැඩි වෙන හින්දා.
සයිස් එක කිව්වේ පෙන් එක පාවිච්චි කරන්න පුලුවන් කොටසේ දිග සහ පළල(Active Area)
Ex: One by Wacom Medium size tab එකේ Active Area එක 8.5 x 5.3 in
Wacom එකකට යනවා නම් 20ට වැඩි වෙයි.
20ට අඩුවෙන් ගන්නවා නම් Daraz,Aliexpress හරි ලංකාවේ සයිට් දෙක තුනක් තිබ්බා.ඒවායේ බලන්න.
Ex:
Teir 4 - VEIKK Voila L 10 x 6 In - Daraz -
Link [Teir 4 වල ඉන්න බ්‍රෑන්ඩ් එකක්.උන්ගේ අලුත්ම ටැබ් එක Voila L .මුන්ගේ ස්ට්‍රෝ එකේ මීට අඩුවෙන් පරණ ටැබ් මොඩල්ස් තියෙනවා.ප්‍රොපෙෂනල් වැඩවලට නම් රෙකමන්ඩ් කරන්න බෑ ඒ පරණ මොඩල්ස් නම්(ඩ්‍රයිවර්ස්.. පෙන් ලැග් වෙන සීන් . වගේ ලෙඩ තියෙනවාලු ) ]
Aliexpress
Teir 2 :
Huion XP-Pen
තව Ugee,VEIKK වගේ චයිනීස් බ්‍රෑන්ඩ් ටැබ් ඕන තරම් අලිඑක්ස්ප්‍රස් එකෙන් හොයාගන්න පුලුවන්.තර්ඩ් පාර්ට් ස්ට්‍රෝවල මිල හුගක් අඩුයි ඕෆිෂියල් ස්ටෝර් වලට වඩා.එහෙම තැනකින් ගත්තම වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තමයි අවුල එන්නේ.
ඩාරාස් එකෙත් Huion tabs තිබ්බා.උන් ගේ official daraz store එකේ දැන් tabs මොකුත් පෙන්නන්නේ නම් නෑ.
Aliexpress ගන්නවා නම් දැන් බදු එහෙම වැදිලා තමයි එනවා ඇත්තේ අනිවාර්යෙන්ම.ඉස්සර නම් මේකේ කීප දෙනෙක් ගෙන්නලා තිබ්බා.ඒ දවස් වල එක් කෙනෙකුට බද්ද ගෙවන්න වුනා.අනිත් කෙනාට බදු නැතුවම බඩු ඇවිත් තිබ්බා..දැන් නම් වැට් එක අනිවා වදිනවා ඇති.රටින් ගේනවාද,මෙහේ ෂොප් එකකින් ගන්නවාද කියලා හිතලා බලපන්..